ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද දවසේ දී කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට Nugegoda කණ්ඩායමේ 36 හැවිරිදි වියේ පසුවෙන රොෂාන් විජේනායක සහ Chilaw Marians කණ්ඩායමේ 33 හැවිරිදි වියේ පසුවෙන දුශාන් විමුක්ති සමත් වුනා.
රොෂාන් විජේනායක BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 247කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 162ක් ලබා ගත් අතර එය අද දවසේ මෙම තරගාවලියට එක් වූ එක ම ශතකයයි. ඔහුගේ එම නොදැවුණ ඔහුගේ තරග 38ක් වන පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද මේ වන විට පත් ව තිබෙනවා.
දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Chilaw Marians කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන දුශාන් විමුක්ති සමත් වුනා. ඔහු Ragama කණ්ඩායමට එරෙහි ව පළමු ඉනිමේ දී ලකුණු 39කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වෙනවා.
මේ අතර අද දවසේ දී Ragama කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු, Police කණ්ඩායමේ අවිශ්ක තරිඳු, අශේන් බණ්ඩාර, Bloomfield කණ්ඩායමේ නිපුන් කරුණානායක සහ රවිඳු ප්‍රනාන්දු, NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල, ලහිරු උදාර සහ කමිල් මිෂාර, Kurunegala කණ්ඩායමේ ගයාන් මනීශාන්, Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා සහ සොහාන් ද ලිවේරා, Nugegoda S & WC තිලකරත්න සම්පත් සහ Kandy කණ්ඩායමේ ඉමේෂ් උදයංග අර්ධ ශතක ඉනිම් ලබා ගත් ක්‍රීඩක ලැයිස්තුවට එක් වුනා.
පන්දු යවන්නන් අතුරින් Police කණ්ඩායමේ නලීන් ප්‍රියදර්ශන සහ දිලුම් සුදීර කඩුලු 5ක් බැගින් දවා ගත්තා.
තරගවල කෙටි ලකුණු පුවරුව
Group A
Ragama CC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 276 (89.4) කසුන් විදුර 60, රවීන් යසස් 45, චමොද් සඳරු 46, සුමින්ද ලක්ෂාන් 73, කවිඳු නිර්මාන 32, සංතුශ් ගුණතිලක 2/32, හරීන් රත්නමුදලි 4/45, ශෂික දුල්ශාන් 3/84
- Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 89 (35.0) සංතුශ් ගුණතිලක 23, ශෂික දුල්ශාන් නොදැවී 31, දුශාන් විමුක්ති 8/39,
- Ragama– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 155 (48.0) සමින්ද ප්‍රනාන්දු නොදැවී 83, විනුර දුල්සර නොදැවී 39, දුවිඳු තිලකරත්න 2/31, සුමින්ද ලක්ෂාන් 2/36
මෙම තරගය හෙට (15) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
Police SC සහ Ace Capital CC අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී.
- Ace Capital– පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (40.4) උදයවංශ පරාක්‍රම 38, සම්මු අශාන් 44, නලීන් ප්‍රියදර්ශන 5/45, දිලුම් සුදීර 5/60
- Police– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 219 (50.4)අවිශ්ක තරිඳු 70, අශේන් බණ්ඩාර 36, ප්‍රියමාල් පෙරේරා 34, රොෂාන් ජයතිස්ස 4/72, වනුජ සහන් 2/92, නිම්සර අතරගල්ල 2/12
Bloomfield C & AC සහ Panadura SC අතර තරගය කොළඹ Bloomfield පිටියේ දී.
- Bloomfield– පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (70.5)නිපුන් කරුණානායක 81, රවිඳු ප්‍රනාන්දු 54, තරින්ද ගුරුගේ 33, නිමේෂ් විමුක්ති 2/65, ඉම්තියාස් ස්ලාසා 3/38, දුශාන් හේමන්ත 3/54
- Panadura– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 59 (13.0)ඕෂද ප්‍රනාන්දු නොදැවී 39, ඉරෝෂ් සමරසූරිය නොදැවී 20
Negombo CC සහ Badureliya SC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.
- Negombo– පළමු ඉනිම සියලුම දෙනා දැවී 140 (35.2) ශෙෂාන් ප්‍රනාන්දු 38, හංසජ හිරන්‍ය නොදැවී 18, චානක කොමසාරු 4/41, චානක රුවන්සිරි 4/21
- Badureliya– පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (45.2)අලංකාර අසංක 23, ගිහාන් කෝරලගේ 22, චලන ද සිල්වා 35, හංසජ හිරුණ 4/39, නිශාන් පීරිස් 3/47, උපුල් ඉන්ද්‍රසිරි 2/24
- ලංකාවේ වැඩ පෙන්වූ Kuhnemannගේ ඉරියව්ව ගැන සැකයක්!
- Chilaw Marians ගෞරවනීය ආරම්භයක් ලබා ගනී
- චරිත්ගේ නායකත්වයේ ඉනිම සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්!
- අවිශ්ක, රොෂාන් සහ සූරි ශතක වාර්තා කරයි
- දසුන්, කවින්, මෙලන් සහ නවෝද් සුවිශේෂී කඩඉම්වලට
Group B
NCC සහ SSC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (81.1)නිරෝෂන් දික්වැල්ල 91, ලහිරු උදාර 55, කමිල් මිෂාර 77, අහන් වික්‍රමසිංහ 47, කවින් බණ්ඩාර 45, කසුන් රාජිත 2/76, ප්‍රමෝද් මදුශාන් 2/76, නිපුන් ධනංජය 3/19
Kurunegala Youth CC සහ Moors SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (39.3)ගයාන් මනීශාන් 58, මිලාන් රත්නායක 2/25, රමේෂ් මෙන්ඩිස් 4/35, ශිරාන් ප්‍රනාන්දු 3/41
- Moors– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 175 (43.2) ජනිශ්ක පෙරේරා 52, සොහාන් ද ලිවේරා 78, සදීර සමරවික්‍රම නොදැවී 25, කවික ඩිල්ශාන් 3/61
Nugegoda S & WC සහ BRC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
- Nugegoda S & WC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 319 (89.5)තිලකරත්න සම්පත් 77, රොෂාන් විජේනායක නොදැවී 167, අක්‍රම් මුතාලිබ් 41, චාමික හීනටිගල 3/80
CCC සහ Kandy Customs CC අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.
Kandy Customs – පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (47.0) යොහාන් මද්දගේ 46, ඉමේෂ් උදයංග 58, විශ්ව ප්‍රනාන්දු 2/22, ධනංජය ද සිල්වා 2/19, ඉනුක කරන්නාගොඩ 3/35
CCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 174 (41.0) නිමේෂ ගුණසිංහ 25, ලසිත් කෲස්පුල්ලේ 20, පවන් රත්නායක 25, ධනංජය ද සිල්වා 27, සොනාල් දිනූෂ 31, චමිඳු විජේසිංහ නොදැවී 20, කෞමාල් නානායක්කාර 3/45, ඉමේෂ් උදයංග 2/31, සචිත්‍ර පෙරේරා 2/53
අද ආරම්භ වූ මෙම තරග හෙට (15) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.