ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී (23) ඩිල්ශාන් ද සොයිසා සහ නවෝද් පරණවිතාන ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අතුරින් දවසේ හොඳම ඉනිම වාර්තා කිරිමේ ගෞරවය හිමි වූයේ Baduraliya කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසාට. ඔහු Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 227කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 129ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 42ක 4 වැනි ශතකයයි.
ඊට අමතර ව Tamil Union කණ්ඩායමේ ආරම්භක පිතිකරු නවොද් පරණවිතාන Chilaw Marians කණ්ඩායමට එරෙහි ව පන්දු 260කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 124ක් ලබා සිටිනවා. එය ඔහුගේ පළමු පෙළ තරග 51ක 3 වැනි ශතකයයි.
ඔවුන් දෙදෙනාට අමතර ව Kurunegala කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර (50) සහ ලක්ශාන් එදිරිසිංහ (76), Baduraliya කණ්ඩායමේ රොෂාන් විජේනායක (55) සහ ගීත් කුමාර (නොදැවී 55), Tamil Union කණ්ඩායමේ මිනෝද් භානුක (62) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට විසි වීමේ අවදානමක්!
- එංගලන්තය සමඟ ගැටෙන ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශයට පත් කරයි!
- මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 1000 සමාජයට
- අංජල බණ්ඩාර ද්විත්ව ශතක සමාජයට එක් වෙයි
- NSL කාන්තා T20 ශූරතාව Greens ක්‍රීඩිකාවන්ට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Kurunegala Youth CC අතර Panadura SC තරගය මග්ගොන, Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Panadura SC
- Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 209 (90.0) මනෝජ් සරත්චන්ද්‍ර 50, ලක්ශාන් එදිරිසිංහ 76, සමීර සඳමාල් 25, චමෝද් සඳරු නොදැවී 25, මොහොමඩ් ඩිල්ශාඩ් 3/46, අසංක මනෝජ් 2/54
Baduraliya SC සහ Nugegoda S & WC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Nugegoda S & WC
- Baduraliya SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 259 (90.0) රොෂාන් විජේනායක 55, ඩිල්ශාන් ද සොයිසා නොදැවී 129, ගීත් කුමාර නොදැවී 55
Tamil Union C & AC සහ Chilaw Marians CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 306 (90.0) නවොද් පරණවිතාන නොදැවී 124, මිනෝද් භානුක 62, තුලින ඩිල්ශාන් 39, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 40, තික්ෂිල ද සිල්වා 2/50, කල්හාර සේනාරත්න 2/109
මෙම තරග සියල්ල අද (24) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















