ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තානයේ ගලඋඩ සටන

ICC Men's T20 World Cup 2026

1
ICC Men's T20 World Cup 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයට එක් වූ ශ්‍රී ලංකාව සහභාගී වන 3 වැනි තරගය අද (28දා) පාකිස්තානය සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

A කාණ්ඩයෙන් තරගාවලියේ පළමු වටයට එක් වූ ප්‍රතිවාදී පාකිස්තාන ක්‍රීඩකයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය සහ නැමීබියාව පරාජය කරමින් ලද ප්‍රසාද ලකුණු 6ක් සමඟින් සුපිරි 8 වටයට පිවිසෙනවා. ඔවුන් එම වටයේ දී ඉන්දීය ක්‍රීඩකයන් වෙතින් පරාජයට පත් වෙන අතර ලත් එම පරාජය හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ ඔවුන්ට හිමි වූයේ 2 වැනි ස්ථානයයි.

පාකිස්තානය සේ ම ශ්‍රී ලංකාව ද මෙම තරගයට එක් වෙන්නේ සුපිරි 8 වටයේ තමන් සහභාගී වන අවසන් තරගයටයි. පාකිස්තානය මෙම වටයේ දී එංගලන්තය වෙතින් පරාජය වෙමින් ද සහ නවසීලන්තය හා සමඟ තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව ද අවසන් වීම ද හේතුවෙන් ලත් ප්‍රසාද ලකුණත් සමඟින් 3 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව සහභාගී වූ තරග ද්විත්වය ම පරාජය වෙමින් ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.

>>සියලු බලාපොරොත්තු නිමයි; ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ අන්ත අසරණ වෙයි<<

පෙර දින අවසන් වූ එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයෙන් එංගලන්ත ක්‍රීඩකයෝ ජයග්‍රහණය කිරීමත් සමඟින් ඔවුන් මෙම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර ඒ සමඟින් නවසීලන්ත ක්‍රීඩකයන්ට සිදු වූයේ අද තරගයේ විසඳුම ලැබෙන තෙක් තම ගුවන් ගමන ප්‍රමාද කිරීමටයි.

ඒ තරමට ම මෙම තරගය විශේෂ වෙන්නේ මෙම තරගයේ දී පාකිස්තානය නොසිතූ විරූ ජයග්‍රහණයක් ලබා ගන්නේ නම් නවසීලන්තය අභිබවා ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියට පිවිසෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් ලැබෙන නිසාවෙනුයි.

ඔවුන් ඒ ආකාරයේ බලාපොරොත්තු සහගත ව මෙම තරගයට පිවිසෙද්දී ශ්‍රී ලංකාවට සිදු ව තිබෙන්නේ නායගිය තම දක්ෂතාවන් යළි පුනරුත්තාපනය කර ගනිමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය දිනා ගැනීම එක ම අපේක්ෂාව කර ගනිමින් මෙම තරගයට සහභාගී වීමටයි.

ඒ අනුව ඇරඹෙන මෙම තරගය ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ 30 වැනි තරගයයි. මෙතෙක් දෙරට ක්‍රීඩකයෝ හමු වී ඇති තරග 29 දී තරග 17ක ජයග්‍රහණ පාකිස්තානය සතු කර ගෙන සිටින ලද අතර ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 12ක් පමණයි.

එම තරග අතුරින් ඔවුනොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන තරග 4ක දී එක් වී ඇති අතර එම තරග අතුරින් දෙරට ක්‍රීඩකයෝ තරග 2ක් බැගින් ජයග්‍රහණය කරමිනුයි අවසන් කර ඇත්තේ.

මෙවර තරගාවලියට එක් වෙන පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය හිමි ව තිබෙන්නේ 32 හැවිරිදි වියේ පසුවෙන Salman Agha වෙතයි. මෙම තරගයට ඔහු නායකත්වය දක්වන 50 වැන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයයි.

මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 916ක් ලබා සිටින ඔහුට මෙවර තරගාවලියේ දී තවමත් සාර්ථකත්වයට පත් විය නොහැකි වූ පිතිකරුවෙක් බවට පත් ව සිටිනවා. ඔහුට නිමා වූ තරග 6 දී ම ලබා ගැනීමට හැකි ව ඇත්තේ ලකුණු 60ක් පමණයි.

ඔහු එලෙසින් අසාර්ථක වූවත් කණ්ඩායමේ ආරම්භක පිතිකරු Sahibzada Farhan තරගාවලියේ සාර්ථක ම පිතිකරු බවට මේ වන විට පත් ව සිටිනවා. ඔහු නිමා වූ තරග 6 දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 283ක්. එහි සාමාන්‍ය 70.75ක් ලෙසින් ද පත්වාගෙන යෑමට ඔහු සමත් ව සිටිනවා.

Sahibzada Farhan

පාකිස්තානයේ ලකුණු මැෂිම Sahibzada Farhan

ඔහුට අමතර ව කණ්ඩායමේ සිටින මෙතෙක් සාර්ථක පිතිකරුවන් වී ඇති ක්‍රීඩකයන් අතර Shadab Khan සහ Babar Azam ලැයිස්තු ගත ව සිටිනවා. Shadab Khan මෙවර තරගාවලියේ දී මෙතෙක් ලකුණු 111ක් ද සහ Babar Azam ලකුණු 91ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා සිටිනවා.

මේ අතුරින් Babar Azam මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ පාකිස්තාන පිතිකරුවෙක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනුයි. ඔහු මේ දක්වා තරග 145කට එක් වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 39ක් සමඟින් ලකුණු 4596ක් ලබා සිටිනවා.

ඔවුන්ට අමතර ව පාකිස්තාන පිතිකරුවන් අතර විශ්වසනීය පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක් ව ඇති ක්‍රීඩකයන් වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 119ක දී අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2410ක් ලබා සිටින Fakhar Zaman, විස්සයි විස්ස තරග 67ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු ලකුණු 1298ක් ලබා සිටින Saim Ayub සහ තරග 45ක දී ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1205ක් ලබා සිටින Sahibzada Farhan ද වෙනවා.

පන්දු යැවීමේ දී වඩාත් කැපී පෙණෙන පන්දු යවන්නා වී ඇත්තේ වමතින් මඳවේග පන්දු යවන Shaheen Shah Afridi. නිමා වූ ඔවුන්ගේ ආසන්නත ම තරගය වූ එංගලන්තය හා සමඟ තරගයේ දී කඩුලු 4ක් දවා ගන්නා ඔහු මේ වෙද්දී විස්සයි විස්ස තරග දිවියේ තරග 102කට සහභාගී වෙමින් කඩුලු 135ක් දවාගෙන ඇති ක්‍රීඩකයෙක්.

ඊට අමතර ව මේ වෙද්දී කඩුලු 123ක් ලබා සිටින Shadab Khan කඩුලු 100ක් ලබා සිටින Mohammad Nawaz සහ කඩුලු 61ක් ලබා සිටින Faheem Ashraf ද පාකිස්තානය වෙනුවෙන්

පාකිස්තාන සංචිතය

 

Salman Agha (නායක), Sahibzada Farhan, Saim Ayub, Babar Azam, Fakhar Zaman, Shadab Khan, Usman Khan (කඩුලු රකින්නා), Mohammad Nawaz, Shaheen Shah Afridi, Salman Mirza, Usman Tariq, Khawaja Nafay (කඩුලු රකින්නා), Faheem Ashraf, Abrar Ahmed, Naseem Shah,  Usman Tariq.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන් ම, සියලු තරගවල සජීවී අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<