මෙරට සංචාරයේ නිරත ජපාන ක්‍රිකට් කණ්ඩායම සහ බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායම අතර මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති විස්සයි විස්ස තරගයෙන් ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ජපන් ක්‍රීඩකයෝ සමත් වුණා. එය ඔවුන් මෙම තරගාවලියේ ලබා ගත් සිව් වැනි ජයග්‍රහණයයි.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo South කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජපාන ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colombo South කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 141ක් පමණයි.
මෙම තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ Kendel Kadowki Fleming, Sabaorish Ravichandran, Lachlan Yamamoto-Lake, Ibrahim Takahashi, Kazuma Kato – Stafford, සහ Abdul Samad වෙනුවට Reo Sakurano, Benjamin Ito-Davis, Declan Suzuki, Wataru Miyauchi, Charles Hinze සහ Piyush Kumbhare නම් කර තිබූ අතර Colombo South කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙසින් ඊතන් රණසිංහ, නවෝද් ප්‍රනාන්දු සහ ඉසුල ගීගනගේ නම් කර තිබුණා.
බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායම
එනෝෂ් පීටර්සන් (නායක), අවිනාශ් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), තරින් සංකෙත්, අසදිස ද සිල්වා, රිවිත් ජයසූරිය, අදේශ් අල්මේදා, චරිත් සිතුමිණ, උශේන් සිල්වා, දිනාල් සෙව්මිණ, ශනාල් බිනුශ්ක සහ යසිඳු දිසානායක.
ජපාන ක්‍රිකට් කණ්ඩාය
Reo Sakurano (නායක), Alex Shiral-Patmore, Abhishek Anand, Esam Rahman, Benjamin Ito-Davis, Charles Hinze, Declan Suzuki, Wataru Miyauchi (කඩුලු රකින්නා), Makoto Taniyama, Soma Sugaya-Slater සහ Piyush Kumbhare.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජපාන කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 15කට දැවී ගොස් තිබිය දී Abhishek Anand සහ Charles Hinze එක් ව පන්දු 45ක දී ලකුණු 71ක සබඳතාවක් එක් කළා.
එහි දී Abhishek Anand පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගත් අතර ඊට අමතර ව Charles Hinze පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී එනෝෂ් පීටර්සන් සහ දිනාල් සෙව්මිණ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- ජපන් ක්‍රීඩකයෝ තෙවැනි ජයත් ලබයි
- ජපන් ක්‍රීඩකයෝ අළු ගසා දමා නැගිටියි
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
- ජපාන ක්‍රිකට් ඉලක්ක වෙනුවෙන් ශ්රී ලංකාවේ සහයෝගය
- Jadeja තනිවෙයි; ටෙස්ට් ක්‍රිකට් වැජඹෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රිවිත් ජයසූරිය. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.
ඔහු අදේශ් අල්මේදා සමඟ 3 වැනි කඩුල්ලට පන්දු 50ක දී ලකුණු 54ක සබඳතාවක් එක් කරනවා. එහි දී අදේශ් අල්මේදා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
ඔහුට අමතර ව ආරම්භක පිතිකරු උෂේන් සිල්වා පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Piyush Kumbhare සහ Soma Sugaya-Slater කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලදි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ජපානය – කඩුල 8ක් දැවී 152 (20.0) Abhishek Anand 64, Charles Hinze 34, දිනාල් සෙව්මිණ 2/25, එනෝෂ් පීටර්සන් 2/16
- බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායම – කඩුලු 7ක් දැවී 141 (20.0) උෂේන් සිල්වා 17, රිවිත් ජයසූරිය 41, අදේශ් අල්මේදා 18, Piyush Kumbhare 2/11, Soma Sugaya-Slater 2/14
ජපාන කණ්ඩායමට ලකුණු 11ක ජයක්.
සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමේ 7 වැනි සහ අවසන් තරගය මේ මස 10 වැනිදා කොළඹ NCC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<