නුගේගොඩට ලකුණු 13ක ජයක්

Major Clubs T20 Tournament 2025

21
T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් අද (28) පැවැත්වීමට නියමිත ව තිබුණ ද ඉන් තරග 5ක් ම වර්ෂාව හේතුවෙන් එකඳු හෝ පන්දුවක් හෝ නොයවා අතහැර දැමෙද්දී පැවැති එක ම තරගයෙන් ලකුණු 13ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Nugegoda S & WC කණ්ඩායම සමත් වුනා.

Chilaw Marians CC කණ්ඩායම සමඟ කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පස්වරුවේ පැවැත්වී පැවැති මෙම තරගයේ දී Nugegoda S & WC කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. තම ඉනිමේ කඩුලු 3ක් ලකුණු 4කට දැවී ගොස් තිබිය දී ඔහු අක්‍රම් මුතාලිබ් සමඟ එක් වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 91ක සබඳතාවක් ගොඩ නගමින් තම කණ්ඩායමට සවියක් වුනා.

එහි දී අක්‍රම් මුතාලිබ් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සම්මු අශාන් ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර අද පෙරවරුවේ කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ NCC සහ CCC අතර තරගයත්, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ  BRC සහ Tamil Union C & AC අතර තරගයත් සහ කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Kurunegala Youth CC සහ Baduraliya SC අතර තරගත් වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

සවස් වරුවේ කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Bloomfield C & AC සහ Colts CC අතර තරගයත් සහ කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Moors SC සහ Ace Capital CC අතර තරගයත් ඒ හේතුවෙන් ඒ ආකාරයෙන් ම අතහැර දැමුණා.

පැවැති තරගයේ කෙටි ලකුණු පුවරුව

Nugegoda S & WC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – කඩුලු 6ක් දැවී 110 (13.0) ඇන්ජලෝ පෙරේරා 57, අක්‍රම් මුතාලිබ් නොදැවී 31, සම්මු අශාන් 4/25
  • Chilaw Marians CC කඩුලු 8ක් දැවී 97 (13.0) සකුණ ලියනගේ නොදැවී 30, අකිල ඩිල්ශාන් 3/30, අබ්දුල් හකම් 2/25, සුවත් මෙන්ඩිස් 2/10

Nugegoda S & WC කණ්ඩායමට ලකුණු 13ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<