ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ තරග අද (5) ආරම්භ වූ අතර එහි දී Tamil Union කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන ලහිරු සමරකෝන් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වුවා.
ඔහු Nugegoda කණ්ඩායමට එරෙහි ව ලකුණු 38කට කඩුලු 7ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 65ක හොඳම පන්දු යැවීමයි.
මේ අතර පිතිකරුවන් අතුරින් Baduraliya කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසා (91) සහ අයන සිරිවර්ධන (නොදැවී 67), Tamil Union කණ්ඩායමේ නවෝද් පරණවිතාන (නොදැවී 69) සහ Chilaw Marians කණ්ඩායමේ තනුක දාබරේ (91) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග
- එංගලන්තය විශිෂ්ට ජයක් කරා!
- ඩිල්ශාන් ද සොයිසාත් ශතක සමාජයට
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
- 13න් පහළ ජයග්‍රහණයට ලකුණු 2ක් හරස් වෙයි
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Baduraliya CC සහ Panadura SC තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Baduraliya CC
- Baduraliya CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 248 (75.0)ඩිල්ශාන් ද සොයිසා 91, සුමින්ද ලක්ෂාන් 48, අයන සිරිවර්ධන නොදැවී 67, අසංක මනෝජ් 2/45, දුශාන් විමුක්ති 2/42
Tamil Union C & AC සහ Nugegoda S & WC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- Nugegoda S & WC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 88 (90.1) ප්‍රමුද් හෙට්ටිවත්ත 31, ලහිරු සමරකෝන් 7/38, තරිඳු රත්නායක 2/23
- Tamil Union C & AC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 139 (45.2)නවෝද් පරණවිතාන නොදැවි 69, තුලිණ ඩිල්ශාන් 33, සිනෙත් ජයවර්ධන නොදැවී 22
Tamil Union කණ්ඩායම ලකුණු 51ක් ඉදිරියෙන්.
Kurunegala Youth CC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
- Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 136 (39.0)තනුක දාබරේ 91, කසුන් විදුර 21, සමීර සඳමාල් 2/24, චාමිකර එදිරිසිංහ 2/14
මෙම තරග සියල්ල හෙට (6) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















