එළඹෙන IPL තරගාවලියේ දී Kolkata Knight Riders කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත ව සිටි බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක Mustafizur Rahmanව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට KKR බලධාරීන් තීරණය කර තිබෙනවා.
BCCI වෙතින් සිදු කළ දැනුම් දීමකින් අනතුරුවයි KKR විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ.
“මෑත කාලීන සිදුවීම් කිහිපයක වර්ධනයක් නිසා, KKR ක්‍රීඩකයකු වන Mustafizur Rahmanව එම සංචිතයෙන් නිදහස් කරන්නැයි උපදෙස් දී ඇති අතර, කණ්ඩායම ඒ වෙනුවෙන් වෙනත් ආදේශක ක්‍රීඩකයකු ඉල්ලා සිටී නම් එම ආදේශනයට BCCI ඉඩ ලබා දීමට සූදානම්” යනුවෙන් වත්මන් BCCI ලේකම් Devajit Saikia විසින් සඳහන් කර තිබුණා.
BCCI ලේකම් විසින් එවන් සඳහනක් සිදු කළ ද, එයට සැබෑ ම හේතුව කුමක් ද යන්න සඳහන් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් මෑත කාලීන ව බංග්ලාදේශයේ දී හින්දු ජාතිකයින්ට දැඩි ගැටලු වලට, පහර කෑම්වලට මැදි වීමට සිදු වීම සහ ඒත් සමඟම ඉන්දීය දේශපාලකයින්, ආගමික නායකයින් මෙම ගැටලුව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම මෙයට හේතුව බව වටහා ගත හැකි.
මෙවර IPL තරගාවලියට එක් වන එකම බංග්ලාදේශ ක්‍රීඩකයා වන Mustafizur KKR කණ්ඩායම සතු වීම නිසා ඉන්දීය දේශපාලකයින්, ආගමික නායකයින් විසින් කණ්ඩායම් හිමි කරු වන Shah Rukh Khanට ද දැඩි දෝෂාරෝපණය එල්ල කර තිබුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
BCCI වෙතින් ලද දැනුම් දීමෙන් පැය කිහිපයකට පසුව KKR විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය ගත් බව ප්‍රකාශයට පත් කළා.
මේ පිළිබඳ බංග්ලාදේශය පාර්ශවයෙන් BCB ක්‍රිකට් මෙහෙයුම් සභාපති Nazmul Abedin විසින් සඳහන් කර තිබුණේ තමන් එවන් තීරණයක් පිළිබඳ පුවත් ඇසූ නමුත්, තවමත් නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම වසරේ දී බංග්ලාදේශය විසින් විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර, ඊට අමතරව මෙම වසර මැද දී ඉන්දියාව බංග්ලාදේශයේ සංචාරය කිරීමට ද නියමිතයි.
කෙසේ වෙතත් දැන් පවතින තත්වය අනුව මෙම තරග සංචාර පිළිබඳ කටයුතු කුමන තත්වයකට පත් වේ ද යන්න අපැහැදිලියි.
2016 වසරේ පටන් IPL තරගාවලිවල දී Sunrises Hyderabad, Delhi Capitals, Chennai Super Kings සහ Rajasthan Royals වැනි කණ්ඩායම් ගණනක ක්‍රීඩා කළ Mustafizur මෙවර Kolkata Knight Riders සමඟ එක් වුනේ ඉන්දීය රුපියල් කෝටි 9.2ක වටිනාකමකට වීමත් විශේෂත්වයක්.
මෙම සිදුවීම වටා ඇති වන අනෙක් සියලු සිදුවීම් පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















