16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 17 වැනි දිනයේ (31) දී නිමා වෙන්නේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයයි.
ඇෆ්ගනිස්තානුවෝ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වනසා දමයි
35 වැනි තරගය, Super Sixes, Group 2, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර
Harare ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිස කඩුලු 9ක් දැවී 253ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 179ක් පමණයි.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Azizul Hakim. ඔහු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ලබා ගන්නවා. ඊට අමතර ව Rizan Hossan පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Michael Blignaut, Shelton Mazvitorera සහ Tatenda Chimugoro කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
- ඕස්ට්‍රේලියානුවෝ තව දුරටත් අපරාජිත බව රැකගනී
- 13න් පහළ ජයග්‍රහණයට ලකුණු 2ක් හරස් වෙයි
- සුපිරි 6 කණ්ඩායම් තීරණය වෙයි
- NSL T20 පිටිය කැළඹූ ළලනාවෝ
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සිම්බාබ්මේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Simbarashe Mudzengerere. ඔහු පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 70ක් ලබා ගන්නවා. ඊට අමතර ව Shelton Mazvitorera පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Iqbal Hossain Emon ලකුණු 24කට කඩුලු 5ක් දවා ගන්නවා. ඊට අමතර ව Al Fahad කඩුලු 3ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 253 (50.0) Zawad Abrar 25, Azizul Hakim 59, Rizan Hossan 47, Al Fahad නොදැවී 23, Tatenda Chimugoro 2/49, Shelton Mazvitorera 2/44, Michael Blignaut 2/41
- සිම්බාබ්වේවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 179 (48.4) Simbarashe Mudzengerere 70, Shelton Mazvitorera නොදැවී 42, Al Fahad 3/39, Iqbal Hossain Emon 5/24
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 74ක ජයක්.
තරගයේ වීරයා – Iqbal Hossain Emon (බංග්ලාදේශය)
2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















