13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග ද්විත්වයක් පසුගිය දිනවල දී නිමා වූ අතර ඒ අතර මෙතෙක් මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා වීම ද කැපී පෙණුනා.
3 වැනි තරගය (දිවා/රාත්‍රී), කොළඹ, ඔක්තෝබර් 02, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – පාකිස්තානය
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 129 (38.3) Rameen Shamim 23, Fatima Sana 22, Marufa Akter 2/31, Nahida Akter 2/19, Shorna Akter 3/05
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 131 (31.1) Rubya Haider නොදැවී 54, Nigar Sultana 23, Sobhana Mostary නොදැවී 24, Diana Baig 1/14
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Marufa Akter (බංග්ලාදේශය)
නිමා වූ තරගයේ සුවිශේෂී වාර්තාවන්.
54* : මෙම තරගයේ දී මංගල එක්දින වරම් දිනා ගන්නා බංග්ලාදේශ කණ්ඩායමේ Rubya Haider තම මංගල තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා.
8-8 : බංග්ලාදේශ සහ පාකිස්තානය අතර මෙතෙක් පැවැති තරගවල දී 8-8ක් ලෙස සම ලෙසින් නිමා කිරීමට මෙම තරගයේ දී සමත් වුණා. දෙරට අතර මේ දක්වා එක්දින තරග 17ක් පවත්වා ඇති අතර අනෙක් තරගය නිමා වී ඇත්තේ ලකුණු සම වීමෙනුයි.
- Stats : Gardner සහ Sophie ශතක ලබා ගනී
- Stats : ඉනෝකා සහ උදේශිකා ජ්‍යෙෂ්ඨයන් අතර පෙරමුණ ගනී
- ඉනෝකා ගේ කඩුලු දඩයමට අසාර්ථක අවසානයක්
- ලෝක කුසලාන සැරසූ ලළනාවෝ
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
4 වැනි තරගය (දිවා/රාත්‍රී), Guwahati, ඔක්තෝබර් 03, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – එංගලන්තය
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 69 (20.4) Sinalo Jafta 22, Linsey Smith 3/07, Nat Sciver-Brunt 2/05, Sophie Ecclestone 2/19, Charlie Dean 2/14
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 73 (14.1) Tammy Beaumont නොදැවී 21, Amy Jones නොදැවී 40
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Linsey Smith (එංගලන්තය)
නිමා වූ තරගයේ සුවිශේසී වාර්තාවන්
69/10 (22.1) : ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකානු කණ්ඩයමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි තැන ගත් තරගය වූයේ මෙයයි.
මෙම වාර්තාවේ පළමු ස්ථානයේ රැඳී ඇත්තේ 2009 වසරේ Bowral හි දී නවසීලන්තය හමුවේ දැවී ගිය ලකුණු 51යි.
- මෙය දකුණු අප්‍රිකානු එක්දින තරග ඉතිහාසයේ ඉනිමක දී වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාවන් අතර තෙවැනි තැනට පත් ඉනිමයි.
එහි පළමු ස්ථානය 2009 වසරේ Bowral හි දී පැවැති නවසීලන්තය හා තරගයත්, 2 වැනි ස්ථානය 2019 වසරේ Potchefstroom හි දී පාකිස්තානය හමුවේ දැවී ගිය ලකුණු 63යි.
- මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්ත කණ්ඩායමක් හමුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
එහි ඊට පෙර රැඳී තිබුණේ 2013 වසරේ දී Cuttack හි දී දැවී ගිය ලකුණු 77යි.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<