මංගල ශතකය ඔස්ට්‍රේලියාවෙන්

ICC U 19 Cricket World Cup 2026

4
ICC U 19 Cricket World Cup 2026

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මෙවර පළමු ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවේ Steven Hogan සමත් වුණා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

සුපුරුදු ලෙසින් අදත් මෙම තරගාවලියේ තරග 3ක් අවසන් වූ අතර එහි දී එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

4 වැනි තරගය, Group C, එංගලන්තය සහ පාකිස්තානය අතර 

Harare හි Takashinga ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 120ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Caleb Falconer. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු Ben Dawkins පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Ahmed Hussain ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Abdul Subhan, Ali Raza සහ Momin Qamar කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිම වෙනුවෙන් නායක Farhan Yousaf පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්ත ද ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 173ක් පමණයි.

එම ඉනිම අමාරුවේ දමද්දී James Minto, Ralphie Albert සහ Alex Green කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 210 (46.5)Ben Dawkins 33, Ben Mayes20, Caleb Falconer 66, Ralphie Albert 25, Ali Raza 2/36, Abdul Subhan 2/24, Ahmed Hussain 3/38, Momin Qamar 2/45
  • පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 173 (46.3)Farhan Yousaf65, Alex Green 2/21, James Minto 2/23, Ralphie Albert 2/23

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 37ක ජයක්.

  • තරගයේ වීරයා – Caleb Falconer (එංගලන්තය)

 

5 වැනි තරගය, Group A, අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර

Windhoek හි Namibia ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයො කඩුලු 7ක් දැවී ලකුණු 235ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Rob O’Brien. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 79ක් ලබා ගන්නවා. ඊට අමතර ව Freddie Ogilby පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Charles Lachmund ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 30ක් වෙද්දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලට ලකුණු 186ක සබඳතාවක් එක් කිරීමට Nitesh Samuel සහ Steven Hogan සමත් වුණා.

එහි දී Steven Hogan පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 115ක් ලබා ගනිමින් මෙවර තරගාවලියේ පළමු ශතකය වාර්තා කළා. Nitesh Samuel තරගය අවසන් වන විට පන්දු 101කට මුහුණ දෙමින් ලකුණු 77ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් තවත් පන්දු 62ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • අයර්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 235 (50.0)Freddie Ogilby49, Rob O’Brien 79, Adam Leckey 22, Charles Lachmund 3/41
  • ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 237 (39.4)Will Malajczuk22, Nitesh Samuel නොදැවී 77, Steven Hogan 115

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • තරගයේ වීරයා -Steven Hogan (ඔස්ට්‍රේලියාව)

 

6 වැනි තරගය, Group D, ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර

Windhoek හි High Performance Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 266ක් ලබා ගත්තා.

එම ඉලක්කය කරා යන ගමනේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 238ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ත්‍රිත්වයක් එක් වූවා. එහි දී Faisal Shinozada පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 81ක් ද, Khalid Ahmadzai පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ද සහ Uzairullah Niazai පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද ලෙසින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී Jason Rowles පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 98ක් ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

කඩුලු දවා ගැනීමේ දී Khatir Stanikzai සහ Abdul Aziz කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඇෆ්ගනිස්තානවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 266(50.0) Khalid Ahmadzai 74, Faisal Shinozada 81, Uzairullah Niazai නොදැවී 51, Bayanda Majola 3/59, Corne Botha 3/45
  • දකුණු අප්‍රිකාවවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනාදැවී 238 (47.4) Jason Rowles 98, Lethabo Phahlamohlaka 22, Daniel Bosman 20, Corne Botha 25, Abdul Aziz 2/49, Khatir Stanikzai 2/46

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 28ක ජයක්.

  • තරගයේ වීරයා – Uzairullah Niazai (ඇෆ්ගනිස්තානය)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<