ලෝක බැඩ්මින්ටන් සම්මේලනය සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය ඇතිව ඉන්දුනීසියානු බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන YONEX SUNRISE Indonesia Junior International Badminton Grand Prix 2025 තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) තරග බිමට එක් වීමට නියමිතයි.
කලාපීය ශ්‍රේණිගත තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය ජුලි මස 13 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ Tangerang ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වෙනවා. එහි දී වයස අවුරුදු 19න් පහළ බාලක ඒකල සහ යුගල, බාලිකා ඒකල සහ යුගල, මිශ්‍ර යුගල ලෙසත්, වයස අවුරුදු 17න් පහළ බාලක ඒකල සහ යුගල, බාලිකා ඒකල සහ යුගල, මිශ්‍ර යුගල ලෙසත් සහ වයස අවුරුදු 15න් පහළ බාලක ඒකල සහ යුගල, බාලිකා ඒකල සහ යුගල, මිශ්‍ර යුගල ලෙසත් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සඳහා එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම අතුරින් මෙම ඉසව් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 8 දෙනෙක් බාලක ඒකල ඉසව්ව ද, ක්‍රීඩිකාවෝ 11 දෙනෙක් බාලිකා ඒකල ඉසව්ව ද නියෝජනය කරන අතර, බාලක යුගල ඉසව්වට ක්‍රීඩකයෝ 16 දෙනෙක් ද, බාලිකා යුගල ඉසව්වට ක්‍රීඩිකාවෝ 17 දෙනෙක් ද සහභාගී වීමට නියමිතයි.
තරගාවලිය සඳහා එක් වෙන මෙම කණ්ඩායම සඳහා පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, හොරණ අශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ සාන්ත පීතර විද්‍යාලය, කොළඹ මියුසියස් විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර උසස් බාලිකා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, සීදුව සාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර පාසල, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල යන විද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 41ක් සහභාගී වෙනවා.
- රුමේෂ් Neeraj අසලට ම පැමිණෙමින් අභියෝග කරයි!
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තෙවැනි ස්ථානය තහවුරු කර ගනී!
- යුපුන් ජර්මනියේ දී විශිෂ්ට දස්කම් අතරට
- ශ්‍රී ලංකාව තායිවානයේ දී රිදී සහ ලෝකඩ පදක්කම් දිනයි!
- ශ්‍රී ලංකා කෙටි දුර ධාවකයින් Dubai Grand Prix හිදී කැපී පෙනෙන දස්කම් අතරට
බාලිකා බැඩ්මින්ටන් කණ්ඩායම
අමායා නවරත්න, ලෙහන්සා ජයසූරිය, දිහන්සා උමගලිය, විනුති රණසිංහ, රිසිනු අමුගොඩ, සනුදි නෙවින්‍යා, යෙනාරා වික්‍රමසිංහ, මතීෂා ද සිල්වා, නිශේලි සමරරත්න, මියැසි විතානගේ, යෙනුලි ලියනගේ, සහේලි කලුතරආරච්චි, අබිමානි පද්ම බණ්ඩාර, චතුමි කවිහාර, තෙනුකි ද සිල්වා, සනුකි තෙහන්සා, සනුති ගුරුසිංහ, නිතිනි ගුරුගේ, මනුලි මෙතාරා, වෙත්මි නෙහාරා, තනුකි කුලතුංග සහ තෙරුනි ගුණරත්න.
බාලක බැඩ්මින්ටන් කණ්ඩායම
යසිරු ජයවර්ධන, හංසක රණසිංහ, රන්හිරු මදුරාවල, දිනේන්ද්‍ර රොඩ්‍රිගෝ, සිතික රෙසඳුල්, විහාස් යාපා, ඩිමල් විතාන, තිසල් වඩුගේ, දෙව්මින් පෙරේරා, සදේව මනිමේන්ද්‍ර, සනුත් පලඟසිංහ, නවීන් ගීකියනගේ, හරිඳු වේරදූවගේ, යසිත් ද සිල්වා, ලක්මිත පීරිස්, සනූජ බණ්ඩාර, සදෙව් කංකානම්ගේ, පමුදු රන්දිලිගම සහ සෙනුද රාජපක්ෂ.
නිලධාරීන්
ශ්‍යාමලී රත්නායක (කළමනාකාරිනිය), තරංගා ජයනෙත්ති (බාලිකා කණ්ඩායම් භාර නිලධාරිනී), ෂශිකලා අමරසිංහ (බාලිකා කණ්ඩායම් භාර නිලධාරිනී), ධම්මිකා පලඟසිංහ (සහාය නිලධාරිනිය), හරිඳු උදයංග (පුහුණුකරු), මොහොමඩ් ෂිෆාඩ් (පුහුණුකරු), නිලූෂ පෙරේරා (පුහුණුකරු) සුසන්ත විජේන්ද්‍ර (පුහුණුකරු), හරිඳු පතිරණ (පුහුණුකරු).
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්,රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<