Home Sinhala ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයේ පළමු ජය ලබයි

ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයේ පළමු ජය ලබයි

ICC Men's T20 World Cup 2026

3
ICC Men's T20 World Cup 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය අයර්ලන්ත නායක Paul Stirling සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට සිදු වුනා.

මෙහි දී සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සහ කමිල් මිශාර පිටියට අවතීර්ණ වුනා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 28ක් එක් කිරීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් කමිල් ලකුණු 14කින් දායක වුනා. කමිල් පිටියෙන් ඉවත් වූ පසුව කුසල් මෙන්ඩිස් සහ පැතුම් පිටියේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක් එක් කිරීමට සමත් වුනා.

මෙහි දී පැතුම් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනා. මින් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම තරමක් මන්දගාමී ලෙස ක්‍රියාත්මක වූ අතරම, කඩුල්ලට නවක පිතිකරුවන් ලෙස පිවිසුණු පවන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ ද ඉක්මනින් පිටියෙන් ඉවත් කිරීමට අයර්ලන්තයට හැකියාව ලැබුණා.

මින් පසුව කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් කඩුල්ලේ එක් වෙමින්, ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 67ක් එක් කිරීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකා ඉනිමට අත්‍යාවශ්‍ය තිබූ වේගවත් පිතිකරණය සපයා දීමට කමිඳු සමත් වූ අතර, ඔහු විසින් පන්දු 19ක් පමණක් වැය කරමින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා. එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා.

කමිඳුගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී වඩා ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 43කින් නොදැවී ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 5ක් ද සමඟිනුයි.

මෙහි දී අයර්ලන්තය වෙනුවෙන් George Dockrell සහ Barry McCarthy විසින් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

මින් අනතුරුව අයර්ලන්තය විසින් ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 164ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 24කට සීමා කරමින්, අයර්ලන්ත නායක Paul Stirling ලකුණු 06ට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ විසින් සමත් වුනා.

කෙසේ වෙතත් ඉනිමේ අනෙක් ආරම්භක පිතිකරු වූ Ross Adair පන්දු 23කින් ලකුණු 34ක් වාර්තා කරමින්, ඉනිමට අවශ්‍ය වූ ආරම්භය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නා. එමෙන්ම අංක තුන පිතිකරු වූ Harry Tector ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වූ අතර, Lorcan Tucker විසින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම දායකත්වයන් සමඟ අයර්ලන්තය වරක කඩුලු 4කට ලකුණු 120ක් ලබමින් තරගය ජය ගත හැකි මට්ටමක රැඳී සිටියා. එමෙන්ම අයර්ලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල බිඳ දැමූ වනිඳු හසරංග ද මේ මොහොත වන විට පාදයේ ආබාධ තත්වයක් නිසා තරමක් දුර්වල වී සිටියා.

කෙසේ වෙතත් වනිඳු නොනැවතී කඩුලු දඩයමේ යෙදෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණයක් කරා රැගෙන යාමට උපරිම දායකත්වය ලබා දුන් අතර, එහි සහය ද සමඟ අයර්ලන්ත ඉනිමේ අවසන් කඩුලු 6ම ලකුණු 23ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

මෙහි දී වනිඳු ලකුණු 25කට කඩුලු 3ක් දවා ගන්නා අතරේ, මහීෂ් තීක්ෂණ ද කලකට පසුව සිය උපරිමය කණ්ඩායමට ලබා දෙමින් ලකුණු 23කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම මතීෂ පතිරණ විසින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව අයර්ලන්තය විසින් පන්දුවාර 19 පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී යමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 143ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ලකුණු 20ක ජයක් හිමි වුනා.

Result
Sri Lanka
163/6 (20)
Ireland
137/9 (19.5)
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Paul Stirling b George Dockrell 24 23 1 1 104.35
Kamil Mishara  c Barry McCarthy b Mark Adair 14 11 1 0 127.27
Kusal Mendis not out 56 43 5 0 130.23
Pavan Rathnayake b George Dockrell 5 9 0 0 55.56
Dunith Wellalage c George Dockrell b Gareth Delany 10 13 0 0 76.92
Kamindu Mendis c George Dockrell b Barry McCarthy 44 19 4 0 231.58
Dasun Shanaka c Mark Adair b Barry McCarthy 0 1 0 0 0.00
Wanindu Hasaranga not out 1 2 0 0 50.00
Extras 9 (b 0 , lb 0 , nb 1, w 8, pen 0)
Total 163/6 (20 Overs, RR: 8.15)
Bowling O M R W Econ
Matthew Humphreys 4 0 44 0 11.00
Mark Adair 4 0 33 1 8.25
Barry McCarthy 3 0 40 2 13.33
George Dockrell 4 0 17 2 4.25
Gareth Delany 4 0 24 1 6.00
Harry Tector 1 0 5 0 5.00

Batsmen R B 4s 6s SR
Paul Stirling b Maheesh Theekshana 6 13 1 0 46.15
Mark Adair b Wanindu Hasaranga 34 23 5 1 147.83
Harry Tector c Pavan Rathnayake b Wanindu Hasaranga 40 34 1 0 117.65
Lorcan Tucker c Kamil Mishara  b Dunith Wellalage 21 18 2 0 116.67
Curtis Campher c Dasun Shanaka b Dunith Wellalage 13 11 0 0 118.18
Ben Calitz  st Kusal Mendis b Maheesh Theekshana 4 4 0 0 100.00
Gareth Delany c Dushmantha Chameera b Maheesh Theekshana 0 1 0 0 0.00
George Dockrell not out 3 4 0 0 75.00
Mark Adair c Dasun Shanaka b Dushmantha Chameera 10 5 1 0 200.00
Matthew Humphreys b Matheesha Pathirana 0 2 0 0 0.00
Extras 6 (b 1 , lb 3 , nb 0, w 2, pen 0)
Total 137/9 (19.5 Overs, RR: 6.91)
Bowling O M R W Econ
Dushmantha Chameera 3 0 25 1 8.33
Mahesh Theekshana 4 0 23 3 5.75
Matheesha Pathirana 2.5 0 26 2 10.40
Dunith Wellalage 4 0 28 1 7.00
Wanindu Hasaranga 4 0 25 3 6.25
Dasun Shanaka 2 0 12 0 6.00

මෙම ජයත් සමඟ මෙවර ලෝක කුසලානයේ B කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වනවා. මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (12) ඕමානය සමඟ පැවැත්වීමට නියමිතයි.

2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<