ජපානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වේ

371

අවුරුදු 23න් පහළ ආසියානු වොලිබෝල් තරගාවලියේ ජපානය සමඟ පැවති තරගය, ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජයට පත්විය.

පළමු තරග වටය ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16-07ක් ලෙස පසුපසින් සිටි අතර එම තරග වටය ජපාන කණ්ඩායම ජය ගැනීමට සමත් වූයේ ලකුණු 25-11ක් ලෙසයි.

හෙන්රි සේනාරත්න ශූරතාවය ද මැසනොඩ් විද්‍යාලයට

කඳාන ද මැසනොඩ් විද්‍යාලයීය වොලිබෝල් සංගමය මගින් 14 වැනි වරට සංවිධානය කරනු ලැබූ..

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවන වටයේ දී පළමු වටයට වඩා හොඳින් ක්‍රීඩා කළ ද එම තරග වටය ද ජපාන කණ්ඩායම ලකුණු 25-17ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් විය. තරගයේ තෙවන තරග වටය ද ජපානය ලකුණු 25-13ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන ලදි.

සුපිරි 8 දෙනාගේ වටයට D කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් මීළඟට සහභාගී වන තායිලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

තරගාවලිය යටතේ පැවති අනෙක් තරගවල දී ලකුණු 20-25ක්, 25-19ක්, 25-16ක් හා 16-14ක් ලෙස උස්බෙකිස්තානය පරාජයට පත් කරන්නට කසකස්තානය සමත් වූ අතර මැලේසියානු කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරාජයට පත්කරනු ලැබුවේ ලකුණු 22-25ක්, 25-19ක්, 25-17ක් හා 25-22ක් ලෙසයි. ඉතා උණුසුම් තරගයකින් අනතුරුව පකිස්ථාන කණ්ඩායම පරාජය කිරීමට ඉරාන කණ්ඩායම සමත් විය. එම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 25-12ක්, 29-27ක් හා 28-26ක් ලෙසයි.

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට