අංජල බණ්ඩාර ද්විත්ව ශතක සමාජයට එක් වෙයි

Major Club 03 Day League Tournament 2025

1
Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි ද්විත්ව ශතකය අද (18) වාර්තා වුණා. එම ද්විත්ව ශතකය වාර්තා කිරීමේ ගෞරවය ලබා ගත්තේ CCC කණ්ඩායම නියෝජනය කරන 21 වැනි වියේ පසුවෙන අංජල බණ්ඩාර.

ඔහු Police කණ්ඩායමට එරෙහි ව පෙර දින නොදැවී ලකුණු 121ක් ලබා සිටි අතර අද එම ඉනිම ද්විත්වය ශතකයක් කරා රැගෙන ගියේ තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් කර ගනිමිනුයි.

ඔහු 5 වැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් දිනූෂ සමඟ එකතු වෙමින් පන්දු 365ක දී ලකුණු 226ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී සොනාල් දිනූෂ පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 121ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 59ක 10 වැනි ශතකයයි.

මේ අතර Baduraliya කණ්ඩායමේ නායක ගීත් කුමාර Moors කණ්ඩායමට එරෙහි ව පන්දු 316කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 185ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 118ක 5 වැනි ශතකයයි.

Tamil Union කණ්ඩායමේ 19 වැනි වියේ පසුවෙන ශාරුජන් ශන්මුගනාදන් ද අද ශතකයක් වාර්තා කළා. ඔහු Ace Capital කණ්ඩායමට එරෙහි ව පන්දු 196කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා. එය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කරන ලද 2 වැනි ශතකයයි මේ.

මේ අතර Chilaw Marians කණ්ඩායමේ තනුක දාබරේ (87) සහ තරිඳු අමරසිංහ (88), Colts කණ්ඩායමේ රවිඳු රසාන්ත (නොදැවී 70) සහ සංගීත් කුරේ (නොදැවී 64), Baduraliya කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් (66), Moors කණ්ඩායමේ දිනුක ඩිල්ශාන් (69), Tamil Union කණ්ඩායමේ මිනෝද් භානුක (59),‍ NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල (65), ලහිරු උදාර (65) සහ අහන් වික්‍රමසිංහ (63) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Colts කණ්ඩායමේ අකිල ධනංජය සමත් වෙනවා. ඔහු Panadura කණ්ඩායමට එරෙහි ව ලකුණු 39කට කඩුලු 7ක් දවා ගත්තා. ඊට අමතර ව BRC කණ්ඩායමේ මර්වින් අබිනාශ් (6/105) සහ Moors කණ්ඩායමේ චානුක ඩිල්ශාන් (5/81) ද පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

>>රිසිත්, චන්දිමාල් සහ අංජල ශතක සමාජයට එක් වෙයි<<

A කාණ්ඩය

Bloomfield C & AC සහ Chilaw Marians CC අතර තරගය ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Bloomfield C & AC

  • Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (89.0) රොන් චන්ද්‍රගුප්ත 34, හසිත අමරසිංහ 46, අසිත වන්නිනායක 22, නිපුන් කරුණානායක 56, රවිඳු ප්‍රන්නාදු 40, ලහිරු මදුශංක 24, තරින්ද ගුරුගේ 21, දුවිඳු තිලකරත්න නොදැවී 31, තික්ෂිල ද සිල්වා 3/55, චලන ද සිල්වා 3/74, මෙලන් හංසක 2/61
  • Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 272 (81.0) තනුක දාබරේ 87, තරිඳු අමරසිංහ 88, සම්මු අශාන් 33, රවිඳු ප්‍රනාන්දු 3/107

Chilaw Marians කණ්ඩායම ලකුණු 40ක් පිටුපසින්.

