නවෝද් නැවතත් ශතක සමාජයට

Major Club 03 Day League Tournament 2025

2
Major Club 03 Day League Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ තරගවල 2 වැනි දිනයේ දී කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට නවෝද් පරණවිතාන සමත් වුණා.

Tamil Union කණ්ඩායම නියෝජනය කරන නවෝද් පරණවිතාන පෙරදින නොදැවී ලකුණු 69ක් ලබා සිටි අතර අද ඔහු එම ඉනිම ශතකයක් කරා රැගෙන ගියා. ඔහු තම ඉනිම නිමා කරන්නේ ලකුණු 126ක් ලබා ගනිමින්. ඊට පන්දු 246ක් වැය ව තිබූ අතර හතරේ පහර 8ක් ඊට එක් කර තිබුණා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 4 වැනි ශතකයයි.

මේ අතර Panadura කණ්ඩායමේ ඔෂද ප්‍රනාන්දු (නොදැවී 58), Tamil Union කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් (නොදැවී 51), Kurunegala Youth කණ්ඩායමේ යොහාන් මද්දගේ (85) සහ ලක්වින් අබේසිංහ (85) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Baduraliya CC සහ Panadura SC තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Baduraliya CC

  • Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (92.1)ඩිල්ශාන් ද සොයිසා 91, සුමින්ද ලක්ෂාන් 48, අයන සිරිවර්ධන 89, නිසල තාරක 2/27, අසංක මනෝජ් 3/62, දුශාන් විමුක්ති 2/57, විශ්ව ලහිරු 2/75
  • Panadura SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 146 (32.3) විශ්ව චතුරංග 27, ඔෂද ප්‍රනාන්දු නොදැවී 58, ශාලිත් ප්‍රනාන්දු 36

Panadura කණ්ඩායම ලකුණු 151ක් පිටුපසින්.

Tamil Union C & AC සහ Nugegoda S & WC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Nugegoda S & WC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 88 (90.1) ප්‍රමුද් හෙට්ටිවත්ත 31, ලහිරු සමරකෝන් 7/38, තරිඳු රත්නායක 2/23
  • Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 417 (123.0)නවෝද් පරණවිතාන 126, තුලිණ ඩිල්ශාන් 33, සිනෙත් ජයවර්ධන 29, විහස් තෙව්මික 46, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 51, සචිත ජයතිලක 37, තිලකරත්න සම්පත් 3/89, සුවත් මෙන්ඩිස් 3/71

Tamil Union කණ්ඩායම ලකුණු 329ක් ඉදිරියෙන්.

Kurunegala Youth CC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – Kurunegala Youth CC

  • Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 149 (39.0)තනුක දාබරේ 91, කසුන් විදුර 21, සමීර සඳමාල් 2/24, චාමිකර එදිරිසිංහ 2/21
  • Kurunegala Youth CC- පළමු ඉනිම කඩුලු 4ක් දැවී 259 (58.0) යොහාන් මද්දගේ 85, ලක්වින් අබේසිංහ 85, රවින්ද්‍ර කරුණාරත්න 38, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 35, තනුක දාබරේ 3/50

Kurunegala Youth කණ්ඩායම ලකුණු 110ක් පිටුපසින්.

මෙම තරග සියල්ල හෙට (7)  වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<