ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 4 වැනි සතියේ වාර්තා වූ එක ම ජයග්‍රහණය Moors කණ්ඩායම විසින් හිමි කර ගත්තා. ඒ ACE Capital කණ්ඩායමට එරෙහි ව ඉනිමක සහ ලකුණක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
මේ අතර නිමා වූ අද (29) දවසේ දී Bloomfield කණ්ඩායමේ ජනිත් ලියනගේ, Nugegoda කණ්ඩායමට එරෙහි 2 වැනි ඉනිමේ දී ද ලකුණු 102ක් ලබා ගත්තා. ඔහු පළමු ඉනිමේ දී ද ශතකයක් ලබා ගත් අතර ඔහු විසින් වාර්තා කරන ලද මෙම ඉනිම පන්දු 118කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහරක් ද එක් කළා.
ඔහුට අමතර ව එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු මිනෙත් ප්‍රේමරත්න පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා. එය ඔහුගේ 16ක් වන පළමු පෙළ තරග දිවියේ මංගල ශතකයයි.
මේ අතර BRC කණ්ඩායමේ ප්‍රමෝද් මදුවන්ත Baduraliya කණ්ඩායමට එරෙහි ව පන්දු 313කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 125ක් ලබා ගත්තා. එය ඔහුගේ 57ක් වන පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකය වන අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 3000 කඩඉම පසු කිරීමට ද සමත් වුණා.
ඔවුන්ට අමතර ව Nugegoda කණ්ඩායමේ කෙවින් පෙරේරා (නොදැවී 51), Panadura කණ්ඩායමේ දුශාන් විමුක්ති (57), Chilaw Marians කණ්ඩායමේ සම්මු අශාන් (77) සහ කසුන් විදුර (නොදැවී 52), Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් (74), ඇන්ජලෝ මැතිව්ස් (93), මුදිත ලක්ෂාන් (නොදැවී 60) සහ කවිශ්ක අංජුල (නොදැවී 55), Kurunegala Youth කණ්ඩායමේ ගයාන් මනීශාන් (77), දිල්හාර පොල්ගම්පළ (58) සහ මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 82, BRC කණ්ඩායමේ යසිරු රොද්‍රිගෝ (53) සහ Moors කණ්ඩායමේ මිලාන් රත්නායක (නොදැවී 64) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යවන්නන් අතුරින් ACE Capital කණ්ඩායමේ වනුජ සහන් ලකුණු 121කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ තරග දිවියේ කඩුලු 200 කඩඉම පසු කළා. ඔහුට අමතර ව Bloomfield කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු (5/44) ද පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.
- විශ්ව චතුරංග දිනයේ එක ම ශතකලාභියා වෙයි
- මිලාන් පළමු පෙළ හොඳම පන්දු යැවීම වාර්තා කරයි
- නලින්, රවිඳු, සම්පත් සහ ඔෂද දක්ෂතා දක්වයි
A කාණ්ඩය
Bloomfield C & AC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Bloomfield C & AC
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (85.2) මිනෙත් ප්‍රේමරත්න 31, රොන් චන්ද්‍රගුප්ත 32, ජනිත් ලියනගේ 107, රවිඳු ප්‍රනාන්දු 38, ලහිරු මදුශංක 41, දුවිඳු තිලකරත්න නොදැවී 20, අනුක් ප්‍රනාන්දු 3/40, මධුක ලියනපතිරණගේ 3/70, සුවත් මෙන්ඩිස් 2/35
- Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (81.5) මධුක ලියනපතිරණ 60, තිලකරත්න සම්පත් 40, කෙවින් පෙරේරා 54, රාහුල් ගුණසේකර 73, දුවිඳු තිලකරත්න 4/53, රවිඳු ප්‍රනාන්දු 2/68, ජෙෆ්රි වැන්ඩර්සේ 2/58
- Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 365 (53.2) මිනෙත් ප්‍රේමරත්න නොදැවී 103, රොන් චන්ද්‍රගුප්ත 28, ජනිත් ලියනගේ 102, මධුක ලියනපතිරණගේ 2/56, අනුක් ප්‍රනාන්දු 2/25
- Nugegoda S & WC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 123 (46.0) කෙවින් පෙරේරා නොදැවී 51, ජෙෆ්රි වැන්ඩර්සේ 2/53, රවිඳු ප්‍රනාන්දු 5/44
තරගයේ විසඳුමක් නෑ. (Bloomfield කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)
Chilaw Marians CC සහ Panadura SC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Panadura SC
- Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (82.2) ලසිත් ලක්ෂාන් 53, සම්මු අශාන් 24, කසුන් විදුර නොදැවී 89, උදයවංශ පරාක්‍රම 30, තික්ෂිල ද සිල්වා 39, සිතුම් දිසානායක 20, ඉරුෂ්ක තිමිර නොදැවී 19, අසංක මනෝජ් 2/93, දුශාන් විමුක්ති 2/52, මහිත් පෙරේරා 2/16
