13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාවේ Ashleigh Gardner සමත් වෙන අතර ඊට පසු ඉනිමේ දී ශතකයක් ලබා ගැනීමට නවසීලන්තයේ Sophie Devine සමත් වුණා.
- 2 වැනි තරගය(දිවා/රාත්‍රී), Indore, ඔක්තෝබර්01, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 326 (50.0) Phoebe Litchfield45, Ellyse Perry33, Ashleigh Gardner 115, Tahlia McGrath 26, Kim Garth 38, Bree Illing 2/75, Jess Kerr 3/59, Amelia Kerr 2/54, Lea Tahuhu 3/42
- නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 237 (43.2) Amelia Kerr33, Sophie Devine 112, Brooke Halliday28, Maddy Green 20, Isabella Gaze 28, Sophie Molineux 3/25, Annabel Sutherland 3/26, Alana King 2/44
ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 89ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Ashleigh Gardner (ඕස්ට්‍රේලියාව)
- Stats : ඉනෝකා සහ උදේශිකා ජ්‍යෙෂ්ඨයන් අතර පෙරමුණ ගනී
- ඉනෝකා ගේ කඩුලු දඩයමට අසාර්ථක අවසානයක්
- ශ්‍රී ලංකාව පාකිස්තානයේ තුන්කොන් T20 තරගාවලියකට
- 2025 LPL තරගාවලියට දින වකවානු තහවුරු වෙයි
නිමා වූ තරගයේ වාර්තා වූ සුවිශේසී වාර්තාවන්
326/10 (50.0) : ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නවසීලන්තයට එරෙහි ව කාන්තා ලෝක කුසලාන තරගාවලියක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
ඊට පෙර ඕස්ට්‍රේලියාව, නවසීලන්තයට එරෙහි ව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ 2022 වසරේ Wellington හි දී කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු 269යි.
මෙම ඉනිම ඕස්ට්‍රේලියා ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ඉනිම් අතර තෙවැනි තැනට පත් ඉනිමයි.
563 : ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක් ව මෙම තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව දෙරට ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා.
එමෙන් ම මෙම ඉනිම් ද්විත්වයේ එකතුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ සිව් වැනි තැනට ලැයිස්තු ගත වූ තරගය බවටත් පත් වූණා.
115 : මෙවර ලෝක කුසලාන තරගාවලියේ මංගල ශතකලාභීනිය බවට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ 28 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකාරිනී Ashleigh Gardner. ඇය ලබා ගත් මෙම ශතකයත් සමඟින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලෝක කුසලාන තරගමාලාවක දී ශතකයක් ලබා ගත් 17 වැන්නිය බවට ද පත් වුණා.
එමෙන් ම ඇයගේ මෙම ඉනිම ලෝක කුසලාන තරග ඉතිහාසයේ නවසීලන්තයට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූ අතර තරගය 81ක් වන ඇයගේ එක්දින තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.
112 : මෙම තරගයේ දී ප්‍රතිවාදී ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ Sophie Devine ද ශතකයක් වාර්තා කරනවා. එය ඇයගේ එක්දින තරග ඉතිහාසයේ 9 වැනි ශතකය වූ අතර ඒ සමඟින් ම ඇය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ලකුණු 4000 කඩඉමට පිවිසිමට ද සමත් වූවා.
Sophie Devine විසින් වාර්තා කරන ලද මෙම ශතකය නවසීලන්ත ක්‍රීඩිකාවන් විසින් වාර්තා කරන ලද 17 වැනි ශතකය වන අතර එක්දින ජාත්‍යන්තර තරග 153ක වාර්තා කරන ලද 9 වැනි ශතකයයි.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.