ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (15) සාන්ත ලුසියා හී ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර A කාණ්ඩයේ තරගයෙන් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලැබූ පළමු ජයග්‍රහණයයි මේ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකානුවන්ට පරාජය වෙයි
ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (13) සාන්ත…
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 97ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ කාන්තාවන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 72ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සුපුරුදු ලෙසින්ම නැවත වතාවක් අසාර්ථක විය. යසෝදා මෙන්ඩිස් ඉනිමේ පළමු පන්දුවේ දී ම කඩුල්ල හැර ගියේ ජහනරා අලාම් එවනු ලැබූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ය. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ලට ලකුණු 23ක් එක් කිරීමට හසිනි පෙරේරා (9) සහ ඩිලානි මනෝදරා සමත් වූහ.
ඩිලානි මනෝදරා පන්දු 32ක දී හතරේ පහරක් සමගින් ලකුණු 16ක් ලබා සිටිය දී තෙවැනි කඩුල්ල ලෙසින් දුවද්දී දැවී යෑමට ගොදුරු වූවා ය.
නායිකා චමරි අතපත්තුට ද අද ලබා ගත හැකි වූයේ ලකුණු 12ක් පමණි. මේ වෙනුවෙන් ඇය පන්දු 16ක් පිටියේ රැඳී සිටි අතර හතරේ පහර දෙකක් තම ඉනිමට ඇතුළත් කර ගත්තා ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ශෂිකලා සිරිවර්ධන ය. ඇය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තාය.
BRC කඩුලු 6කින් ජය ගනිද්දී අනෙක් තරග නිමා වුනේ මෙහෙමයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging …
ශෂිකලා නිලක්ෂි ද සිල්වා (12) සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවක් ගොඩ නගමින් ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ද ගොඩ නැගීමට දායක වූවා ය. ඉනිම අවසන් වෙන විට ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී ලකුණක් ලබා සිටියා ය.
කඩුලු ලබා ගැනීමේ දී ජහනරා අලාම් ලකුණු 21කට කඩුලු 3ක් ලබා ගත්තා ය.
ශ්‍රී ලංකා ඉනිමේ සේ ම බංග්ලාදේශ ඉනිමේ ද පළමු කඩුල්ලේ ආයුෂ පළමු පන්දුවට සීමා විය. උදේශිකා ප්‍රබෝධිනිට එම කඩුල්ල හිමි වූ අතර ඇය විසින් එම පන්දු වාරයේ දී ම සිව්වැනි පන්දුවේ දී ද කිසිදු ලකුණක් ලබා නොදෙමින් දෙවැනි කඩුල්ල ද දවා ගැනීමට සමත් වූවා ය.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නිගාර් සුල්තානා ය. ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා ය. ඊට අමතරව අයාෂා රාහ්මන් (11) සහ රිතු මෝනි (11) ලකුණු අතරට පිවිසි අතර අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට ළඟා වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ සැලසුවේ නැත.
පන්දු යැවීමේ දී නායිකා චමරි අතපත්තු ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළා ය. උදේශිකා ප්‍රබෝධිනී ලකුණු 6කට කඩුලු 2ක් දවා ගත්තේ පන්දුවාර 2 පන්දු 5ක් පමණක් යවමිනි. ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇයගේ පන්දු යැවීම් එතැනින් නතර විය.
ශෂිකලා සිරිවර්ධන ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත් අතර ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරුණි. ඉනෝෂි ප්‍රියදර්ශනී සහ ඕෂදී රණසිංහට ද කඩුල්ල බැගින් හිමි විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 97 (20): ඩිලාන් මනෝදරා 16, ශෂිකලා සිරිවර්ධන 31, ජහන්රා අලාම් 3/21
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 72 (20) නිගර් සුල්තානා 20, උදේශිකා ප්‍රබෝධිනී 2/06, ශෂිකලා සිරිවර්ධන 2/10, චමරි අතපත්තු 3/17
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන සිව්වැනි තරගය හෙට (16) බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ සාන්ත ලුසියා හි දී ම පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<