Panadura SC සහ Colts CC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colts CC

  • Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (78.0) රවිඳු රසාන්ත 61, දිනේෂ් චන්දිමාල් 144, මුදිත ලක්ෂාන් 62, අසංක මනෝජ් 2/91, දුශාන් හේමන්ත 6/75
  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (50.0) ඔෂද ප්‍රනාන්දු 42, විශ්ව චතුරංග 34, සසිඳු මල්ශාන් නොදැවී 20, කවිශ්ක අංජුල 2/28, අකිල ධනංජය 7/39
  • Colts CC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 134 (42.0) රවිඳු රසාන්ත නොදැවී 70, සංගීත් කුරේ නොදැවී 64

Colts කණ්ඩායම ලකුණු 322ක් ඉදිරියෙන්.

CCC සහ Police SC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Police SC

  • CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 482 (136.5) ලසිත් කෲස්පුල්ලේ 34, අංජල බණ්ඩාර නොදැවී 200, සහන් කෝසල 46, සොනාල් දිනූෂ 121, චමිඳු විජේසිංහ 33, හිමේෂ් රාමනායක 2/60, නලින් ප්‍රියදර්ශන 2/155
  • Police SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 106 (41.0) ධනුජ ඉඳුවර 49, දුලාශ් උදයංග 22, නිශාන් පීරිස් 3/36

Police කණ්ඩායම ලකුණු 376ක් පිටුපසින්.

B කාණ්ඩය

Baduraliya SC සහ Moors SC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Baduraliya SC

  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 486 (133.4) සඳුන් වීරක්කොඩි 44, ලහිරු දවටගේ 32, රොෂාන් විජේනායක 53, ගීත් කුමාර 185, සුමින්ද ලක්ෂාන් 66, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 41, ටිලංග උදේශන 3/90, චානුක ඩිල්ශාන් 5/81
  • Moors SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 159 (38.3) දිනුක ඩිල්ශාන් 69, ලසිත් අබේරත්න 24, සොහාන් ද ලිවේරා 32, කේශර නුවන්ත 2/32

Moors කණ්ඩායම ලකුණු 327ක් පිටුපසින්.

BRC සහ NCC අතර තරගය මග්ගොන, Surrey Village   ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – NCC

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 396 (101.1) හෂාන් දුමිඳු 63, රිසිත් උපමාල් 151, ප්‍රමෝද් මදුවන්ත 30, රමින්ද විජේසූරිය 70, මොවින් සුබසිංහ 36, මොහමඩ් ශිරාස් 21, සම්පත් නිශ්ශංක 2/62, ශක්ති උදාර 3/122
  • NCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 333 (76.0) නිරෝෂන් දික්වැල්ල 65, ලහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 63, සහන් ආරච්චිගේ 29, චාමික කරුණාරත්න නොදැවී 34, කවිඳු පතිරත්න 35, මර්වින් අබිනාශ් 6/103

NCC කණ්ඩායම ලකුණු 63ක් පිටුපසින්.

Ace Capital CC සහ Tamil Union C & AC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ace Capital CC

  • Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (68.3) කවිඳු අමන්ත 36, රවීන් ද සිල්වා නොදැවී 62, ඉසිත විජේසුන්දර 35, තරිඳු රත්නායක 5/76, තීසාන් විතුසාන් 3/42
  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (26.0) සිතාර හපුහින්න 20, මිනෝද් භානුක 59, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 103, තරිඳු රත්නායක 31, විජයකාන්ත් වියස්කාන්ත් 31, රොෂාන් ජයතිස්ස 4/103, වනුජ සහන් 4/119
  • Ace Capital CC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 98 (23.0) කවිඳු අමන්ත නොදැවී 30, රනේෂ් සිල්වා 48, තීසාන් විතුශාන් 2/44

Ace Capital කණ්ඩායම ලකුණු 8ක් පිටුපසින්.

Tamil Union කණ්ඩායම ලකුණු 125ක් පිටුපසින්.

මෙම තරග සියල්ල හෙට (19) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<