කුමාර් සංගක්කාර, පළමු පෙළින් සමුගනියි

2086
Kumar Sangakkara to retire

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි කුමාර් සංගක්කාර, සරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන 2017 එංගලන්ත පළමු පෙළ තරග වාරයෙන් පසුව තමන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කොට ඇත.

මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට තරග තුනක්

මේ වසරේ ජූලි මස දී පැවැත්වෙන සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරග තුන සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය…

ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර පස්වැනි ස්ථානය හොබවමින් 2015 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් “සංගා”, ඉන් පසුව එංගලන්ත සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත විය.

“නියතවම ලඟාවෙන අවසානය සමඟ ඔබට සටන් කළ හැකි වුණත් ඔබ ඉවත්විය යුත්තේ දක්ෂතාවලින් ඉදිරියෙන් සිටින විටයි.” සංගක්කාර BBC මාධ්‍ය හමුවේ එසේ පවසා තිබුණි. එය ක්‍රියාවෙන්ම ඔප්පු කළ ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ද ඉහළ දක්ෂතා අතර පසුවූයේ ලකුණු 57ක සාමාන්‍යයක් සහිතවයි.

කැරිබියන් විස්සයි-විස්ස තරගාවලියට සහභාගී වීම ඔහුගේ ආසන්නතම සැලසුම වේ.

“මගේ ක්‍රිකට් ජීවිතයට තව මාස කිහිපයක ආයුෂ ඇති. ඒත් මේ තමයි අවසානය.” සංගක්කාර BBC මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා තිබිණි.

තවමත් දක්ෂතා අතර පසුවන සංගක්කාර, පසුගිය සතියේ පැවති ප්‍රාන්ත සිව්දින තරගයක දී සරේ කණ්ඩායම වෙනුවෙන් මිඩ්ල් සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ඉනිම දෙකේ දී ම ශතක දෙකක් වාර්තා කළ අතර මෙසේ ද කීවේය.

“ක්‍රිකට් හෝ ඕනෑම ක්‍රීඩකයෙකු නැවතිය යුතු දවසක් තිබෙනවා. එදාට ඔහු යා යුතුයි.”

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුව