ආබාධිත තත්වයේ පසු වූ සුපුරුදු නායකයා සහ උප නායකයා නොමැතිව ජාතික කණ්ඩායම  සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක සඳහා අද උදෑසන සිම්බාබ්වේ බලා පිටත් විය.

පසුගිය ලිපි: මධුශංක, ගමගේ, ගුණරත්න සහ කුමාර සිම්බාබ්වේ ටෙස්ට් සංචාරයට

ඔක්තෝම්බර් මස 29 වන දින සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේ හීදි ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට ප්‍රථම පුහුණුවීම සඳහා තවත් දින 3ක කාලයක් ඇත. දෙවන ටෙස්ට් තරඟයත් හරාරේ හීදීම නොවැම්බර් මස 6 වන දා ආරම්භ වේ.

ඉන්පසු බටහිර ඉන්දීය කොදෙව් සහභාගීත්වයෙන් ඇරඹෙන තුන්කොන් තරඟාවලියද ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කලේ වසර 12කට පෙර එනම් 2004 මැයි මස බුලාවයෝ හීදීය.

අවුදුරු 38දී ප්‍රථමවරට නායකයෙකු ලෙස ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කරන නවක නායක රංගන හේරත්ගේ විශ්වාසය නම් පසුගිය ඕස්ට්‍රේලියනු තරඟාවලියේ මෙන් මෙම තරගයේදී ද තම කණ්ඩායම දක්ෂතා දක්වනු ඇතැයි බවයි.

“මම කවදාවත් හිතුවේ නෑ අවුරුදු 38 දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්න ලැබෙයි කියල. නමුත් මෙය මට මහත් ගෞරවයක්. අපිට ඉන්නේ අත්දැකීම් අඩු නවක කණ්ඩායමක්, නමුත් පසුගිය ඕස්ට්‍රේලියානු තරඟාවලියේ දි දැක්වූ දක්ශතා දෙස බැලීමේදී, අප ලැබූ 3-0 ජයග්‍රහණය අපට ඉතාම වටිනවා. එම ජයග්‍රහණයත් සමඟ කණ්ඩායමේ විශ්වාසය ඉතා ඉහල මට්ටමක පසුවෙනවා. මට විශ්වාසයි මගේ කණ්ඩායම සිම්බාබ්වේ හීදී හොදින් දක්ශතා දක්වයි කියලා.” යැයි රංගන හේරත් ඊයේ මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේය.

සුපුරුදු නායක ඇන්ජලෝ මැතිව්ස් ද තරඟාවලියේ සාර්ථකත්වය පිලිබදව ප්‍රකාශ කර සිටියේ “මම සුභපැතිය යුතුයි රංගන හේරත්ට, කෙනෙක්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලැබිය යුතු නම් ඊට සුදුසුම පුද්ගලයා රංගන හේරත්. ඔහු හොඳ කණ්ඩායම් ක්‍රීඩකයෙක්, මුලු කණ්ඩායම ම ඔහු පසුපස සිටිනවා.” යැයි සඳුදා පැවත් මාධ්‍ය සාකච්ඡාව කදී පැවසීය.

“2016 දී මම ආබාධ කිහිපයකට ලක් වීම නිසා කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නොහැකි වුනා. කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන්නේ නැතුව කණ්ඩායම ක්‍රීඩා කරනවා බලාගෙන ඉන්න සිදුවීම ඉතාම අපහසුයි. මට සුව වීමට මාස එක හමාරක පමණ කාලයක් ගියා. මම සූදානම් වෙමින් සිටියේ සිම්බාබ්වේ තරඟ සංචාරය සඳහා. නමුත් අවාසනාවන්ත ලෙස බාධාවක් ආවා. MRI පරීක්ෂණයක් කලාම ඒකෙ පෙන්නුම් කලා මගේ එම කෙණ්ඩා මාංශ පේශියේම ආබාධිත තත්ත්ව කීපයක් ඇති බව. වෛද්‍යවරුන්ගේ නියමය අනුව ඔවුන් මට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවවාද කරමින් දන්වා සිටියා සිම්බාබ්වේ තරඟාවලිය සඳහා මා සහභාගී නොකරවිය යුතු බව. එමගින් මගේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩා කිරීමද අවදානමකට ලක් විය හැකි බවයි”. 2012 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තරඟ දින 368ක් ක්‍රීඩා කර ඇති ඇන්ජලෝ මැතිව්ස් තම ආබාධ තත්ත්වය ගැන අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.

උප නායක දිනේශ් චන්දිමාල් ද හේරත් නායකත්වයට පත් වීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කලේ “මම ඇත්තටම සතුටු වෙනවා රංගන අයිය ගැන. ඔහුට මේ දේ ලැබිය යුතුයි. මගේ ආබාධ තත්ත්වය නම් සුව අතට හැරෙමින් පවතිනවා. මම බලාපොරොත්තු වෙනවා සිම්බබ්වේ සමඟ පැවැත්වෙන පලමු එක්දින තරඟයට ක්‍රීඩා කිරීමට හැකි වේවි කියල”.

හතර දෙනෙකුගෙන් යුත් වේග පන්දු යැවීමේ ටෙස්ට් බලෑණියේ එක් ක්‍රීඩකයෙකු පමණක් ටෙස්ට් තරඟ ක්‍රීඩා කර ඇති අතර අනෙක් තිදෙනාගේම මංගල තරඟාවලිය මෙය වනු ඇත. සුරංග ලක්මාල් වේග පන්දු බලෑණියේ එකම අත්දැකීම් සහිත ක්‍රීඩකයා වීමට හේතුව දම්මික ප්‍රසාද්, දුශ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයේ පසු වීමයි.

දුර්වල ක්‍රීඩකයින් කළමණාකාරීත්වය

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෑත කාලය තුල ක්‍රීඩකයින් ආබාධ වලට ලක් වීම ගැන අදහස් දක්වා සිටියේය. ඔහු සඳහන් කර සිටියේ දුර්වල ක්‍රීඩකයින් කළමණාකාරීත්වය මීට හේතුව බවයි.

“අපි මෑත කාලයේ දැක තිබෙනවා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයින් එනවා. හොඳට දක්ෂතා දක්වන අවු. 19න්, 22න්, 23න් පහල ක්‍රීඩකයින් ක්‍රීඩා සමාජ කණ්ඩායම් හා රට වෙනුවෙන් දක්ශතා හොඳින් දක්වන නමුත් දිගටම රැඳීමට නොහැකි වන්නෙ දුර්වල කළමනාකාරීත්වය නිසාය. ඕවර් 100ක් පන්දු යවා ඇති වේග පන්දු යවන්නෙක් සිටිනවා නම් ඉන්පසු තිබිය යුතුයි නිශ්චිත අධ්‍යනයක් ඕවර් 18-20ක පමණ. ඔබ ඔහුව ක්‍රීඩා කිරිමෙන් මද කාලයක් ඉවත් කල යුතුයි නැවත ප්‍රකෘති ස්වභාවයට පත් වීමට. කිසි දිනෙක අපි නොකරන්නෙ ඒ දෙයයි. ” ආබාධිත තත්වයෙන් පසුවන ක්‍රීඩකයන් රැසක් පැවතීමට හේතුව යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා දක්වා සිටියේය.

“ඒ දවස් වල අපි අවුරුද්දකට ටෙස්ට් තරඟ 7ක් සහ එක්දින තරඟ 18-20ක්  පමණ ක්‍රීඩා කලා. නමුත් දැන් අපි අවුරුද්දකට ටෙස්ට් තරඟ 12ක්, එක්දින තරද 30ක්, විස්සයි විස්ස තරඟ 10ක් සහ තවත් තරඟ ක්‍රීඩා කරනවා. ක්‍රීඩකයින් සඳහා ඉල්ලුම ඉහල ගොස් තිබුනද ඒ දෙස අපි විද්‍යාත්මකව කවදාවත් බලල නෑ. නමුත් දැන් අපි ඒ දේ කරනවා. නමුත් තවත් මාස 8ක් 10ක් පමණ ගත වෙයි මෙහි නිවැරදි ප්‍රතිඵල දක ගැනීමට. අපි මේ දින වල මානසික වර්ධන මධ්‍යස්ථානයක් කොළඹ ඉදි කරගෙන යනවා ” තවදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා අදහස් දක්වා සිටියේය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට