ඉන්දීය A ක්‍රීඩකයෝ නැවත ජය ලබයි

ICC Men's T20 World Cup Warm-up Matches

1
ICC Men's T20 World Cup Warm-up Matches

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් පුහුණු තරග 2ක් අද (6) දවසේ දී ද පැවැති අතර එහි දී නැවත වරත් ඉන්දීය A කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

>>T20 ලෝක කුසලානය රට වටා යන ගමන ආරම්භ වෙයි!

ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය

Chennai හි දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉතාලි ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Anthony Mosca. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා. ඊට අමතර ව Justin Mosca ඉනිම අතරමඟ දී හැර යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Junaid Siddique ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වුවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 81ක් පමණයි. ඔවුන්ගේ ඉනිම ඒ තරමින් අසරණ කිරීමේ දී Grant Stewart සහ Crishan Kalugamage කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව JJ Smuts කඩුලු ද්විත්වයක් දවා ගත්තා.

නිමා වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අංක 10 ස්ථානයෙන් පිටියට පිවිසි Muhammad Farooq. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Muhammad Zohaib පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද සහ Aryansh Sharma පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉතාලිය – කඩුලු 7ක් දැවී 193 (20.0)Justin Mosca පිටියෙන් ඉවත් වූවා 48, Anthony Mosca 56, Harry Manenti 29, Ben Manenti 20,Grant Stewart 29,  Junaid Siddique 3/32
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියලුම දෙනා දැවී 81 (18.2)Muhammad Farooq23, JJ Smuts 2/09, Grant Stewart 3/07, Crishan Kalugamage 3/18

ඉතාලියට ලකුණු 112ක ජයක්.

ඉන්දීය A කණ්ඩායම සහ නැමීබියාව අතර තරගය

Bengaluru හි පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය A කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 197ක් ලබා ගන්නවා.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නැමීබියා ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 67ක් ලෙසයි. ඒ අනුව ඔවුන්ට මෙම තරගයෙන් ලකුණු 130ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Riyan Parag. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා.

ඊට අමතර ව Naman Dhir පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ද සහ Ashutosh Sharma පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Gerhard Erasmus, Max Heingo සහ Ruben Trumpelmann කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නැමීබියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුයේ Dylan Leicher. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා. ඊට අමතර ව Jan Frylinck ද පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.

වෙනත් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට යෑමට ඉඩ නොදුන් ප්‍රතිවාදී කණ්ඩායමේ Gurjapneet Singh, Ashok Sharma, Mayank Yadav සහ Vipraj Nigam කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 197(20.0)Naman Dhir 39, Riyan Parag 69, Ashutosh Sharma 35, Ruben Trumpelmann 2/44,  Max Heingo 2/30, Gerhard Erasmus 2/02
  • ැමීබියාවසියලුම දෙනාදැවී 67 (12.1) Dylan Leicher 22, Gurjapneet Singh 2/06, Mayank Yadav 2/17, Ashok Sharma 2/08, Vipraj Nigam 2/17

ඉන්දීය A කණ්ඩායමට ලකුණු 130ක ජයක්.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<