ජපන් ක්‍රීඩකයෝ තෙවැනි ජයත් ලබයි

Japan Tour of Sri Lanka

86
Japan Tour of Sri Lanka

මෙරට සංචාරයේ නිරත ජපාන ක්‍රිකට් කණ්ඩායම සහ බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo North කණ්ඩායම අතර අද (07) කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී පැවැති විස්සයි විස්ස තරගයෙන් ජපන් කණ්ඩායම ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගත්තා. එය ඔවුන් මෙම තරගාවලියේ ලබා ගත් 3 වැනි ජයග්‍රහණයයි.මෙරට සංචාරයේ නිරත ජපාන ක්‍රිකට් කණ්ඩායම සහ බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo North කණ්ඩායම අතර අද (07) කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී පැවැති විස්සයි විස්ස තරගයෙන් ජපන් කණ්ඩායම ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගත්තා. එය ඔවුන් මෙම තරගාවලියේ ලබා ගත් 3 වැනි ජයග්‍රහණයයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ජපාන ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo North කණ්ඩායම ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 112ක් පමණයි.

මෙම තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ Benjamin Ito-Davis, Declan Suzuki, Kohei Kubota, Piyush Kumbhare, සහ Wataru Miyauchi වෙනුවට Charles Hinze, Esam Rahman, Lachlan Yamamoto-Lake, Makoto Taniyama සහ Abdul Samad එක් කර තිබුණ අතර අතිරේක පන්දු යවන්නෙක් ලෙසින් Kohei Kubota නම් කර තිබුණා.

බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo North කණ්ඩායමේ අතිරේක පන්දු යවන්නන් ලෙසින් නම් කර තිබුණේ තෙනුජ රශ්මින් සහ චමත්ක දෙනුවන් යන අයයි.

බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo North කණ්ඩායම

 

දුල්නෙත් සිගේරා (නායක), රිශ්ම අමරසිංහ (කඩුලු රකින්නා), නඳුන් ජයලත්, නෙතුල එදිරිමාන්න, රීඩ් කරීම්, මානස මදුභාෂණ, දුනික් පෙරේරා, මෙවන් දිසානායක, මානික්‍ය දේශප්‍රිය, මල්ෂ ප්‍රනාන්දු සහ අවීශ සමාශ්.

ජපාන ක්‍රිකට් කණ්ඩාය

 

Kendel Kadowki Fleming, (නායක), Charles Hinze, Abhishek Anand, Esam Rahman, Sabaorish Ravichandran, Lachlan Yamamoto-Lake, Alex Shiral-Patmore (කඩුලු රකින්නා), Ibrahim Takahashi, Kazuma Kato – Stafford, Makoto Taniyama සහ Abdul Samad.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජපාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Sabaorish Ravichandran. ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු නායක Kendel Kadowki Fleming පන්දු 30කට මුහුණ දෙමින් හතරෙත් පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ Abhishek Anand පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මානස මධුභාෂණ ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත් අතර දැවී ගිය අනෙක් කඩුලු සියල්ල දුවද්දී දැවී යන ලදි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo North කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ දුල්නෙත් සිගේරා. ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

ඊට අමතර ව මානස මධුභාෂණ පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ද සහ අවීෂ සමාශ් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අතිරේක පන්දු යවන්නා ලෙසින් එක් කර තිබූ Kohei Kubota ලකුණු 07කට කඩුලු 4ක් දවා ගනිමින් බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo North කණ්ඩායම අමාරුවේ දැම්මා. ඔහුට අමතර ව Sabaorish Ravichandran සහ Ibrahim Takahashi කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ජපානය – කඩුල 6ක් දැවී 140 (20.0) Kendel Kadowki Fleming24,Abhishek Anand 22, Sabaorish Ravichandran 43, මානස මධුභාෂණ 3/31
  • බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo North කණ්ඩායම– සියලුම දෙනා දැවී 112 (18.5) දුල්නෙත් සිගේරා 27, අවීෂ සමාශ් 19, මානස මධුභාෂණ 21, Sabaorish Ravichandran2/12, Ibrahim Takahashi 2/11, Kohei Kubota 4/07

ජපාන කණ්ඩායමට ලකුණු 28ක ජයක්.

සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමේ 6 වැනි තරගය මේ මස 09 වැනිදා මග්ගොන Surrey  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<