Home Sinhala දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකා ඉලක්කය පහසුවෙන් පසු කරයි

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකා ඉලක්කය පහසුවෙන් පසු කරයි

ICC Women's World Cup

138
ICC Women's World Cup - SL vs‍ SA

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

වර්ෂාව හේතුවෙන් අහිමි වූ පන්දුවාරත් සමඟින් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 105ක් ලබා ගත් අතර තරගය අවසන් වන විට ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලැබුණ ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී සපුරා ගත්තා.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවිශා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, පියුමි වත්සලා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ ඉනෝකා රණවීර. 

 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Laura Wolvaardt (නායිකාව), Tazmin Brits, Sune Luus, Annerie Dercksen, Marizanne Kapp, Karabo Meso (නායිකාව), Chloe Tryon, Nadine de Klerk, Nondumiso Shangase, Masabata Klaas, Nonkululeko Mlaba 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරිනි විශ්මි ගුණරත්න 5 වැනි පන්දුවාරයේ දී ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 21ක් ව තිබුණා.  

ඇයගේ අඩු ව පිරීමට පිටියට එක් වූයේ හසිනි පෙරේරා. නමුත් ඇයට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැහැ. ඇයට ලබා ගැනීමට හැකි වූයේ හතරේ පහක් සමඟින් පන්දු 7ක දී එක් වූ ලකුණු 4ක් පමණයි.  

ශ්‍රී ලංකා ඉනිමේ පළමු Power Play අවස්ථාවේ දී අනෙක් ආරම්භක පිතිකාරිනී චමරි අතපත්තුගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඇය ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12ක් වූ අතර ඊට පන්දු 25ක් වැය තිබුණා.  

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවාරය අවසානයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ව තිබූ අතර පිටියේ රැඳී සිටි හර්ෂිතා සමරවික්‍රම පන්දු 18ක දී නොදැවී ලකුණු 6ක් ද සහ කවීෂා දිල්හාරි පන්දු 6ක දී නොදැවී ලකුණු 5ක් ද ලබා ගෙන තිබුණා.  

ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය ම දකුණතින් මඳ වේග පන්දු යැවූ Masabata Klaas සතු වුණා.  

ඉන් අනතුරුව නැවත තරගය ආරම්භ වෙන්නේ පන්දුවාර 20ක තරගයක් ලෙසිනුයි. එතැන් සිට ආරම්භ වූ තරගයේ හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි එක් ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24ක දී ලකුණු 26ක සබඳතාවක් එක් කරනවා. එහි දී කවීෂා දිල්හාරි පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගනිමින් දැවී යනවා.  

ඇය ගේ දැවී යෑමත් අනතුරු ව ආබාධිත තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ විශ්මි ගුණරත්න නැවත පිටියට පිවිසෙනවා. ඇය ගේ පැමිණීමෙන් අනතුරු ව යැවුණ පළමු පන්දුවේ දී ම හර්ෂිතා සමරවික්‍රම දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 24කට මුහුණ දෙමින් ලකුණු 13ක් ලබා සිටියා.  

ඇය ගේ පැමිණීමත් සමඟින් 5 වැනි කඩුල්ලේ දී ශ්‍රී ලංකා ඉනිමට ගෞරවනීය ලකුණු පුරවරුවක් ගොඩ නැගීමට විශ්මි ගුණරත්න සහ නිලක්ෂිකා සිල්වා සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පන්දු 24ක දී ලකුණු 40ක සබඳතාක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව අවසන් වෙන්නේ නිලක්ෂිකා සිල්වා පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.  

අනතුරු ව අනුශ්කා සංජීවනී ලකුණු 1කට දැවී යන අතර ඊට පසු පන්දුවේ දී විශ්මි ගුණරත්න ද දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා ගනිමින් ඉනිමේ වැඩි ම ලකුණුලාභිනිය බවට පත් වෙනවා.  

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන Nonkululeko Mlaba ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර ඊට අමතර ව Masabata Klaas කඩුලු 2ක් ද සහ Nadine de Klerk කඩුල්ලක් ද දවා ගත්තා.  

අනතුරු ව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 121ක අභියෝගයක් ලැබුණා. ඔවුන් එම ඉලක්කය පන්දු 98ක් පමණක් වැය සපුරා ගනිමින් සපුරා ගන්නා ලද්දේ කිසිදු කඩුල්ලක් අහිමි කර නොගනිමින්.   

එහි දී නායිකා Laura Wolvaardt පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද සහ Tazmin Brits පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තා . 

තරගයේ කෙටි ලකුණු පුවරුව  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 105 (20.0) විශ්මි ගුණරත්න 34, නිලක්ෂිකා සිල්වා 18, Masabata Klaas 2/18, Nonkululeko Mlaba 3/30

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 125 (14.2) Laura Wolvaardt නොදැවී 60, Tazmin Brits 55

 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක ජයග්‍රහණයක්.  

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Laura Wolvaardt (දකුණු අප්‍රිකාව) 

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 20 වැනිදා බංග්ලාදේශය සමඟින් ඉන්දියාවේ Navi Mumbai  හී දී පැවැත්වීමට නියමිතයි.  

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result
Sri Lanka Women
105/7 (20)
South Africa Women
125/0 (14.5)
Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne c Karabo Meso b Nonkululeko Mlaba 34 33 6 0 103.03
Chamari Athapaththu lbw b Masabata Klaas 11 25 2 0 44.00
Hasini Perera b Masabata Klaas 4 7 1 0 57.14
Harshitha Samarawickrama c Laura Wolvaardt b Nonkululeko Mlaba 13 24 0 0 54.17
Kavisha Dilhari c Laura Wolvaardt b Nadine de Klerk 14 13 1 1 107.69
Nilakshika Silva c Anneke Bosch b Nonkululeko Mlaba 18 17 2 0 105.88
Anushka Sanjeewani run out (Anneke Bosch) 1 1 0 0 100.00
Piumi Wathsala not out 0 0 0 0 0.00
Extras 10 (b 1 , lb 6 , nb 0, w 3, pen 0)
Total 105/7 (20 Overs, RR: 5.25)
Bowling O M R W Econ
Marizanne Kapp 5 1 14 0 2.80
Masabata Klaas 5 0 18 2 3.60
Chloe Tryon 2 0 13 0 6.50
Nadine de Klerk 4 0 23 1 5.75
Nonkululeko Mlaba 4 0 30 3 7.50

Batsmen R B 4s 6s SR
Laura Wolvaardt not out 60 47 8 0 127.66
Tazmin Brits not out 55 42 4 2 130.95
Extras 10 (b 0 , lb 2 , nb 0, w 8, pen 0)
Total 125/0 (14.5 Overs, RR: 8.43)
Bowling O M R W Econ
Sugandika Kumari 2 0 15 0 7.50
Malki Madara 3 0 14 0 4.67
Inoka Ranaweera 3 0 24 0 8.00
Chamari Athapaththu 3 0 22 0 7.33
Kavisha Dilhari 3 0 29 0 9.67
Piumi Wathsala 0.5 0 19 0 38.00