ශ්‍රී ලංකාව 40s ඇමරිකාවට පරාජය වෙයි

IMC Over 40s T20 World Cup 2025

8
IMC Over 40s T20 World Cup 2025

International Masters Cricket (IMC) සංවිධානය කරන වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (23) නිමා වූ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇමරිකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය පාකිස්තානයේ කරච්චි නුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඇමරිකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 174ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

කාසියේ වාසිය දිනා ගත් ඇමරිකා කණ්ඩායමේ ආරධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සුනෙත් සම්පත්. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා.

ඊට අමතර ව මොහාන් වික්‍රමසිංහ පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ මංජුල ගුරුගේ පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Saqib Hameed සහ Anwar Ahmad කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇමරිකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම තම පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50ක දී ලකුණු 78ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Zeshan Muhammad පන්දු 25ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. අනතුරු ව 2 වැනි කඩුල් වෙනුවෙන් Anwar Ahmad පන්දු 33ක දී හතරෙත් පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

ඊට අමතර ව නායක Muhammad Farrukh පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ Ahmed Fazal පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සිනෙත් විතානගේ ලකුණු 18කට කඩුලු 2ක් ද සහ නායක මාලන් ප්‍රනාන්දු ලකුණු 21කට කඩුලු 2ක් ද ලබා ගත්තා. ඊට අමතර ව සුනෙත් සම්පත්ට ද කඩුල්ලක් හිමි වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 173 (20.0) සුනෙත් සම්පත් 74, මොහාන් වික්‍රමසිංහ 23, මංජුල ගුරුගේ නොදැවී 20, Saqib Hameed 2/11, Anwar Ahmad 2/29
  • ඇමෙරිකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 174 (19.0) Zeshan Muhammad 22, Anwar Ahmad 63, Muhammad Farrukh 29, Ahmed Fazal නොදැවී 24, සිනෙත් විතනාගේ 2/18, මාලන් ප්‍රනාන්දු 2/21

ඇමෙරිකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය නොවැම්බර් 24 Rest of World   කණඩායම සමඟින් කටාර් හී Southend ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<