බස්නාහිර North Outer ජය ලබයි

Japan Tour of Sri Lanka

244
Japan Tour of Sri Lanka

මෙරට සංචාරයේ නිරත ජපාන ක්‍රිකට් කණ්ඩායම සහ බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ North Outer කණ්ඩායම අතර අද (05) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වුණා.  

කාසියේ වාසිය දිනා ගත් ජපාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 74ක් පමණයි. එම ඉලක්කය බස්නාහිර පළාත් North Outer කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලබා ගත්තා.

මෙම තරගයේ දී ජපාන කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ Kendel Kadowki Fleming, Sabaorish Ravichandran, Wataru Miyauchi, Ibrahim Takahashi, Kazuma Kato – Stafford, සහ Kohei Kubota වෙනුවට Lachlan Yamamoto-Lake, Benjamin Ito-Davis, Alex Shiral-Patmore, Makoto Taniyama, Abdul Samad සහ Abhishek Anand එක්කර තිබුණා.

බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ North Outer කණ්ඩායම

 

රමිත් බණ්ඩාර (නායක), හසිඳු පෙරේරා, කවිත් ද සිල්වා, කවීන් දිනෙත්, ශවීන් පෙරේරා, ගවීෂ ඉඳුවර, ශාන් පෙරේරා, සෙනේශ් පංචම, ලහිරු ලක්මාල්, මිනුග නෙත්සර සහ සවිඳු සත්සර.

ජපාන ක්‍රිකට් කණ්ඩාය

 

Reo Sakurano, (නායක), Esam Rahman, Lachlan Yamamoto-Lake, Benjamin Ito-Davis, Charles Hinze, Declan Suzuki, Alex Shiral-Patmore (කඩුලු රකින්නා), Makoto Taniyama, Abdul Samad, Abhishek Anand, Shoma Sugaya – Slater සහ Reo Sakurano

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජපාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Charles Hinze. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා.

ඔවුන්ගේ ඉනිමේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වූයේ නැහැ. පන්දු යැවීමේ දී ශවීන් පෙරේරා ලකුණු 6කට කඩුලු 3ක් ද, සවිඳු සත්සර ලකුණු 18කට කඩුලු 3ක් ද, ලහිරු ලක්මාල් කඩුලු 2ක් ද සහ ටිශාන් නිපුන් කඩුල්ල බැගින් ද බෙදා ගත්තා.

බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ North Outer කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ම ලකුණු 03කට සීමා වෙනවා. අනතුරු ව කවීන් දිනෙත් සහ ශවීන් පෙරේරා එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 35ක් එක් කරනවා.

එහි දී කවීන් දිනෙත් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නා ලද අතර ශවීන් පෙරේරා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ ලකුණු 11ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ශාන් නෝනිස් පන්දු 29කට මුහුණ දෙමින් හතරෙ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Abdul Samad සහ Charles Hinze කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Declan Suzuki සහ Benjamin Ito-Davis කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ජපානය – සියලුම දෙනා දැවී 74 (12.4) Charles Hinze22, සවිඳු සත්සර3/18, ලහිරු ලක්මාල් 2/18, සවීන් පෙරේරා 3/06
  • බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ North Outer කණ්ඩායම– කඩුලු 5ක් දැවී 75 (16.3)කවීන් දිනෙත් 19, ගවීෂ ඉඳුවර 26, ශාන් නෝනිස් නොදැවී 24,  Abdul Samad 2/06, Charles Hinze 2/11

බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ North Outer කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමේ සිව් වැනි තරගය මේ මස 06 (හෙට) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<