රමේෂ් පිට පිට තෙවැනි අර්ධ ශතකයත් වාර්තා කරයි

Major Clubs Limited Over Tournament 2025

32
Major Clubs Limited Over Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් (09) අවසන් වෙද්දී Moors කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් මෙවර තරගාවලියේ පිට පිට වාර්තා කරන තෙවැනි අර්ධ ශතකයත් වාර්තා කිරීමට සමත් වෙනවා.

ඔහු මෙවර Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව අර්ධ ශතකයක් වාර්තා කළ අතර ඊට පෙර CCC කණ්ඩායමට සහ Colts කණ්ඩායමට එරෙහි ව ද අර්ධ ශතක ඉනිම් ගොඩ නැගුවා. ඊට පෙර පැවැති Bloomfield කණ්ඩායම හා තරගයේ දී ඔහුට අර්ධ ශතකය අහිමි වෙන්නේ එක් ලකුණකින්.

මේ අතර නිමා වූ තරගවල දී BRC කණ්ඩායමේ චාමික හීනටිගල (53) සහ දිනිරු අබේවික්‍රමසිංහ (98), Bloomfield C & AC කණ්ඩායමේ ජනිත් ලියනගේ (51), නිපුන් කරුණානායක (නොදැවී 90) සහ රවිඳු ප්‍රනාන්දු (58), Chilaw Marians CC කණ්ඩායමේ තනුක දාබරේ (62) සහ කසුන් විදුර (නොදැවී 74), Kurunegala Youth CC කණ්ඩායමේ රශ්මික මදුශංක (නොදැවී 75) Moors SC කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 69), Colts CC කණ්ඩායමේ සංගීත් කුරේ (81), සහ කවිශ්ක අංජුල (55) සහ Nugegoda S & WC කණ්ඩායමේ කෙවින් පෙරේරා (70) ද අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුණා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Baduraliya SC සහ Police SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

Baduraliya SC – සියලුම දෙනා දැවී 89 (22.1) කේශර නුවන්ත 18, චාරුක ප්‍රමෝද් 2/22, නවීන් ප්‍රනාන්දු 3/31, දිලුම් සුදීර 2/16

 

Police SC – කඩුලු 4ක් දැවී 90 (14.0) චතුරංග ජයතිලක 42, මානස මදුභාෂණ 2/27

Police SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Kurunegala Youth CC සහ Moors SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

Kurunegala Youth CC – කඩුලු 7ක් දැවී 196 (50.0) දිල්හාර පොල්ගම්පොළ 33, රශ්මික මදුශංක නොදැවී 75, ප්‍රවීන් ජයවික්‍රම 2/16

 

Moors SC – කඩුලු 6ක් දැවී 199 (43.3) ජනිශ්ක පෙරේරා 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 73, ශෙහාන් ප්‍රනාන්දු 48, මිලාන් රත්නායක නොදැවී 19, දේශාන් සෙනෙවිරත්න 2/63, අරවින්ද ප්‍රේමරත්න 3/37

Moors SC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Chilaw Marians CC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – කඩුලු 8ක් දැවී 266 (50.0) තනුක දාබරේ 62, තරිඳු අමරසිංහ 49, සම්මු අශාන් 30, කසුන් විදුර නොදැවී 74, හිරාන් ජයසුන්දර 20, විජයකාන්ත් වියස්කාන්ත් 2/45, සචිත ජයතිලක 3/51

 

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 261 (48.2) සිතාර හපුහින්න 31, සිනෙත් ජයවර්ධන 45, මිනෝද් භානුක 35, තෙවිඳු සේනාරත්න 38, සාරුජන් සම්මුගනාදන් 28, සචිත ජයතිලක 39, නිම්සර අතරගල්ල 3/59, තනුක දාබරේ 4/47, රවිඳු රත්නායක 2/28

Chilaw Marians CC කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

Colts CC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

Colts CC – කඩුලු 9ක් දැවී 275 (50.0) සංගීත් කුරේ 81, ධනංජය ලක්ෂාන් 39, ඇන්ජලෝ මැතිව්ස් 27, මුදිත ලක්ෂාන් 34, කවිශ්ක අංජුල 55, අබ්දුල් ශිරාද් 2/50, රාහුල් ගුණසේකර 2/51

 

Nugegoda S & WC – සියලුම දෙනා දැවී 191 (44.1) පසිඳු පැතුම් 25, කෙවින් පෙරේරා 70, රාහුල් ගුණසේකර 20, අක්‍රම් මුතාලිබ් 34, ඩිල්ශාන් මදුශංක 2/35, මුදිත ලක්ශාන් 2/11, කවිජ ගමගේ 2/26, සංගීත් කුරේ 2/23

Colts CC කණ්ඩායමට ලකුණු 84ක ජයක්.

Bloomfield C & AC සහ BRC අතර තරගය කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.

Bloomfield C & AC – කඩුලු 5ක් දැවී 313 (50.0) රොන් චන්ද්‍රගුප්ත 39, ජනිත් ලියනගේ 51, නිපුන් කරුණානායක නොදැවී 90, රවිඳු ප්‍රනාන්දු 58, ලහිරු මදුශංක 37, තරුක්ෂ අශේල් 2/53

 

BRC – කඩුලු 8ක් දැවී 302 (50.0) තරුක්ෂ අශේල් 45, චාමික හීනටිගල 53, දිනිරු අබේවික්‍රමසිංහ 98, මොවින් සුබසිංහ 24, මර්වින් අබිනාශ් 35, දුලාජ් සමුදිත 2/61, තරින්ද ගුරුගේ 2/48

Bloomfield C & AC කණ්ඩායමට ලකුණු 11ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<