රණවිරුවන්ට සවියක් වෙන ගජබා සුපර්ක්‍රොස් 28 වැනිදා

377
Gajaba Super cross

පුරා දශක තුනකට අධික කාලයක් පුරාවට බෙදුම්වාදී ත්‍ර‍ස්තවාදී අරගලයට එරෙහිව සටන් වැදෙමින් ජීවිතය පූජා කල උදාර රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුඛවිහරණයටත්, සතුරන්ට එරෙහිව මුහුණදුන් සටන් වලින් ආබාධිත වු රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුභසිද්ධියත්, ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු සොල්දාදුවන්ගේ සුභාසාධනයත්  අරමුණු කරගනිමින් පැවැත්වෙන, වසරේ මොටර් රථ ධාවන ක්‍රීඩකයින්ගේ තරග සැණකෙලිය වු ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය මෙවරත් අතිඋත්කර්ශවත් අයුරින් අනුරාධපුර ගජබා රෙජිමේන්තු මුලාස්ථාන පරිශුයේ ස්ථාපිත සාලියපුර සුපර්ක්‍රොස් ධාවන පථයේදි පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර අවසන්ය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ අධිපති වශයෙන් සේවයේ නියුතු දිවංගත මේජර් ජෙනරාල් ඩබ්. ඩී. ජී. ඒ. ගුණසේකර මැතිදුන්ගේ සංකල්පයකට අනුව ආරම්භ වුනු මෙම තරගාවලිය 1999 වර්ෂයේ අගෝස්තු මස 22 වැනිදා සිට සාර්ථකව සෑම වර්ෂයක් පසාම පැවැත්වේ. නමුත් දරුණු යුද ගිනි ඇවිලුනු 2000 වර්ෂයේත් 2008 සහ 2009 යන වර්ෂයන් වලදිත් ආරක්ෂක හේතූන් මුල් කරගනිමින් තරගය පැවැත්වූයේ නැත.

මෙම තරගාවලිය පැවැත්වීමෙන් ලබා ගන්නා මුදල් රණවිරුවන්ගේ සුභසිද්ධිය හා සම්බන්ධ කටයුතු රාශියක් වෙනුවෙන් යොදවනු ලබයි.Gajaba Super cross Track

මෙවර තරගාවලිය දෙස බැලීමේදි ධාවන පථය SLADA ආයතයනයේ සහයෝගයෙන් තරගකරුවන් හට ආරක්ෂිතව ධාවනය කල හැකි ධාවන පථයක්, වෙනස්කම් රාශියක් ද සමගින් මදක් පුළුල් කර නවීකරණය කර තිබේ.

මෙවර තරගාවලිය තරඟ ඉසව් 23කින් සමන්විත වන අතර එයට මෝටර් රථ ධාවන ඉසව් 12ක් සහ වයස අවුරුදු 07/10, 13 සහ 16 වයස් කාණ්ඩයන්හි තරග තරග ඉසව් 3ක් ඇතුළුව ඉතිරි ඉසව් 11 යතුරු පැදි අංශයට ලබා දී ඇති අතර එම ඉසව් සියල්ලම අතුරෙන් කාගේත් අවධානය දිනාගන්නා ඉසව්ව ලෙස SL-GT කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 3500cc මෝටර් රථ තරඟය හා දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් සහභාගි වන 125cc-250cc එන්ජින් ධාරිතාව ඇති යතුරු පැදි තරඟය හැදින්විය හැකිය. මෙයට අමතරව නරඹන්නන් මවිත කරන ඉසව්ව ලෙස SM කාණ්ඩයේ එන්ජින් ධාරිතාවය 250c-450cc යතුරු පැදි තරඟය නම්කල හැකිය.

මෙම තරගාවලියේ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය 15 වන වරටත් අගෝස්තු 28 වන දින රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ. දැනට මෝටර් මොටර් රථ අංශයේ  පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 70ක් ලබාගත් උෂාන් පෙරේරා වන අතර තවත් නවක තරඟකරුවන් කිහිපදෙනක්ම ඔහු අසලින්ම ලකුණු ලබාගෙන තියුණු තරඟයක් ඇති කර තිබේ. යතුරු පැදි අංශයේ පෙරමුණේ පසුවන ඉෂාන් දහනායක ප්‍රසාද ලකුණු 54ක් ලබාගෙන ඇත.

මෙවර මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 200ක් පමණ සහභාගි වීමට නියමිතයි.

මෙම තරගාවලිය වෙනදාට වඩා උසස් ලෙස සංවිධානය කර ඇති නිසාත්, අගෝස්තු  පාසල් නිවාඩු සමය වන බැවින් වෙනදාට වඩා මහජනතාවක් මෙම තරගාවලිය නැරඹීමට පැමිණෙන බව සංවිධායක මඩුල්ල විශ්වාසය පලකරන  අතර විදේශ සංචාරකයින් ද මෙයට පැමිණෙන බව නොඅනුමානය.

මෙවන් තරගාවලියක් උසස් ලෙස සංවිධානය කිරීමට සංවිධාන ශක්තිය ලබාදෙන සියැට් ආයතනය, අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාව, SLADA ආයතනය හා ගජබා රෙජිමේන්තුව විශාල කැපවීමෙන් යුතුව මේ සදහා ක්‍රියාකරනු ලැබේ.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට