ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඕමානයට පරාජය වෙයි

ICC Men's T20 World Cup Warm-up Matches

1
ICC Men's T20 World Cup Warm-up Matches

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ත්‍රිත්වයක් අද (3) ශ්‍රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී පැවැති අතර එහි දී ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඕමානය අතර තරගයත්, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර තරගයත් කොළඹ දී පැවැති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර තරගය Chennai හි දී පැවැත් වුණා.

>>ලෝක කුසලානයේ පුහුණු තරග ආරම්භ වේ

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඕමානය අතර තරගය

කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා A නායක ලහිරු සමරකෝන් ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගැනීමයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 145කට සීමා වුණා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ වනුජ සහන්. ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 29ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඉනිම අවසන් වන විට චමිඳු විජේසිංහ පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද, ඉදිරි පෙළ පිතිකරු සහන් කෝසල පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද සහ ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Jay Odedra, Shah Faisal සහ Shakeel Ahmed කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුර ඉනිමට පිටියට පිවිසි ඕමාන ක්‍රීඩකයෝ තවත් පන්දු 12ක් ඉතිරි කර ගනිමින් කඩුලු 5කට ලකුණු 146ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ 44 හැවිරිදි වියේ පසුවෙන Aamir Kaleem. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඕමාන ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Vinayak Shukla පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී කවිජ ගමගේ සහ ලහිරු සමරකෝන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා Aකණ්ඩායම – කඩුලු 9ක් දැවී 145 (20.0)දුල්නිත් සිගේරා 20, සහන් කෝසල 21, වනුජ සහන් 29, චමිඳු විජේසිංහ නොදැවී 24, Shah Faisal 2/21, Shakeel Ahmed 2/24, Jay Odedra 2/18
  • ඕමානය – කඩුලු 5ක් දැවී 146 (18.0)Aamir Kaleem80, Vinayak Shukla නොදැවී 39, වනුජ සහන් 3/16

ඕමාන කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 149ක් පමණයි.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Ryan Burl. ඔහු ඉනිම අවසන් වෙද්දී පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.

ඊට අමතර ව Dion Myers පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ද සහ Tadiwanashe Marumani පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනිමේ දී Logan van Beek ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පසුපෙළින් පිටියට පිවිසි Logan van Beek. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගන්නවා.

ඊට අමතර ව නායක Scott Edwards පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Richard Ngarava ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහුට අමතර ව Graeme Cremer සහ Wellington Masakadza කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සිම්බාබ්වේ – කඩුලු 9ක් දැවී 178 (20.0)Tadiwanashe Marumani28, Dion Myers 32, Sikandar Raza 20, Ryan Burl නොදැවී 50, Logan van Beek 3/22
  • නෙදර්ලන්තය – සියලුම දෙනා දැවී 149 (20.0)Michael Levitt20, Scott Edwards 26, Logan van Beek නොදැවී 40, Richard Ngarava 3/11, Wellington Masakadza 2/26, Graeme Cremer 2/15

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 29ක ජයක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර තරගය

  • Chennai හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නේපාල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නේපාල ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 18ක් ද ඉතිරි කර ගනිමිනුයි.
  • පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Sohaib Khan. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගන්නවා.
  • ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 66ක් ව තිබිය දී පිටියට පිවිසි ඔහු Harshit Kaushik සමඟ 6 වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 68ක සබඳතාවක් ගොඩ නගනවා. Harshit Kaushik පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
  • කඩුලු දවා ගැනීමේ දී Sandeep Lamichhane සහ Karan KC කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
  • පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නේපාල ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 45කට දැවී යෑමෙන් අනතුරු ව සිව් වැනි කඩුල්ලට එක් වූ Dipendra Singh Airee සහ Aarif Sheikh එක් ව තරගය ජයග්‍රහණය කරා රැගෙන යන්නේ පන්දු 61ක දී නොදැවුණ ලකුණු 103ක සබඳතාවක් එක් කරමින්.
  • එහි දී Aarif Sheikh පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ද සහ Dipendra Singh Airee පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද ලබා ගන්නවා.
  • කඩුලු දවා ගැනීමේ දී Muhammad Rohid කඩුල්ලක් දවා ගන්නවා.
  • තරගයේ කෙටි ලකුණු පුවරුව
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 6ක් දැවී 145 (20.0)Aryansh Sharma 25, Harshit Kaushik35, Sohaib Khan නොදැවී 38, Karan KC 2/26, Sandeep Lamichhane 2/24
  • නේපාලය – කඩුලු 3ක් දැවී 148 (17.0)Dipendra Singh Aireeනොදැවී 50, Aarif Sheikh නොදැවී 61
  • නේපාලයට කඩුලු 7ක ජයක්.
  • මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
  • >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<