අශේන්, චාමික සහ සමීර ශතක ලබා ගනී

Major Club 03 Day League Tournament 2025

55
Major Club 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියේ 2 වැනි දිනයේ දී අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න සහ සමීර සඳමාල් ශතක ලබා ගැනීමට සමත් වූණා.

පෙර දින Nugegoda කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 74ක් ලබා සිටි Police කණ්ඩායමේ අශේන් බණ්ඩාර අද ශතයක් ලබා ගනිමින් පෙර සතියේ දී වාර්තා කළ ද්විත්ව ශතකයේ උණුසුම ඒ ආකාරයෙන් ම රඳවා ගත්තා.

එය ඔහුගේ 54ක් වන පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකය වූ අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ තරග දිවියේ ලකුණු 3000 සීමාව පසු කිරීමට ද සමත් වෙනවා. ඔහු තම ඉනිම අවසන් කරන විට පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 103ක් ලබා සිටියා.

NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න Baduraliya කණ්ඩායමට එරෙහි ව පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 121ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 60ක 2 වැනි ශතකය මෙන් ම ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. එමෙන් ම මේ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 2000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා.

මේ අතර Kurunegala Youth කණ්ඩායමේ නායක සමීර සඳමාල් Tamil Union කණ්ඩායමට එරෙහි ව පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 106ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 49ක 5 වැනි ශතකයයි.

එම පිතිකරුවන්ට අමතර ව Panadura කණ්ඩායමේ නිමේෂ් විමුක්ති 52, Bloomfield කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න (50) සහ අසිත වන්නිනායක (64), Police කණ්ඩායමේ විශාද් රන්දික (91), කණ්ඩායමේ සොනාල් දිනූෂ (61), Chilaw Marian කණ්ඩායමේ හිරාන් ජයසුන්දර (54) සහ ACE Capital කණ්ඩායමේ වනුජ සහන් (58) අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ BRC කණ්ඩායමේ මොහොමඩ් ශිරාස්. ඔහු ACE Capital කණ්ඩායමට එරෙහි ව ලකුණු 32කට කඩුලු 5ක් දවා ගන්නවා.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Panadura SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Bloomfield C & AC

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 285 (79.4) කංචන ද ලිවේරා 21, විශ්ව චතුරංග 33, ෂෙහාන් ජයසූරිය 69, දුශාන් විමුක්ති 40, නිමේෂ් විමුක්ති 52, අසංක මනෝජ් 24, දුලාජ් සමුදිත 2/79, රවිඳු ප්‍රනාන්දු 2/63, දුවිඳු තිලකරත්න 2/27, ජෙෆ්රි වැන්ඩර්සේ 2/74
  • Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (50.5) මිනෙත් ප්‍රේමරත්න 50, අසිත වන්නිනායක 64, රවිඳු ප්‍රනාන්දු 23, අසංක මනෝජ් 4/41, මොහොමඩ් ඩිල්ශාඩ් 4/61, නිමේෂ් විමුක්ති 2/39
  • Panadura SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 61 (18.0) ෂෙශාන් ජයසූරිය 23, ලහිරු මදුශංක 2/07, රවිඳු ප්‍රනාන්දු 3/36

Panadura කණ්ඩායම ලකුණු 160 ඉදිරියෙන්.

Police SC සහ Nugegoda SW & C අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Nugegoda SW & C

  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 347 (92.0) ධනුජ ඉඳුවර 60, ප්‍රියමාල් පෙරේරා 23, අශේන් බණ්ඩාර 103, විශාද් රන්දික 91, චතුරංග කුමාර 24, නලින් ප්‍රියදර්ශන 24, නිපුන් මාලිංග 3/73, මධුක ලියනපතිරණ 4/47
  • Nugegoda SW & C – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 169 (60.0) ලොහාන් ද සොයිසා 20, තිලකරත්න සම්පත් 28, කෙවින් පෙරේරා 37, අක්‍රම් මුතාලිබ් නොදැවී 34, අනුක් ප්‍රනාන්දු නොදැවී 23, දිලුම් සුදීර 4/48

Nugegoda කණ්ඩායම තවත් ලකුණු 178ක් පිටුපසින්.

