සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරග 5කින් යුත් නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (29) සමත් වූහ.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ දෙරට අතර පැවති අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 101ක ජයග්‍රහණයක් ලබා ගත්හ.
අවිශ්ක සහ කමිඳු අයර්ලන්තය නැවත හඬවයි
අවිශ්ක ප්‍රනාන්දුගේ ශතකයෙන් සහ කමිඳු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතාවන් ඉදිරියේ අසරණ වූ සංචාරක …
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තමන් සන්තක කර ගනිමින් පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 403ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී අයර්ලන්ත ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 302ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ නායක උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 206ක සබඳතාවක් ගොඩ නැගූහ. පෙර තරගයේ දී ද ශතකයක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු අද තරගයේ දී ද ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට ගෞරවයක් එක් කළේය. ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තේ ය.
Photos: Ireland A Team Tour to Sri Lanka 2018/19 – 5th ODI
උපුල් තරංග රැස්කළ ලකුණු සංඛ්‍යාව 120කි. ඔහුගේ ඉනිම පන්දු 108කින් සමන්විත වූ අතර හතරේ පහර 15ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුළත් විය.
ඔවුන්ගෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කිරීමේ කාර්යයේ නිරත වීමේ වැඩි ගෞරවය හිමි වෙන්නේ චතුරංග ද සිල්වා වෙත ය. ඔහු පන්දු 23කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අසේල ගුණරත්න (25) සහ දසුන් ශානක (39)ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ.
ඉසුරු උදාන ද අවසන් පන්දුවාර කිහිපයේ දී පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තේ ය.
දිනක් තුල කඩුලු 31ක් බිඳ වැටුණු තියුණු තරගය
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග …
ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමේ දී ගැරෙත් ඩෙලනි ලකුණු 58කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව පීටර් චේස් කඩුලු දෙකක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් එක් කිරීමට ස්ටුවට් තොම්සන් සහ ජේම්ස් මැකලම් සමත් වූහ. ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් තොම්සන් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ද ගෞරවනීය ලකුණු සබඳතාවක් එක් කිරීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වූහ. එවර ඔවුන්ගේ සබඳතාව වූයේ ලකුණු 59කි. ජේම්ස් මැකල් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක ලබා ගත්තේ ය.
ඉනිමේ තෙවැනි කඩුල්ල ඉතා ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූව ද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවක් එක් කිරීමට ලෝකන් ටකර් සහ නායක හැරී ටෙක්ර් සමත් වූහ. ලෝකන් ටකර් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගෙන දැවී යමින් එම ඉනිමේ සබඳතාව බිඳ දැමුවේ ය.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් භීතියට පත් කරමින් තරගකාරී ඉනිමක නිරත වීමට නීල් රොක් සමත් විය. ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සැනසීමක් එක් කරමින් දැවී යන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියේ ය.
ලෝකයේ පළවැනියා දක්වා ආ ගමන ගැන කුමාර් ධර්මසේන කියන කතාව
කෙටි පියවර කිහිපයක් දිවවිත් කඕෆ් කටර් පන්දු යවන්නකු ලෙසින් අප ඔහුව දුටුවේ 1993 වසරේ…
කඩුලු ලබා ගැනීමේ අසේල ගුණරත්න ලකුණු 51කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක කඩුලු 2 බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 403 (50) අවිශ්ක ප්‍රනාන්දු 112, උපුල් තරංග 120, අසේල ගුණරත්න 25, දසුන් ශානක 39, චතුරංග ද සිල්වා 50, ඉසුරු උදාන 22, පීටර් චේස් 2/57, ගැරෙත් ඩෙලනි 3/58
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 302 (50) ස්ටුවර්ට තොම්සන් 30, ජේම්ස් මැකලම් 43, සිම් සිං 41, ලෝකන් ටකර් 51, හැරි ටෙක්ටර් 27, නීල් රොක් 78, කමිඳු මෙන්ඩිස් 2/82, දසුන් ශානක 2/41, අසේල ගුණරත්න 4/51
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















