2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන රටවල් විසින් තම ක්‍රීඩක සංචිත නම් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව විසින් ද ඊයේ දිනයේ (20) සිය විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කළා.
කෙසේ වෙතත් මෙම සංචිතයට ඉන්දීය උප නායක Shubman Gill ඇතුළත් කර නොතිබීම මේ වන විට විශාල ගැටලුවක් ලෙස ඉස්මතු වෙමින් පවතිනවා. එමෙන්ම ඒ නිසාම ඉන්දීය තේරිම් කමිටුව සහ ඉන්දීය නායකයා පවා මේ වන විට ඒ පිළිබඳ සිය අදහස් දක්වා අවසානයි.
Shubman Gill වෙනුවට ආරම්භක පිතිකරුවකු ලෙස Ishan Kishan සංචිතයට නම් කර තිබෙනවා. Kishan පසුගිය දින කිහිපයේ සහභාගී වූ Syed Mushtaq Ali තරගාවලියේ දී ශතකයක් ද සමඟ ලකුණු 517ක් ලබා ගැනීමට සමත් වී සිටිනවා. නමුත් Gill මෙම වසර පුරාවට ඉන්දියාව නියෝජනය කරමින් ඉනිම් 15ක් තුළ ලබා ගැනීමට සමත් වී සිටින්නේ ලකුණු 291ක් පමණක් වන අතර, ඊට එකඳු අර්ධ ශතකය හෝ ඇතුළත් වන්නේ නැහැ.
මේත් සමඟින් කණ්ඩායමේ උපනායක වගකීම Axar Patel හට හිමි වී ඇති අතර, මීට අමතරව ඉන්දියාව වෙනුවෙන් කැපී පෙනෙන කඩුලු රකින පිතිකරුවකු වූ Jithesh Sharma ද මෙම සංචිතයට ඇතුළත් වී නොතිබීම විශේෂත්වයක්.
ඔහු වෙනුවට ඉන්දීය මැද පෙළ ශක්තිමත් කිරීමේ වගකීම සඳහා Rinku Singh සංචිතයට කැඳවා ඇති අතර, කඩුලු රැකීමේ වගකීම Ishan Kishan හෝ Sanju Samson මත පැවරෙනු ඇති.
“අපිට ක්‍රීඩා කිරීමට අවශ්‍ය සංයෝජන (Combinations) ගැන වැඩියෙන් කටයුතු කරන්න සිදු වුනා. Abishek (Sharma) සමඟ මුල් පෙළ පිතිකරණයේ යෙදෙන්නේ කවුද? එතනට කඩුලු රකින පිතිකරුවෙක් හිටියා නම් ඒකෙන් කණ්ඩායම ශක්තිමත් වේවි කියලා විශ්වාස කළා. ඉතින් ඒ නිසා කාටහරි කණ්ඩායමෙන් එළියේ ඉන්න වෙනවා. ඒ ඔහු (Gill), ඒ ඔහු නරක ක්‍රීඩකයෙක් නිසා නෙවෙයි. ඒ වගේම Jitesh පවා අඩුපාඩු කරලා නැති තරම්.“
ඉන්දීය තේරීම් කමිටු සභාපති Ajit Agakar විසින් සංචිතයට ඇතුළත් වූ සහ නොවූ නම් පිළිබඳ එසේ සඳහන් කළා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එමෙන්ම ඉන්දීය නායක Suryakumar Yadav ද මෙම තේරිම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, කණ්ඩායම තුළ ඇති කළ යුතු ක්‍රීඩක සංයෝජන පිළිබඳ පමණක් මෙහි දී සැලකිලිමත් වූ බවයි. එහි දී ඔවුන්ට ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස කඩුලු රකින පිතිකරුවකු අවශ්‍ය වූ බව ඉන්දීය නායකයා සඳහන් කරනවා. මෙහි දී Gill සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොවන බවත් ඔහු අවධාරණය කර තිබුණා.
ඉන්දීය සංචිතයේ වේග පන්දු යවන්නන් ලෙස Jasprit Bumrah, Arshdeep Singh සහ Harshit Rana නම් කර ඇති අතර, තුන් ඉරියව් වේග පන්දු යවන්නන් ලෙස Hardik Pandya සහ Shivam Dube රැඳී සිටිනවා.
ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙස Varun Chakravarthy සහ Kuldeep Yadav ඇතුළත් වන අතර, තුන් ඉරියව් දඟ පන්දු යවන්නන් ලෙස Axar Patel සහ Washington Sundar නම් කර තිබෙනවා.
මේ අතර ඉන්දීය මැද පෙළ ශක්තිමත් කිරීමේ වගකීම Suryakumar Yadav, Tilak Varma සහ Rinku Singh සතු වනවා. එමෙන්ම ඉන්දීය ඉදිරි පෙළ වෙනුවෙන් Abhishek Sharma, Sanju Samson සහ Ishan Kishan යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් වී තිබෙනවා.
මෙම සංචිතය ලෝක කුසලානයට පෙර නවසීලන්තය සමඟ විස්සයි විස්ස තරග පහක තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඉන්දීය සංචිතය:
Suryakumar Yadav (capt), Abhishek Sharma, Sanju Samson (wk), Tilak Varma, Hardik Pandya, Shivam Dube, Axar Patel (vice-capt), Rinku Singh, Jasprit Bumrah, Harshit Rana, Arshdeep Singh, Kuldeep Yadav, Varun Chakaravarthy, Washington Sundar, Ishan Kishan (wk)
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