- Panadura SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 326 (102.1) කාංචන ද ලිවේරා 44, විශ්ව චතුරංග 111, දුශාන් විමුක්ති 57, සසිඳු මල්ශාන් 48, දුශාන් හේමන්ත නොදැවී 20, තික්ෂිල ද සිල්වා 3/67, සම්මු අශාන් 3/92
- Chilaw Marians CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 211 (48.0) තරිඳු අමරසිංහ 37, සම්මු අශාන් 77, කසුන් විදුර නොදැවී 52, දුශාන් විමුක්ති 3/45, දුශාන් හේමන්ත 2/41
තරගයේ විසඳුමක් නෑ. (Panadura කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)
CCC සහ Colts CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – CCC
- CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 595 (120.5) ලසිත් කෲස්පුල්ලේ 155, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා 88, පවන් රත්නායක 77, සොනාල් දිනූෂ නොදැවී 55, සහන් කෝසල 81, අකිල ධනංජය 3/106, දුනිත් වෙල්ලාලගේ 2/144
- Colts CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 453 (140.0) රවිඳු රසාන්ත 47, සංගීත් කුරේ 50, ධනංජය ලක්ෂාන් 74, ඇන්ජලෝ මැතිව්ස් 93, මුදිත ලක්ෂාන් නොදැවී 60, කවිශ්ක අංජුල නොදැවී 55, විශ්ව ප්‍රනාන්දු 2/62, නිශාන් පීරිස් 3/130
තරගයේ විසඳුමක් නෑ.
- ශ්‍රී ලංකාවට ගෞරවාන්විත පරාජයක්
- පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනා ගනී
- ලෝක කුසලාන මූලික සංචිතයට 25ක්; නායකත්වය දසුන්ට
B කාණ්ඩය
NCC සහ Kurunegala Youth CC අතර තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
- Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (70.0) ධනුශ්ක ධර්මසිරි 21, ඩිල්හාර පොල්ගම්පළ 34, ලක්ෂාන් එදිරිසිංහ 74, දිනුෂ්ක මාලන් 32, කවිඳු පතිරත්න 5/48, ලහිරු කුමාර 3/25
- NCC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 301 (86.0) කමිල් මිෂාර 91, සහන් ආරච්චිගේ 64, කවින් බණ්ඩාර 38, ලහිරු කුමාර නොදැවී 22, ලහිරු කුමාර 3/54, දිනුශ්ක මාලන් 2/70, චාමිකර එදිරිසිංහ 2/104, සමීර සඳමාල් 2/49
- Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 306 (98.0) ගයාන් මනීශාන් 77, දිල්හාර පොල්ගම්පළ 58, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 82, සමීර සඳමාල් 31, සහන් ආරච්චිගේ 2/59
තරගයේ විසඳුමක් නෑ. (NCC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)
Baduraliya SC සහ BRC අතර තරගය කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – BRC
- Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (81.0) ඩිල්ශාන් ද සොයිසා 78, රොස්කෝ තට්ටිල් 40, විනුර දුල්සර නොදැවී 44, අලංකාර අසංක නොදැවී 26, මොහොමඩ් ශිරාස් 3/45, සහන් අදීශ අප්පුහාමි 2/39,
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (120.3) රිසිර වීරසූරිය 25, ප්‍රමෝද් මදුවන්ත 125, යසිරු රොද්‍රිගෝ 53, අලංකාර අසංක 3/65, චානක කොමසාරු 4/56, මාලින්ද පුෂ්පකුමාර 2/56
- Baduraliya SC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 57 (18.0) ඩිල්ශාන් ද සොයිසා 22, රුමේෂ් බුද්ධික 21, ශෂික දුල්ශාන් 3/14
තරගයේ විසඳුමක් නෑ. (BRC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)
ACE Capital CC සහ Moors SC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Moors SC
- ACE Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 252 (82.3) පවන්ත වීරසිංහ 54, රනේෂ් සිල්වා 61, රවීන් ද සිල්වා 68, ඉසිත විජේසුන්දර 23, ශිරාන් ප්‍රනාන්දු 2/57, මිලාන් රත්නායක 6/26
- Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 385 (105.3) සොහාන් ද ලිවේරා 82, පසිඳු සූරියබණ්ඩාර 48, සිතාර ගිම්හාන් 39, රමේෂ් මෙන්ඩිස් 62, ශෙහාන් ප්‍රනාන්දු 38, මිලාන් රත්නායක නොදැවී 64, වනුජ සහන් 5/121, හේෂාන් හෙට්ටිආරච්චි 2/91
- ACE Capital CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 132 (37.5) පවන් පතිරාජ 27, රනේෂ් සිල්වා 21, වනුජ සහන් 28, මිලාන් රත්නායක 4/29, ප්‍රවීන් ජයවික්‍රම 4/50
Moors කණඩායමට ඉනිමක සහ ලකුණක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















