දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ජයග්‍රහණ වාර්තා කරයි

53
ICC Women's World Cup Warm-up Matches

13 වැනි කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන තවත් පුහුණු තරග ද්විත්වය (28) අවසන් වුණා.

එහි දී මෙරට දී පැවැති පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ද සහ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඉන්දියාවේ දී පැවැති තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් වුණා.

පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය (දිවා/රාත්‍රී) කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 229ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා  Fatima Sana. ඇය පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Masabata Klaas ලකුණු 26කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ තවත් පන්දු 59ක් ඉතිරි ව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.

එහි දී Anneke Bosch පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් සහ Sune Luus පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූවා.

ඊට අමතර ව දකුණු අප්‍රිකානු ඉනිම අවසන් වන විට Chloe Tryon පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Diana Baig ලකුණු 32කට කඩුලු 2ක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්තාන කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 229 (50.0) Sidra Amin 37, Sidra Nawaz 35, Aliya Riaz 23, Fatima Sana 64, Ayabonga Khaka 2/40, Masabata Klaas 2/26

 

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 233 (40.1) Sune Luus 54, Anneke Bosch 58, Chloe Tryon නොදැවී 45, Nadine de Klerk 22, Diana Baig 2/32

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය (දිවා/රාත්‍රී) Bengaluru BCCI ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී Phoebe Litchfield පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා. ඊට අමතර ව පසු පෙළින් පිටියට පිවිසි Beth Mooney ඉනිම අවසන් වෙද්දී පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 59ක ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Sarah Glenn ලකුණු 32කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවෝ තවත් පන්දු 33ක් සහ කඩුලු 4ක් තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා. එහි දී Alice Capsey, Emma Lamb සහ Sophia Dunkley අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.

කඩුලු දවා ගැනීමේ දී Kim Garth කඩුලු ද්විත්වයක් ලබා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 247 (50.0) Phoebe Litchfield 71, Ashleigh Gardner 28, Beth Mooney නොදැවී 59, Lauren Bell 2/46, Em Arlott 2/35, Sarah Glenn 5/32

 

එංගලන්ත කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 251 (44.3) Sophia Dunkley 54, Alice Capsey 88, Emma Lamb 60, Kim Garth 2/17

එංගලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග මෙම තරග ද්විත්වයත් සමඟින් අවසන් වෙන අතර තරගාවලිය හෙට (30) වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<