හොංකොං සය සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ Bowl කුසලාන කාණ්ඩයේ 2 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු 39ක ජයග්‍රහණයක් හිමි වූ අතර ඒ අනුව ඔවුන් තව දුරටත් තරගාවලියේ රැඳී සිටිමට වරම් ලබා ගත්තා.
>>ශ්‍රී ලංකාව Bowl වටයේ දී නේපාලය පරාජය කරයි<<
හොංකොං හි Mission Road ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 97ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩකයන් 6 දෙනා ම දැවී ලබා ගන්නේ ලකුණු 58ක් පමණයි.
මෙම තරගයේ දී නැවත නිත්‍ය නායක ලහිරු මදුශංක කණ්ඩායම මෙහෙයවනු ලබන අතර සුපුරුදු කණ්ඩායම ම එම තරගයට එක් කර තිබුණා.
ශ්‍රී ලංකා Sixes කණ්ඩායම
ලහිරු මදුශංක (නායක), තනුක දාබරේ (කඩුලු රකින්නා), ලහිරු සමරකෝන්, ධනංජය ලක්ෂාන්, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය Sixes කණ්ඩායම
Khalid Shah (නායක සහ කඩුලු රකින්නා), Nilansh Keswani, Muhammad Arfan, Saghir Khan, Ansh Tandon, Zahid Ali.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ තනුක දාබරේ. ඔහු පළමු පන්දු ත්‍රිත්වයේ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගනිමින් සිව් වැනි පන්දුවේ දී දැවී යනවා.
ඔහුගේ හිඩැස පිරවීමට පිටියට පිවිසි නායක ලහිරු මදුශංක පන්දු 2ක දී ලකුණු 2ක් ලබා ගැනීමත් සමඟින් ඔහු ද තම ඉනිම හැර යනවා.
ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියේ එක් වූ ලහිරු සමරකෝන් සහ ධනංජය ලක්ෂාන් එක් ව 3 වැනි කඩුල්ලට මුහුණ දුන් පළමු පන්දුවාරයේ දී ම හයේ පහර 3ක් සහ
හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගනිමින් වැඩ ඇල්ලුවා. ඔවුන් දෙදෙනා විසින් එම කඩුල්ලට පන්දු 17ක දී ලකුණු 52ක සබඳතාවක් ගොඩ නගනවා.
එම සබඳතාව බිඳී යන්නේ ලහිරු සමරකෝන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නිමේෂ් විමුක්ති (2) සහ තරිඳු රත්නායක (6) අඩු ලකුණු සංඛ්‍යාවන්වලට තම ඉනිම් සීමා කර ගනිද්දී ඉනිම අවසන් වන විට ධනංජය ලක්ෂාන් පන්දු 12ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Zahid Ali පන්දුවාර 2ක් යවමින් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගන්නවා. ඊට අමතර ව Saghir Khan සහ Muhammad Arfan කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේත් පරාජය වෙයි
- ආසන්නත ම ශූරයෝ හොංකොං හමුවේ පරාජය වෙයි
- දුනිත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයට!
- පාකිස්තානයට යන ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම් කරයි
- හොංකොං යන සය සාමාජික කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංකට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දවා ගැනීමට ලහිරු මදුශංක ගේ ද සහයෝගය ඇතිව ධනංජය ලක්ෂාන් සමත් වෙන අතර ඔහු එම පන්දුවාරය ලකුණු 7කට සීමා කරනවා.
අනතුරු ව 2 වැනි පන්දුවාරය යැවූ තරිඳු රත්නායක ද තම පන්දුවාරය ලකුණු 11කට සීමා කරන අතර ඉනිමේ 3 වැනි පන්දුවාරය යැවීම නැවත ධනංජය ලක්ෂාන්ට බාර වුණා. ධනංජය ලක්ෂාන් විසින් යැවුණ ඔහුගේ 2 වැනි පන්දුවාරයේ දී පන්දුවක් ඇර පන්දුවකට එල්ල කළ හයේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා දීමට ඔහුට සිදු වුණා.
ඉන් හයේ පහර ද්විත්වයක හිමිකරුවා වූ Saghir Khan එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 24කට දැවී යනවා. පන්දු 11ක් වැය ව තිබූ ඔහුගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර ත්‍රිත්වයක් ඇතුලත් වුණා.
ඊට අමතර ව Muhammad Arfan පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ද සහ Ansh Tandon පන්දු 6ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ද ලබා ගත්තා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉනිමේ ක්‍රීඩකයන් 6 දෙනා ම දැවී ගිය අතර එහි දී හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය නායක ලහිරු මදුශංක සතු කර ගත්තා. ඔහු ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන් සහ ධනංජය ලක්ෂාන් කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා Sixes කණ්ඩායම – සියලුම දෙනා දැවී 97 (6.0) ලහිරු සමරකෝන් 31, ධනංජය ලක්ෂාන් නොදැවී 38, Zahid Ali 2/29
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය Sixes කණ්ඩායම – කඩුලු 6ක් දැවී 58 (5.2) Saghir Khan 24, Muhammad Arfan 18, ලහිරු මදුශංක 2/10
ශ්‍රී ලංකා Sixes කණ්ඩායමට ලකුණු 39ක ජයක්.
තරගයේ වීරයා – ධනංජය ලක්ෂාන් (ශ්‍රී ලංකාව)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