CCC සහ Chilaw Marian CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – CCC

  • Chilaw Marian CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (120.5) තරිඳු අමරසිංහ 47, හිරාන් ජයසූන්දර 28, කසුන් විදුර 46, අසිත ප්‍රනාන්දු 4/31, නිශාන් පීරිස් 2/35, සොනාල් දිනූෂ 2/33
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (47.3) ලසිත් කෲස්පුල්ලේ 27, සොනාල් දිනූෂ 61, සහන් කෝසල 20, තික්ෂිල ද සිල්වා 4/68, මෙලන් හංසක 3/18
  • Chilaw Marian CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 155 (46.0) තරිඳු අමරසිංහ 27, හිරාන් ජයසුන්දර 54, අසිත ප්‍රනාන්දු 2/29, නිශාන් පීරිස් 3/41, සොනාල් දිනූෂ 2/37

Chilaw Marian කණ්ඩායම ලකුණු 173ක් ඉදිරියෙන්.

B කාණ්ඩය

NCC සහ Baduraliya SC     අතර තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Baduraliya SC

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 387 (109.4) ලහිරු උදාර 47, විනුක රූබසිංහ 77, සහන් ආරච්චිගේ 76, චාමික කරුණාරත්න 121, කවිඳු පත්රත්න 29, බුද්ධික සංජීව 2/123, අදීශ තිලංචන 5/105, මාලින්ද පුෂ්පකුමාර 3/74
  • Baduraliya SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 125 (43.1) රුමේෂ් බුද්ධික 27, ලහිරු කුමාර 2/20, කවිඳු පතිරත්න 2/21, ශක්ති උදාර 2/48

Baduraliya කණ්ඩායම තවත් ලකුණු 262ක් පිටුපසින්.

Tamil Union C & AC සහ    Kurunegala Youth CC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 404 (109.3) ගයාන් මනීශාන් 160, ලක්ෂාන් එදිරිසිංහ 27, මනෝජ් සරත්චන්ද්‍ර 29, සමීර සඳමාල් 106, චමෝද් සඳරු 32, චාමිකර එදිරිසිංහ 21, ලහිරු සමරකෝන් 2/73, කවිඳු දිල්හාර 2/90, විජයකාන්ත් වියස්කාන්ත් 4/101, තීසාන් විතුශාන් 2/67
  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (46.0) මිනෝද් භානුක 23, තුලින ඩිල්ශාන් 20, සචිත ජයතිලක 33, ලහිරු සමරකෝන් 33, චමෝද් සඳරු 2/51, චාමිකර එදිරිසිංහ 2/23, කසුන් ඒකනායක 4/57
  • Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 53 (17.0) විහස් තෙව්මික නොදැවී 33,

Tamil Union කණ්ඩායම තවත් ලකුනු 184ක් පිටුපසින්.

BRC සහ ACE Capital CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – ACE Capital CC

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (105.3) හේෂාන් ධනුශ්ක ප්‍රනාන්දු 37, සමින්ද ප්‍රනාන්දු 20, ප්‍රමෝද් මදුවන්ත 23, රමින්ද විජේසූරිය 80, යසිරු රොද්‍රිගෝ 21, ඉසිත විජේසුන්දර 2/52, රොශාන් ජයතිස්ස 3/69, වනුජ සහන් 4/39
  • ACE Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (40.2) කවිඳු අමන්ත 32, වනුජ සහන් 58, මොහොමඩ් ශිරාස් 5/32, ශෂික දුල්ශාන් 2/15, යසිරු රොද්‍රිගෝ 2/31
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 186 (56.0) හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු 29, රොශේන් සිල්වා 49, ප්‍රමෝද් මදුවන්ත 25, රසිත් උපමාල් නොදැවී 31, රමින්ද විජේසූරිය 24, රොෂාන් ජයතිස්ස 4/52, වනුජ සහන් 3/50

BRC කණ්ඩායම ලකුණු 277ක් ඉදිරියෙන්.

මෙම තරග සියල්ල හෙට (4) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<