හැව්ලොක් ක්‍රීඩා සමාජය ඩයලොග් ලීග් රග්බි ශූරතාවලියේදී ලබා ගත් ස්ථාවර ආරම්භය තවදුරටත් ඉදිරියට ගෙන යමින් පොලිස් ක්‍රීඩාංගනයේදී ඊයේ (12) පැවති පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහි තරඟයේදී ලකුණු 37-12ක් ලෙසින් අනගි ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් විය.

කන්ද උඩරට රග්බි අධිරාජ්‍යට අනපේක්ෂිත ගුවන් ප්‍රහාරයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලි ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ගුවන් හමුදා රග්බි කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (11) සමත් විය.

තම නිජබිමේදී පිට පිටම දෙවන තරඟයත් ක්‍රීඩා කිරීමට වරම් ලැබුණත් පොලිස් කණ්ඩායමට තරඟය තමා වෙත හරවා ගැනීමට ඉඩ නොතබමින් ප්‍රථම අර්ධයේදී ලකුණු 23-00ක් ලෙස පසුපසින් සිටින්නට සිදුවිය. හැව්ලොක් කණ්ඩායම ගෝල 4ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කරගනිමින් ලකුණු වාර්තා කළ අතර පොලිස් කණ්ඩායම වාර්තා කළේ එක් ගෝලයක් සහ එක් උත්සාහක දිනුමක් පමණි.

Photos: Police SC v Havelock SC – Dialog Rugby League 2016/17 | #Match 5

Photos of the Police SC 12 : 37 Havelock SC – Dialog Rugby League 2016/17 | #Match 5

තරඟය ආරම්භ කරමින් හැව්ලොක් අන්තය ආක්‍රමණයට පිවිසි පොලිස් ක්‍රීඩකයන්ට සැලසුම් කළ පරිදි එය සාර්ථක කරගන්නට නොහැකි විය. ප්‍රථම මිනිත්තුවේදීම ඔවුන්ගේ කණ්ඩායමේ ඉදිරි පෙලේ ක්‍රීඩකයකුගේ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහුට තරඟයෙන් ඉවත්වන්නට සිදුවිය. දෙපිලම ආරම්භයේදී අස්ථාවර පන්දු හැසිරවීමක් ප්‍රදර්ශනය කළ අතර පන්දුව අතහැරීම හේතුවෙන් දෙපිලටම එය තම සන්තකයේ තබා ගැනීම ගැටළුවක් විය. 7වන මිනිත්තුවේදී දඬුවම් පහරක් ලද පොලිස් ක්‍රීඩා සමාජයේ රජිත සන්සෝනිට වේගය මඳකම නිසාවෙන් එය මඟහැරිණි.

තරඟයේ ප්‍රථම ලකුණ වාර්තා කරන්නට හැව්ලොක් කණ්ඩායම සමත්වූයේ 16 වන මිනිත්තුවේදී දුලාජ් පෙරේරා යාර 35ක් පමණ එපිට සිට එල්ල කළ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමඟය (03-00).

ඉන්පසු පොලිස් කණ්ඩායම අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගත් නමුත් ලකුණු ලබා ගැනීමේ භාග්‍ය උදාකරගත්තේ හැව්ලොක් කණ්ඩායමේ සුපිරි ධාවක චාමර දාබරේ විසිනි.

පොලිසියේ ග්‍රහණයෙන් මිදී බිම දිගේ ඇදී ආ පන්දුව, තමා වෙත නතු කරගත් චාමර දාබරේ, පිටියේ වම් අන්තයෙන් මීටර 60ක පමණ දුරක් ගෙවා දමමින් උත්සාහක දිනුම් රේඛාව වෙත දිවගියේ විදුලි වේගයෙනි. දුලාජ් පෙරේරා අතිරේක ලකුණු දෙකත් ඊට එක්කිරීමට සමත් විය (10-00).

පසුව රක් අවස්ථාවක දී පොලිස් ක්‍රීඩා සමාජයේ ආරක්ෂක පෙල සංවිධානාත්මක මට්ටමක නොපවතින ඇසිල්ලේ ගෝල කණු පසු කරමින් දිව ගිය ප්‍රසාත් මදුශංක විසින් පොලිස් ක්‍රීඩකයන් වෙත ලකුණු පුවරුවෙන් ඇතිකරන ලද පීඩනය දෙගුණ කිරීමට සමත් විය. දුලාජ්ගේ පා පහරින් ඊට තවත් ලකුණු දෙකක් එක්කරමින් හැව්ලොක් කණ්ඩායම ලකුණු 20ක පරතරයක් ලබා ගත්තේය (20-00).

එන්න එන්නම පොලිස් කණ්ඩායමේ තත්වය නරක අතට හරවමින් චූලා සුසන්තට කහ කාඩ්පතක් නිකුත් වූයේ ඉන් අනතුරුවය. එහිදී ලැබුණු දඬුවම් පහර දුලාජ් විසින් සාර්ථක කරගැනීමත් සමඟ තවත් ලකුණු 3කින් හැව්ලොක් ක්‍රීඩකයන් ඉදිරියට ගියේ පරතරය හඹා ඒමට නම් පොලිස් ක්‍රීඩකයන්ගෙන් ආශ්චර්යයක් සිදුවිය යුතු බැව් ප්‍රදර්ශනය කරමිනි.

