1973 වසරේ සිට ආරම්භ වූ කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කැලැන්ඩර් වසරක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතර පෙරමුණ ගැනීමට ඉන්දියාවේ Smriti Mandhana සමත් වූවා. ඒ 13 වැනි ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේදීයි.
- 10 වැනි තරගය (දිවා/රාත්‍රී), කොළඹ, ඔක්තෝබර් 08, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 251 (49.1) Pratika Rawal 37, Smriti Mandhana 23, Richa Ghosh 94, Sneh Rana 33, Marizanne Kapp 2/45, Nadine de Klerk 2/52, Nonkululeko Mlaba 2/46, Chloe Tryon 3/32
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 252 (48.5) Laura Wolvaardt 70, Marizanne Kapp 20, Chloe Tryon 49, Nadine de Klerk නොදැවී 84, Kranti Gaud 2/59, Sneh Rana 2/47
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Nadine de Klerk (දකුණු අප්‍රිකාව)
- ජාත්‍යන්තර එක්දින කාන්තා තරග ඉතිහාසයේ කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතුරින් ලැයිස්තු ගත පළමු 5 දෙනා
Player | Team | Mat | Ins | Runs | HS | Ave | 100 | 50 | Year | |
1 | Smriti Mandhana | ඉන්දියාව | 17 | 17 | 982 | 135 | 57.76 | 4 | 3 | 2025 |
2 | Belinda Clark | ඕස්ට්‍රේලියාව | 16 | 14 | 970 | 229* | 80.83 | 3 | 4 | 1997 |
3 | Laura Wolvaardt | දකුණු අප්‍රිකාව | 18 | 18 | 882 | 117 | 49.0 | 1 | 8 | 2022 |
4 | Debbie Hockley | නවසීලන්තය | 16 | 16 | 880 | 100* | 62.85 | 2 | 6 | 1997 |
5 | Amy Satterthwaite | නවසීලන්තය | 15 | 14 | 853 | 137* | 85.30 | 3 | 4 | 2016 |
Smriti Mandhana මෙම වාර්තාව තමන් සතු කර ගන්නේ වසර 28කට පෙර ඕස්ට්‍රේලියාවේ Belinda Clark විසින් තබා තිබූ වාර්තාවක් අභිබවා යමිනුයි. එවකට 27 හැවිරිදි වියේ පසු වූ Belinda Clark, 1997 වසරේ දී තරග 16ක ඉනිම් 14ක දී ලකුණු 970ක් ලබා ගන්නේ 80.83ක සාමාන්‍යයක් ද පවත්වාගෙන යමිනුයි.
Belinda Clark ගේ එම ඉනිම් අතර පාකිස්තානයට එරෙහි ව ලකුණු 131ක්, නවසීලන්තයට එරෙහි ව ලකුණු 142ක් සහ ඩෙන්මාර්කයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 229ක් ද ඇතුලත්.
ඇය ඊට පසු ව 2000 වසරේ දී ද තරග 16ක දී ලකුණු 842ක් ලබා ගනිමින් එම වසරේ ද වැඩිම ලකුණුලාභී එක්දින ක්‍රීඩිකාව බවට ද පත් වූවා. එක්දින ජාත්‍යන්තර තරග දිවියට සමු දෙන විට තරග 118කට සහභාගී වූ Belinda Clark ඉනිම 114ක දී ශතක 5ක් සහ අර්ධ ශතක 30ක් සමඟින් ලකුණු 4844ක් ලබා සිටියා.
- Stats : Alana King රජ ඉනිමක නිරත වෙයි
- Stats : දකුණු අප්‍රිකාව 69ට දැවී යයි
- ඉනෝකා ගේ කඩුලු දඩයමට අසාර්ථක අවසානයක්
Smriti Mandhana මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය පත් වෙද්දී ලබා ගත් ලකුණු අතර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 135 වාර්තා වෙන්නේ අයර්ලන්තයට එරෙහිවයි. ඊට අමතර ව ඇය ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 116ක්, ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලකුණු 117ක් සහ 125ක් ලෙසින් පිට පිට තරග දෙකක දී ලබා ගත් ශතකත් සමඟින් ශතක 4ක් ද වාර්තා කරනවා.
ඇයගේ මෙම ඉනිම් අතර අයර්ලන්තයට (73), දකුණු අප්‍රිකාවට (51) සහ ඕස්ට්‍රේලියාවට (58) එරෙහි ව ලබා ගත් අර්ධ ශතක ත්‍රිත්වයක් ද තිබෙනවා.
කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ලකුණුලාභී ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වීමට පෙර Smriti Mandhana පසුගිය 2024 වසරේ ද ලකුණු 747ක් ලබා ගනිමින් එම වසරේ ලැයිස්තුවේ පළමු වැනියා බවට ද පත් වුණා.
ඇය එවර තරග 13ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 747ක් ලබා ගනිමිනුයි එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත්තේ. ඒ වසරේ 2 වැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt සතු වුණා. ඇය එම අසුනට පිවිසියේ තරග 12ක ඉනිම් 12ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 697ක් ලබා ගනිමිනුයි.
මේ වසරේ වැඩිම ලකුණු ලබා ගත් අනෙක් පිතිකාරිනියන් අතුරින් 2 වැනි ස්ථානය පත් ව ඇත්තේ ඉන්දීයාවේ ම Pratika Rawal. ඇය මේ වෙද්දී තරග 17ක ඉනිම් 17ක දී ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 773ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 48.31ක්.
නිමා වූ තරගයේ සුවිශේෂී කඩඉම්
252/7 (48.5) : දකුණු අප්‍රිකානු මෙම ඉනිම ඉන්දියාවට එරෙහි ව ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඔවුන් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 3 වැනි තැනට පත් ඉනිම වූ අතර එම ඉනිම ඉන්දියාවට එරෙහි එක්දින තරග ඉතිහාසයේ 8 වැනියට ලැයිස්තු ගත වූ ඉනිමයි.
1000 : මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකා Richa Ghosh පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත් අතර ඒ සමඟින් ඇය එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 1000 කඩඉමට පිවිසිමට සමත් වුණා.
84* : මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මානයට පත් දකුණු අප්‍රිකාවේ Nadine de Klerk පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා ගත් අතර එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග 52ක හොඳම ඉනිම ලෙසින් සටහන් වූවා.
- Stats : Gardner සහ Sophie ශතක ලබා ගනී
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
- ලෝක කුසලාන සැරසූ ලළනාවෝ
11 වැනි තරගය (දිවා/රාත්‍රී), Guwahati, ඔක්තෝබර් 10, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – නවසීලන්තය
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 227 (50.0) Suzie Bates 29, Sophie Devine 63, Brooke Halliday 69, Maddy Green 25, Rabeya Khan 3/30
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 127 (39.5) Fahima Khatun 34, Rabeya Khan 25, Rosemary Mair 2/20, Jess Kerr 3/21, Lea Tahuhu 3/22
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 100ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Brooke Halliday (නවසීලන්තය)
නිමා වූ තරගයේ සුවිශේෂී වාර්තාවන්
227/9 (50.0) : දෙරට ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වුණා.
ඊට පෙර දෙරට අතුරින් වැඩිම ලකුණු ලබා සිටියේ ද නවසිලන්තය කණ්ඩායමයි. ඒ 2022 වසරේ දී Wellington හි දී කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු 181යි.
127/10 (39.5) : මෙම තරගයේ දී බංග්ලාදේශය වාර්තා කරන ලද මෙම ඉනිම දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවන් අතර පළමු තැනට පත් ඉනිම බවට පත් වුණා.
- දෙරට එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක සියලුම දෙනා දැවී ගිය පළමු ඉනිම බවට පත් වූයේ ද මෙම ඉනිමයි.
100 : මෙම තරගයේ දී නවසීලන්තය ලකුණු 100ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර එය දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු මඟින් ලැබූ ඉහළ ම ජයග්‍රහණයයි.
112 : මෙම තරගයේ කඩුලු අතර එක් වූ සබඳතාවන් අතර ලකුණු 100ක් ඉක්ම වූ සබඳතාවක් 4 වැනි කඩුල්ලට එක් වූ අතර එය දෙරට ඉතිහාසයේ එම කඩුල්ලට එක් වූ ඉහළ ම ලකුණු සබඳතාවයි. එම වාර්තාවට එක් වූයේ Brooke Halliday සහ Sophie Devine.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<