ඉන්දියාව 2 වැනි ජයත් ලබයි

ICC U 19 Cricket World Cup 2026

3
ICC Men's Under-19 World Cup 2026 - 17th January

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අද (17) පැවැති තරග ද්විත්වයෙන් ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි ව ජයග්‍රහණය ලබා ගනිමින් තරගාවලියේ පිට පිට ලත් 2 වැනි ජයග්‍රහහණය ද ලබා ගැනීමට සමත් වූවා.

මේ අතර පැවැති අනෙක් තරගය වූ ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගයේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ලකුණු 203ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

>>වාර්තා රැසක් සමඟ ශ්‍රී ලංකා යෞවනයින් පළමු තරගයෙන් දැවැන්ත ජයක් ලබයි<<

7 වැනි තරගය, Group B, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර

Bulawayo හී Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 238ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Abhigyan Kundu. ඔහු පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා. ඊට අමතර ව Vaibhav Sooryavanshi පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් ද එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Al Fahad ලකුණු 38කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Azizul Hakim සහ Iqbal Hossain Emon කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමට අවස්ථා 2කදීම වර්ෂාවෙන් බාධා එල්ල වෙනවා. ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පන්දුවාර 29කට ලකුණු 165ක් බවට පත් වුණා. නමුත් ඔවුන්ගේ ඉනිම ලකුණු 146කට සීමා වුණා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Azizul Hakim. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Vihaan Malhotra ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙනවා. ඊට අමතර ව Khilan Patel ද කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 238 (48.4) Vaibhav Sooryavanshi 72, Abhigyan Kundu 80, Kanishk Chouhan 28, Al Fahad 5/38, Iqbal Hossain Emon 2/45, Azizul Hakim 2/42
  • බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 146 (28.3) Rifat Beg 37, Azizul Hakim 51, Khilan Patel 2/35, Vihaan Malhotra 4/14

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 18ක ජයක්.

  • තරගයේ වීරයා – Vihaan Malhotra (ඉන්දියාව)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<