ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ තරග අද (19) ආරම්භ වූ අතර එහි දී Police කණඩායමේ නායක අශේන් බණ්ඩාර තම පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කළා.
පළමු පෙළ 53 වැනි තරගයට ක්‍රීඩා කළ ඔහු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඉනිම හැර යද්දී පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 121ක් ලබා ගත්තා. ඔහු මෙම ඉනිම වාර්තා කරන්නේ Chilaw Marians කණ්ඩායමට එරෙහිවයි.
මේ අතර අද දවසේ සාර්ථක ම පන්දු යවන්නා බවට පත් වූයේ Kurunegala Youth කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන චාමිකර එදිරිසිංහ. ඔහු Baduraliya කණ්ඩායමට එරෙහි ව ලකුණු 77කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඔහු නිමා වූ සතියේ අවසන් දිනයේ ද BRC කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
දිනයේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් Bloomfield කණ්ඩායමේ ජනිත් ලියනගේ (56), Police කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා (69) සහ NCC කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ (97) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- සචිත, කවීන්, චාමිකර, ශිරාන් සහ කවිශ්ක දක්ෂතා දක්වයි
- කවිශ්ක අංජුල දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි
- රොෂේන් සිල්වා ලකුණු 10 000 සමාජයට
A කාණ්ඩය
Bloomfield C & AC සහ Colts CC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colts CC
- Bloomfield C & AC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (77.0)මිනෙත් ප්‍රේමරත්න 20, රොන් චන්ද්‍රගුප්ත 42, ජනිත් ලියනගේ 56, රවිඳු ප්‍රනාන්දු 28, ලහිරු මදුශංක 39, උදිත් මදුශාන් 4/43, අකිල ධනංජය 2/52, මුදිත ලක්ෂාන් 2/18
- Colts CC– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 4 (2.0)
Colts කණ්ඩායම තවත් ලකුණු 229ක් පිටුපසින්.
Police SC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Chilaw Marians CC
- Police SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 345 (88.0)ප්‍රියමාල් පෙරේරා 69, අශේන් බණ්ඩාර 121, විශාද් රන්දික 41, චතුරංග කුමාර 46, හිමේෂ් රාමනායක නොදැවී 24, ඉරුෂ්ක තිමිර 3/118, මෙලන් හංසක 2/109, නිම්සර අතරගල්ල 2/57
Panadura SC සහ Nugegoda S & WC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Nugegoda S & WC
- Panadura SC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 114 (46.0) දුශාන් විමුක්ති 40, සසිඳු මල්ශාන් 22, අබ්දුල් හකම් 2/39, අනුක් ප්‍රනාන්දු 4/40, ලොහාන් ද සොයිසා 3/17
- T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නැවතත් ක්රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුවට!
- මතීෂ ඉහළටම; ශ්‍රී ලංකාවෙන් 7ක් IPL යෑමට සූදානම්!
B කාණ්ඩය
NCC සහ Moors SC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Moors SC
- NCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 274 (72.0) කමිල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 97, කවින් බණ්ඩාර නොදැවී 67, චාමික කරුණාරත්න 46, රමේෂ් මෙන්ඩිස් 3/100, ප්‍රවීන් ජයවික්‍රම 2/50
Tamil Union C & AC සහ BRC අතර තරගය සූරියවැව, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – BRC
- Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 190 (52.0) නවෝද් පරණවිතාන 41, සිනෙත් ජයවර්ධන 27, ශාරුජන් ශන්මුගනාදන් 24, විශස් තෙව්මික 32, සචිත ජයතිලක නොදැවී 41, මොවින් සුබසිංහ 2/37
Kurunegala Youth CC සහ Baduraliya CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
- Baduraliya CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (76.5) රොශාන් විජේනායක 50, රුමේෂ් බුද්ධික 76, විනුර දුල්සර 37, දිනුශ්ක මාලන් 2/50, චාමිකර එදිරිසිංහ 5/77, ගයන වීරසිංහ 3/08
- Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 23 (11.0)බුද්ධික සංජීව 2/11
Kurunegala Youth කණ්ඩායම තවත් ලකුණු 188ක් පිටුපසින්.
මෙම තරග සියල්ල ම හෙට (20) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















