ද්විත්ව ශතක සමාජයේ අලුත් ම සාමාජිකයා පවන්

Major Club 03 Day League Tournament 2025

2
Pavan-Rathnayaka

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව් වැනි සතිය හෙවත් අවසන් සතියේ තරග අද (29) 2 වැනි දිනයට අවසන් වෙද්දී CCC කණ්ඩායමේ පවන් රත්නායක ද්විත්ව ශතකයක් ලබා ගත්තා.

Police SC සහ Ace Capital CC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Police SC

කාසියේ වාසිය දිනා ගත් Police නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 286ක් ලබා ගන්නවා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Ace Capital කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 310ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රනේෂ් සිල්වා. ඔහු පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 88ක් ලබා ගන්නවා.

ඊට අමතර ව පවන් පතිරාජ පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 68ක් ද සහ පවන්ත වීරසිංහ පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 43ක් ද ලබා ගන්නවා.

ඔවුන්ගේ ඉනිමේ ලකුණු 250කට කඩුලු 9ක් දැවී ගොස් තිබිය දී අංක 10 පිතිකරු ලෙසින් පිටියට පිවිසි නායක රොෂාන් ජයතිස්ස චමෝද් බට්ටගේ ද එක් කර ගනිමින් අවසන් කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් එක් කරනවා.

එහි දී රොෂාන් ජයතිස්ස පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නා ලද අතර චමෝද් බට්ටගේ ලබා ගන්නේ ලකුණු 4ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 139කට කඩුලු 5ක් ද සහ රශ්මික හිරුෂාන් ලකුණු 41කට කඩුලු 4ක් ද දවා ගන්නවා.

තරගයේ 2 වැනි දිනය අවසන් වන විට ලකුණු 24ක් පසු පස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 30ක් ලබා සිටියා.

එහි දී වනුජ සහන් ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (85.0) සංගීත් ශෙහාර 40, නදීර බාලසූරිය 130, ප්‍රියමාල් පෙරේරා නොදැවී 83, ඉසිත විජේසුන්දර 3/76, චමෝද් බට්ටගේ 3/57
  • Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (83.0) පවන්ත වීරසිංහ 43, පවන් පතිරාජ 68, රනේෂ් සිල්වා 88, රොෂාන් ජයතිස්ස 56, දිලුම් සුදීර 5/139, රශ්මික හිරුෂාන් 4/41
  • Police SC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 30 (10.4) වනුජ සහන් 2/11

Police කණ්ඩායම ලකුණු 6ක් ඉදිරියෙන්.

Moors SC සහ CCC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – CCC

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් CCC ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා සිටි අතර අද ඔවුන් තමන්ගේ එම ඉනිම අවසන් කරන්නේ සියලුම දෙනා දැවී ලකුණු 561ක් ලබා ගනිමින්.

පෙර දිනයේ තරගය නතර කරන විට පවන් රත්නායක නොදැවී ලකුණු 83ක් ලබා සිටි අතර අද ඔහු එම ඉනිම ද්විත්ව ශතකයක් කරා රැගෙන ගියා. ඔහු ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 221ක් ලබා ගත්තා. ඒ සමඟින් ඔහු පළමු පෙළ තරග පිටියේ ලකුණු 4000 කඩඉම පසු කිරිමට ද සමත් වෙනවා.

ඔහු චමිඳු විජේසිංහ හා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 252ක දී ලකුණු 200ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී චමිඳු විජේසිංහ පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලුකණු 65ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී සංතුශ් ගුණතිලක ලකුණු 56කට කඩුලු 3ක් ද සහ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 106කට කඩුලු 3ක් ද සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 69කට කඩුලු 2ක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Moors ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබා සිටියා. එහි දී ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුනු 44ක් ද සහ සදීර සමරවික්‍රම පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව මේ වන විට 3 වැනි නොදැවී එක් කරන ලද ලකුණු සබඳතාව 65ක්. කඩුලු දවා ගැනීමේ දී දුල්නෙත් සිගේරා සහ දුවිඳු රණතුංග කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 561 (132.3) නිශාන් මදුශ්ක 94, දුල්නිත් සිගේරා 30, ධනංජය ද සිල්වා 64, පවන් රත්නායක 221, චමිඳු විජේසිංහ 65, සංතුශ් ගුණතිලක 3/56, ප්‍රවීන් ජයවික්‍රම 3/106, රමේෂ් මෙන්ඩිස් 2/69
  • Moors SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 108 (30.0) ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 44, සදීර සමරවික්‍රම නොදැවී 35

Moors කණ්ඩායම ලකුණු 453ක් පිටුපසින්.

