එංගලන්තය සුපිරි 6 පළමු තරගය ජය ගනී

ICC U 19 Cricket World Cup 2026

1
ICC Men's Under-19 World Cup 2026 - 26th January

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි දිනය (26) අවසන් වෙද්දී තරගාවලියේ සුපිරි 6 වටයේ 2 වැනි කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහි ව පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා.

ඊට අමතර ව තරගාවලියේ 16 වැනි ස්ථානය සඳහා තරග වැදුණ ස්කොට්ලන්තය සහ ඇමරිකාව අතර තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් ඇමරිකා ක්‍රීඩකයෝ එම අසුන හිමි කර ගත්තා.

මේ අතර තරගාවලියේ සුපිරි 6 වටයේ 1 වැනි කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

>>ශ්‍රී ලංකාව නැවතත් සටනට අවතීර්ණ වෙයි; අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ජීවමානයි<<

27 වැනි තරගය, Super Sixes, Group 2, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර

Bulawayo හී Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසියා. ඒ අනුව පැවැති ඔවුන්ගේ ඉනිම ලකුණු 136කට සීමා වුණා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ වමත් පිතිකරු Rifat Beg. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා. ඊට අමතර ව Md Abdullah පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද සහ නායක Azizul Hakim පන්දු 46කට මුහුණ දෙමින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් ආරම්භක මඳ වේග පන්දු යැවූ Sebastian Morgan ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව Ralphie Albert සහ Manny Lumsden කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කරන්නේ තවත් පන්දු 155ක් ද ඉතිරි කර ගනිමිනුයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Thomas Rew. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා සිටියා.

ඊට අමතර ව Ben Mayes පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 34ක් ද සහ Ben Dawkins පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Al Fahad ලකුණු 37කට කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 136 (38.1) Rifat Beg 31, Azizul Hakim 20, Md Abdullah 25, Sebastian Morgan 3/28, Ralphie Albert 2/15, Manny Lumsden 2/18
  • එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 137 (24.1) Ben Dawkins 27, Ben Mayes 34, Thomas Rew නොදැවී 59, Al Fahad 2/37

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – Thomas Rew (ඕස්ට්‍රේලියාව)

16 වැනි ස්ථානය, ස්කොට්ලන්තය සහ ඇමරිකාව අතර

Harare ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 236ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඇමරිකානු ක්‍රීඩකයෝ ඉනිම අවසන් වීමට තවත් පන්දු 68ක් තිබිය දී කඩුලු 3ක් පමණක් බිඳ වැටි ලකුණු 239ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ආරම්භක දකුණත් පිතිකරු Theo Robinson පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තා.

ඊට අමතර ව Manu Saraswat පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ද එම ඉනිමට එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී Ritvik Appidi ලකුණු 54කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Rayaan Taj ද කඩුලු 3ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන්නා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇමරිකානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ තවමත් 16 වැනි වියේ පසුවෙන Adnit Jhamb. ඔහු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 116ක් ලබා ගත්තා.

ඔහුට අමතර ව Utkarsh Srivastava පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 105ක දී ලකුණු 129ක සබඳතාවක් ද එක් කරනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව ආරම්භක පිතිකරු Amrinder Gill පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Ollie Jones ලකුණු 46කට කඩුලු 2ක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ස්කොට්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 236 (50.0) Theo Robinson 83, Olly Pillinger 23, Manu Saraswat 41, Jake Woodhouse 28, Ritvik Appidi 4/54, Rayaan Taj 3/37
  • ඇමරිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 239 (34.4) Amrinder Gill 35, Adnit Jhamb නොදැවී 116, Utkarsh Srivastava 52, Ollie Jones 2/46

ඇමරිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – Adnit Jhamb (ඇමරිකාව)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<