ජපානය Colombo South පරාජය කරයි

Japan Tour of Sri Lanka

504
Japan Tour of Sri Lanka

මෙරට සංචාරයේ නිරත ජපාන ක්‍රිකට් කණ්ඩායම සහ බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායම අතර අද (03) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ජපාන ක්‍රීඩකයෝ සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ජපාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්ත අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 112ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ජපාන කණ්ඩායම තම ඉනිමේ තවත් පන්දු 29ක් ඉතිරි ව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.

මෙම තරගයේ දී ජපාන කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ Abhishek Anand, Benjamin Ito, Alexander Shirai Patmore, Makota Taniyama සහ Abdul Samad වෙනුවට Esam Rahman, Rao Sakurano, Charles Hinze, Shoma Sugaya – Slater, සහ Kohei Kubota එක් කර තිබුණා.

බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායම

 

එනෝෂ් පීටර්සන් (නායක), රිවිත් ජයසූරිය, උශාන් සිල්වා, අදීශ් අල්මේදා, ශනාල් බිනුෂ්ක, යසිඳු දිසානායක, තරින් සංකේත්, නවෝද් ප්‍රනාන්දු, ඊතන් රන්සිලිගේ, ඉසුල ගීගනගේ සහ ප්‍රසන්න ලක්මිණ.

ජපාන ක්‍රිකට් කණ්ඩායම

 

Kendel Kadowki Fleming (නායක), Declan Suzuki, Esam Rahman, Sabaorish Ravichandran, Wataru Miyauchi (කඩුලු රකින්නා), Reo Sakurano, Ibrahim Takahashi, Charles Hinze, Kazuma Kato – Stafford, Shoma Sugaya – Slater සහ Kohei Kubota.

ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 10ක් වෙද්දී දැවී යනවා. අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක දී ලකුණු 38ක් ලබා ගැනීමට රිවිත් ජයසූරිය සහ ශනාල් බිනුශ්ක සමත් වෙනවා.

රිවිත් ජයසූරිය පන්දු 28කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ශනාන් බිනුෂ්ක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 26කට මුහුණ දෙන අතර හතරේ පහරක් ඊට ඇතුලත් වෙනවා.

ඉන් අනතුරු ව නායක එනෝෂ් පීටර්සන් පන්දු 12ක දී ලකුණු 14ක් ද සහ නවොද් ප්‍රනාන්දු පන්දු 14ක දී ලකුණු 12ක් ද ලබා ගත්තා. බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South ඉනිම අවසන් වන විට ඊතන් රන්සිලිගේ පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද සහ ඉසුල ගීගනගේ පන්දු 3ක දී නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Esam Rahman සහ Kazuma Kato – Stafford කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජපාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Reo Sakurano. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා. ඊට අමතර ව Sabaorish Ravichandran පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ නායක Kendel Kadowki Fleming පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ රිවිත් ජයසූරිය දකුණතින් පිට දඟ පන්දු යවමින් ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තරින් සංකේත් කඩුලු ද්විත්වයක් ද සහ එනෝෂ් පීටර්සන් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායම– කඩුලු 8ක් දැවී 112 (20.0) අනිත් ජයසූරිය 26, ශනාල් බිනුෂ්ක 20, එනෝස් පීටර්සන් 14, Esam Rahman 2/13, Kazuma Kato – Stafford 2/19
  • ජපානය – කඩුලු 6ක් දැවී 113 (15.1)Kendel Kadowki Fleming 25, Esam Rahman 23, Sabaorish Ravichandran 28, Reo Sakurano නොදැවී 36, රිවිත් ජයසූරිය 4/20, තරින් සංකේත් 2/27

ජපානයට කඩුලු 4ක ජයක්.

සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමේ 3 වැනි තරගය මේ මස 05 වැනිදා මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<