  • Colts CC සහ NCC අතර තරගය මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colts CC

කාසියේ වාසිය දිනා ගත් ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 431ක් ලබා ගන්නවා.

පෙර දිනයේ දී ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 393ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිමට පෙර දිනයේ නොදැවී ලකුණු 160ක් ලබා සිටි කමිල් මිෂාර අද තම ඉනිම ලකුණු 187ක් දක්වා රැගෙන ගියා. ඔහු එම ඉනිම වෙනුවෙන් පන්දු 192කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් ද එක් කර තිබුණා. එම ඉනිම කමිල් මිෂාර ගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.

කඩුලු දවා ගැනීමේ දී කවිශ්ක අංජුල ලකුණු 83කට කඩුලු 4ක් ද සහ අකිල දනංජය ලකුණු 140කට කඩුලු 3ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 280ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දිනේෂ් චන්දිමාල්. ඔහු පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 144ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 38 වැනි ශතකයයි.

ඔහුට අමතර ව සංගීත් කුරේ පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ද නායක ධනංජය ලක්ෂාන් පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 431 (89.2) නිරෝෂන් දික්වැල්ල 54, ලහිරු උදාර 94, කමිල් මිශාර 187, අහන් වික්‍රමසිංහ 20, කවිඳු පතිරත්න 30, කවිශ්ක අංජුල 2/66, අකිල දනංජය 3/121
  • Colts CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 280 (65.0) සංගීත් කුරේ 40, දිනේෂ් චන්දිමාල් 144, ධනංජය ලක්ෂාන් 30, චාමික කරුණාරත්න 2/45, ලසිත් ඇඹුල්දෙණිය 2/69

Colts කණ්ඩායම ලකුණු 151ක් පිටුපසින්.

BRC සහ Bloomfield C & AC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – BRC

කාසියේ වාසිය දිනා ගත් BRC ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 475ක් ලබා ගන්නවා. ඔවුන් අද තරගය ආරම්භ කරන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 308ක් ව තිබියදීයි.

පෙර දිනයේ ලකුණු 79ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටි ප්‍රමෝද් මදුවන්ත අද තම පළමු පෙළ තරග දිවියේ 8 වැනි ශතකය වාර්තා කරනවා. ඔහු 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 281කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 166ක් ලබා සිටියා.

ඊට අමතර ව චාමික හීනටිගල පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුවිඳු තිලකරත්න ලකුණු 58කට කඩුලු 3ක් ලබා ගත් අතර ඊට අමතර ව සහන් නානායක්කාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Bloomfield ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 129ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජනිත් ලියනගේ. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර  5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා. ඊට අමතර ව රොන් චන්ද්‍රගුප්ත පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 475 (139.0) රිසිර වීරසූරිය 58, රිසිත් උපමාල් 25, ප්‍රමෝද් මදුවන්ත 166, රමිඳු විජේසූරිය 77, චාමික හීනටිගල 65, යසිරු රොද්‍රිගෝ 26, දුවිඳු තිලකරත්න 3/58, සහන් නානායක්කාර 2/45, ජෙෆ්රි වැන්ඩර්සේ 2/68
  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 129 (31.0) රොන් චන්ද්‍රගුප්ත 34, ජනිත් ලියනගේ නොදැවී 36, නිපුන් කරුණානායක නොදැවී 23, මොහොමඩ් ශිරාස් 4/33

Bloomfield කණ්ඩායම ලකුණු 346ක් පිටුපසින්.

මෙම තරග හෙට (30) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<