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 23-00 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේදී ද හැව්ලොක් කණ්ඩායමේ හුකර්ක්‍රීඩක ප්‍රසාත් මදුශංක විසින් පොලිස් ආරක්ෂක පෙලේ නිද්‍රාශීලී ස්වභාවය මැනවින් හඳුනා ගනිමින් මනරම් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදී. මීළඟ ප්‍රවර්තනයත් සාර්ථක කරගත් දුලාජ්, එම තරඟය තුළ 100%ක සාර්ථකභාවය තවදුරටත් රැක ගැනීමට සමත් විය (30-00).

ඒ වන විට ලකුණු 30කින් පිටුපසින් සිටි පොලිස් කණ්ඩායම තම ආරක්ෂකයන් එකිනෙකාට ළඟින් තබාගනිමින් ක්‍රීඩා කරන්නට උත්සුක විය. ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බැව් ප්‍රදර්ශනය කරමින් පොලිස් ආරක්ෂක පෙලේ ක්‍රීඩකයන් හැව්ලොක් ක්‍රීඩකයන්ට නවතා ගැනීමට අපහසු වන පරිද්දෙන් ඉදිරියට පැමිණි අතර පොලිස් ෆ්ලෑන්කර්ක්‍රීඩක ජොයෙල් පෙරේරා එහි වාසිය ලබා ගනිමින් උත්සාහක දිනුමක් ලබා ගත්තේය. අපහසු ආනතියකදී වුවද එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට සන්සෝනි සමත් වූවත් ඒ වන විටත් 30-07ක් ලෙස දැවැන්ත පරතරයක් හැව්ලොක් ක්‍රීඩකයන් සතුවිය.

එතැන් පටන් තරඟයේ අවධානය දිනා ගත්තේ ක්‍රීඩාශීලී බව නොව, කහ කාඩ්පත් ය. හැව්ලොක් ක්‍රීඩක ෂෙනාල් දීලක සහ පොලිස් ක්‍රීඩක රධීෂ සෙනවිරත්න යන දෙදෙනාම නොකඩවා කරගෙන ගිය නීති කඩ කිරීම් දුටු විනිසුරු විසින් ඔවුන් දෙදෙනාම මිනිත්තු 10ක කාලයක් සඳහා පිටියෙන් ඉවත් කළේය. පසුව පන්දුව අතෙහි තබා නොගත් ක්‍රීඩකයකු අභියෝගයට ලක්කළ ෂාරෝ ප්‍රනාන්දුට ද ඒ ඉරණමම අත්විය.

කෙසේ වෙතත් සිදුවූ පාඩු නොසලකමින් හැව්ලොක් කණ්ඩායමේ නිශෝන් පෙරේරා විසින් උත්සාහක දිනුමක් වාර්තා වූයේ අනෙක් සෙන්ටර්ක්‍රීඩක නිරෝෂන් ප්‍රනාන්දුගේ අතිදක්ෂ ක්‍රීඩා විලාශයේ ද සහයෙනි. පොලිස් ආරක්ෂක පෙලේ අවධානය තමා වෙත තබා ගනිමින් ඔවුන් නොමඟ යැවූ නිරෝෂන්ගේ පාදයෙන් ඉගිලුණු පන්දුව, සාර්ථකව හඹාගොස් පහසුවෙන් උත්සාහක දිනුම් රේඛාව පසුකරන්නට නිශෝන් සමත්විය. දුලාජ් නැවතත් තම ප්‍රවර්තන දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ අතර ලකුණු තත්වය 37-07ක් බවට පත්විය.

ඉන් අනතුරුව බොහෝ අතපසුවීම් දෙපිලෙන්ම සිදුවීමත් සමඟ තරඟයේ වේගය අඩාල වූ අතරම විනිසුරු ප්‍රියන්ත ගුණරත්නට ඒවා සඳහා දඬුවම් නියම කරනු හැර කළ හැකි අනෙකක් නොතිබුණි. ආදේශකයෙකු වශයෙන් හැව්ලොක් ස්ක්‍රම් හාෆ්ස්ථානය භාරගත් විමුක්ති රාහුලටද පිටියට පැමිණ මිනිත්තු කිහිපයකින් නැවත දඬුවම් පිටත්වීමක් ලැබිණි. තරඟයේ අවසානය සිදුවූයේ එහි අවසාන භාගයේදී පොලිස් ක්‍රීඩකයන් අතින් වාර්තා වූ උත්සාහක දිනුමක්ද සමඟයි.

සම්පූර්ණ ලකුණු: හැව්ලොක් ක්‍රීඩා සමාජය 3712 පොලිස් ක්‍රීඩා සමාජය

විනිසුරු: ප්‍රියන්ත ගුණරත්න.

ThePapare.com තරඟයේ වීරයා: දුලාජ් පෙරේරා.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්:

  • පොලිස් ක්‍රීඩා සමාජය -ජොයෙල් පෙරේරා (1C), රජිත සන්සෝනි (1T)
  • හැව්ලොක් ක්‍රීඩා සමාජයප්‍රසාත් මදුශංක (2C), චාමර දාබරේ (1C), නිශෝන් පෙරේරා (1C), දුලාජ් පෙරේරා (3T).

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට