Moors පිට පිට තෙවැනි ජයත් ලබයි

Major Clubs Limited Over Tournament 2025

136
Major Clubs Limited Over Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (13) අවසන් වූ අතර එහි දී Moors SC කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිට ලැබු තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව ඔවුන් මේ වන විට B කාණ්ඩයේ 2 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. එහි පළමු ස්ථානය හිමි ව ඇත්තේ Colts CC කණ්ඩායමයි.

අද පැවැති තරග අතුරින් Ace Capital CC කණ්ඩායමේ 23 හැවිරිදි වියේ පසුවෙන දකුණත් මැද පෙළ පිතිකරු රනේෂ් සිල්වා Panadura SC කණ්ඩායමට එරෙහි ව ශතකයක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ 2 වැනි ශතකය වන අතර ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද එය පත් වෙනවා.

ඔහුට අමතර ව Colts CC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන 24 හැවිරිදි වියේ පසුවෙන මුදිත ලක්ෂාන් තම පළමු පෙළ එක්දින තරග දිවියේ ඉහළ ම දක්ෂතාව දැක් වීමට ද සමත් වෙනවා. ඔහු BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 34කට කඩුලු 6ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා.

මේ අතර අද දවසේ දී Chilaw Marians CC කණ්ඩායමේ සකුණ ලියනගේ (68), Tamil Union C & AC කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාතන් (53), Kurunegala Youth CC කණ්ඩායමේ වතිල උදාර (52), CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක (නොදැවී 76), Nugegoda SWC කණ්ඩායමේ පැතුම් කුමාර (59), Panadura SC කණ්ඩායමේ විශේන් හැළඹගේ (67) අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වෙනවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

NCC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • NCC– සියලුම දෙනා දැවී 238 (49.2) ජීවක සශින් 36, කවින් බණ්ඩාර 45, අහන් වික්‍රමසිංහ 22, රමිරු පෙරේරා 41, අශේන් ඩැනියෙල් 32, සිතුම් දිසානායක 2/50, ඉරුෂ්ක තිමිර 4/24, මෙලන් හංසක 2/39
  • Chilaw Marians CC – සියලුම දෙනා දැවී 192 (46.4) සම්මු අශාන් 26, සකුණ ලියනගේ 68, නිම්සර අතරගල්ල 21, සහන් ආරච්චිගේ 2/22, ලසිත් ඇඹුල්දෙණිය 3/53

NCC කණ්ඩායමට කඩුලු 46ක ජයක්.

Tamil Union C & AC සහ Baduraliya SC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Tamil Union C & AC – සියලුම දෙනා දැවී 209 (48.5) ඉසිවර දිසානායක 41, මිනෝද් භානුක 36, ශාරුජන් ශන්මුගනාතන් 53, ලහිරු සමරකෝන් 20, කවිඳු නිර්මාල් 20, සෙනාල් ද සිල්වා 3/39, කේශර නුවන්ත 2/38, රුචිර කෝශිත 2/28
  • Baduraliya SC – සියලුම දෙනා දැවී 134 (48.2)ඩිල්ශාන් ද සොයිසා 46, මානස මදුභාෂණ 31, තීසාන් විතුසාන් 3/28, සචිත ජයතිලක 2/22, විජයකාන්ත් වියස්කාන්ත් 2/25

Tamil Union C & AC කණ්ඩායමට ලකුණු 75ක ජයක්.

Panadura SC සහ Ace Capital CC අතර තරග Panadura ක්‍රීඩාංගණයේ දී.

  • Ace Capital CC – කඩුලු 7ක් දැවී 312 (50.0) තනුජ රාපක්ෂ 40, නිමේෂ් ගුණසිංහ 20, රනේෂ් සිල්වා නොදැවී 121, තීරක රණතුංග 35, විනුෂ්ක සිල්වා නොදැවී 32, කමලනාතන් දිනේෂ්ශංකර් 2/78, දුශාන් හේමන්ත 4/65
  • Panadura SC – සියලුම දෙනා දැවී 302 (41.2) විශේන් හැළඹගේ 67, කංචන ද ලිවේරා 30, සසිඳු මල්ශාන් 21, දුශාන් හේමන්ත 47, නිසල තාරක 37, නිමේෂ් විමුක්ති 38, මලින්ත සිල්වා 25, දනාල් හේමානන්ද 2/40, ට්‍රෙවීන් මැතිව් 2/60, රවීන් ද සිල්වා 2/40

Ace Capital CC කණ්ඩායමට ලකුණු 10ක ජයක්.

CCC සහ Kurunegala Youth CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 190 (50.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 20, තරින්ද විජේසිංහ 21, වතිල උදාර 52, දිනුක තෙන්නකෝන් නොදැවී 21, විශ්ව ප්‍රනාන්දු 3/17, ධනංජය ද සිල්වා 2/24, ඉනුක කරන්නාගොඩ 3/44
  • CCC – කඩුලු 4ක් දැවී 194 (34.3)ලසිත් කෲස්පුල්ලේ 21, නිශාන් මදුශ්ක නොදැවී 76, ධනංජය ද සිල්වා 25, අංජල බණ්ඩාර 20, පවන් සංදේශ් නොදැවී 26

CCC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Moors SC සහ Nugegoda SWC අතර තරගය කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda SWC – සියලුම දෙනා දැවී 132 (33.4)කෙවින් පෙරේරා 20, පැතුම් කුමාර 59, මිලාන් රත්නායක 2/29, හිවින් කෙනුල 3/29, රමේෂ් මෙන්ඩිස් 2/18, ප්‍රවීන් ජයවික්‍රම 2/26
  • Moors SC – කඩුලු 4ක් දැවී 135 (26.0)සිතාර ගිම්හාන් 28, සදීර සමරවික්‍රම නොදැවී 41, රමේෂ් මෙන්ඩිස් 37,

Moors SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

BRCසහ Colts CC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – සියලුම දෙනා දැවී 238(46.2)සංගීත් කුරේ 34, ඇන්ජලෝ මැතිව්ස් 45, ධනංජය ලක්ෂාන් 31, කවිශ්ක අංජුල 28, සනෝජ් දර්ශික 24, මුදිත ලක්ෂාන් 37, මර්වින් අභිනාශ් 2/26, චාමික හීනටිගල 4/30
  • BRC –සියලුම දෙනා දැවී 123 (32.2) යසිරු රොද්‍රිගෝ නොදැවී 32, ඩිල්ශාන් මදුශංක 2/27, මුදිත ලක්ෂාන් 6/34

Colts CC කණ්ඩායමට ලකුණු 115ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<