ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ 2 වැනි දිනයේ දී අවිශ්ක තරිඳු සහ පවන්ත වීරසිංහ ශතක ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී චමෝද් බට්ටගේ දක්ෂතා දැක් වීමට සමත් වූවා.
ඒ අතුරින් පෙර දින නොදැවී ලකුණු 78ක් ලබා සිටි Police කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක තරිඳු Bloomfield කණ්ඩායමට එරෙහි ව පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 37ක සිව් වැනි ශතකය වන අතර එය ඔහුගේ හොඳම ඉනිම බවට ද එය පත් වුණා.
ACE Capital කණ්ඩායම නියෝජනය කරන පවන්ත වීරසිංහ Badureliya කණ්ඩායමට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 39ක 6 වැනි ශතකයයි.
පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය ACE Capital කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යැවූ චමෝද් බට්ටගේ සමත් වුණා. ඔහු Baduraliya කණ්ඩායමට එරෙහි ව ලකුණු 79කට කඩුලු 6ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ තරග 7ක හොඳම පන්දු යැවීමයි.
මේ අතර Panadura කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය (87), Tamil Union කණ්ඩායමේ විහස් තෙව්මික (63), NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න (62) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 96), Baduraliya කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් (51), ACE Capital කණ්ඩායමේ කවිඳු අමන්ත (75), Moors රමේෂ් මෙන්ඩිස් (65) සහ ශෙහාන් ප්‍රනාන්දු (51) Kurunegala Youth කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර (නොදැවී 50) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යවන්නන් අතුරින් Bloomfield කණ්ඩායමේ දුවිඳු තිලකරත්න (5/80) සහ Tamil Union කණ්ඩායමේ ලහිරු සමරකෝන් (5/34) දක්ෂ පන්දු යැවීම්වල නිරත වුණා.
- සොහාන් පළමු පෙළ ලකුණු 3000 සමාජයට
- පාකිස්තානය පහසු ජයක් කරා!
- බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ඉල්ලීමක්!
A කාණ්ඩය
Bloomfield C & AC සහ Police SC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Police SC
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (50.5) රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක 32, තරිඳු හර්ෂණ 23, රවිඳු ප්‍රනාන්දු 47, දුවිඳු තිලකරත්න 32, නිපුන් ප්‍රේමරත්න 2/55, චාරුක ප්‍රමෝද් 4/40, දිලුම් සුදීර 3/39
- Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (81.3) අවිශ්ක තරිඳු 116, ප්‍රියමාල් පෙරේරා 32, විශාද් රන්දික 24, චතුරංග කුමාර 33, නලින් ප්‍රියදර්ශන නොදැවී 20, දුවිඳු තිලකරත්න 5/80, රවිඳු ප්‍රනාන්දු 3/48
- Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 130 (37) මිනෙත් ප්‍රේමරත්න 34, රොන් චන්ද්‍රගුප්ත 22, තරිඳු හර්ෂණ 25, අසිත වන්නිනායක නොදැවී 21, දිලුම් සුදීර 2/48, නලින් ප්‍රියංකර 4/53
Bloomfield කණ්ඩායම ලකුණු 38ක් ඉදිරියෙන්.
Panadura SC සහ CCC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – CCC
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (83.2) නිශාන් මධුශ්ක 50, ලසිත් කෲස්පුල්ලේ 37, පවන් රත්නායක 116, සහන් කෝසල 20, අංජල බණ්ඩාර 38, දුශාන් විමුක්ති 7/87, විශ්ව ලහිරු 3/65
- Panadura SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 217 (78.0) ඉරෝෂ් සමරසූරිය 87, විශ්ව චතුරංග 22, කංචන ද ලිවේරා නොදැවී 43, දුශාන් විමුක්ති 25, සොනාල් දිනූෂ 3/52
Panadura කණ්ඩායම තවත් ලකුණු 92ක් පිටුපසින්.
Nugegoda S & WC සහ Colts CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colts CC
- Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 90 (41.0) පුලිඳු පෙරේරා 22, ලොහාන් ද සොයිසා නොදැවී 38, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 2/14
- පාකිස්තානය පහසු ජයක් කරා!
- T20 ලෝක කුසලානය වෙනුවෙන් SSC ක්‍රීඩාංගණය නවීකරණය වෙයි
- 19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
B කාණ්ඩය
NCC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 353 (107.2) නවෝද් පරණවිතාන 43, ඉසිවර දිසානායක 54, ශාරුජන් ශන්මුගනාදන් 87, සචිත ජයතිලක 28, විහස් තෙව්මික 63, ලහිරු සමරකෝන් 36, චාමික කරුණාරත්න 3/52, ශක්ති උදාර 3/107, සහන් ආරච්චිගේ 3/51
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (39.0) ලහිරු උදාර 20, චාමික කරුණාරත්න 62, ලහිරු කුමාර 47, ලහිරු සමරකෝන් 5/34, තීසාන් විතුශාන් 2/55
- NCC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 144 (21.0) නිරෝෂන් දික්වැල්ල නොදැවී 96, විනුක රූබසිංහ නොදැවී 34
NCC කණ්ඩායම තවත් ලකුණු 33ක් පිටුපසින්.
Baduraliya SC සහ ACE Capital CC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Baduraliya SC
- Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (86.0) ඩිල්ශාන් ද සොයිසා 37, සඳුන් වීරක්කොඩි 36, විනුර දුල්සර නොදැවී 67, සුමින්ද ලක්ෂාන් 51, අදීශ තිලංචන 34, වනුජ සහන් 4/95, චමෝද් බැට්ටගේ 6/79
- ACE Capital CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 312 (79.0) පවන්ත වීරසිංහ 100, නිමේෂ ගුණසිංහ 44, කවිඳු අමන්ත 75, කවිඳු කුලසේකර 27, වනුජ සහන් නොදැවී 38, අලංකාර අසංක 3/100
ACE Capital කණ්ඩායම ලකුණු 19ක් ඉදිරියෙන්.
Kurunegala Youth CC අතර Moors SC තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
- Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 441 (114.0) සදීර සමරවික්‍රම 43, සොහාන් ද ලිවේරා 139, සිතාර ගිම්හාන් 76, රමේෂ් මෙන්ඩිස් 65, ශෙහාන් ප්‍රනාන්දු 51, දිනූශ්ක මාලන් 2/62, සමීර සඳමාල් 2/38, චාමිකර එදිරිසිංහ 2/139
- Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 134 (37.0) ගයාන් මනීශාන් 23, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 50, ලක්ෂාන් එදිරිසිංහ 24
Kurunegala Youth කණ්ඩායම් තවත් ලකුණු 307ක් පිටුපසින්.
මෙම තරග සියල්ල හෙට (11) 3 වැනි සහ අවසන් දිනයට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















