එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තෙවන සති අන්තයේ තරග කිහිපයක් ඊයේ (25) පැවැත්වුණු අතර ආර්සනල් කණ්ඩායම තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කරගැනීමට සමත් විය.
බලාපොරොත්තු වූ ලෙසම ලිවර්පූල් කණ්ඩායම තෙවන සති අන්තයේ ද ජයග්‍රහණය වාර්තා කළ අතර වුල්ෆ්ස් කණ්ඩායම හමුවේ නොසිතූ ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට ලකුණු සටහනේ පළමු ස්ථානය අහිමි කරමිනි.
පෙරළි රැසක් සිදු වූ දෙවන සතියේ පෙරමුණ කාහට ද?
2018/19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන සති අන්තය නිමා වුනේ බලාපොරොත්තු වූ ප්‍රතිඵල රැසක් මෙන්ම පෙරළිකාර සිදුවීම් කිහිපයක් ද සමඟයි. ගියවර ශූරයින්…
ආර්සනල් සිය පළමු ජයග්‍රහණය වාර්තා කරයි

25 වන මිනිත්තුවේ දී Marko Arnautovic වෙස්ට්හැම් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර ෆිලිපේ ඇන්ඩර්සන්ගේ දක්ෂ පන්දු යොමු කිරීමක් චතුරශ්‍රයේ කොනක සිට ඔහු දක්ෂ ලෙස දැල වෙතට යොමු කළේය.

පළමු අර්ධය: ආර්සනල් 01 – 01 වෙස්ට්හැම්
අනතුරුව වෙස්ට්හැම් කණ්ඩායමේ Robert Snodgrass ඉතා පහසු අවස්ථාවක් අපතේ යැවූ අතර වෙස්ට්හැම් කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමින් Arnautovic ද ආබාධයකට ලක්වූයේ ආර්සනල් කණ්ඩායමට පැහැදිලි වාසියක් ලබා දෙමිනි.

තරගය අවසානයට මොහොතකට පෙර Bellerinගේ හරස් පන්දු යොමු කිරීමක් ඩැනී වෙල්බෙක් දැල තුලට යොමු කළේ ආර්සනල් කණ්ඩායම ලකුණු පුවරුවේ 11 ස්ථානය දක්වා ඔසවා තබමින්.
SAFF ශූරතාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2018 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය මෙවර බංගලාදේශයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL)…
ඒ අනුව පිට පිට ලත් තෙවන පරාජය නිසා වෙස්ට්හැම් කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටියි.
අවසන් ලකුණු තත්වය: ආර්සනල් 03 – 01 වෙස්ට්හැම් යුනයිටඩ්
ගෝල ලබාගත් ක්‍රීඩකයෝ
- ආර්සනල් – Nacho Monreal 30′, Issa Diop 70′ (og), Danny Welbeck 90 +2′
- වෙස්ට්හැම් – Marko Arnautovic 25′
මොහොමඩ් සලාහ් ලිවර්පූල් බේරා ගනී

ලිවර්පූල් කණ්ඩායම සාර්ථකව තරගය ආරම්භ කළ අතර පළමු මිනිත්තු කිහිපය තුල ඔවුන්ට අවස්ථා දෙකක්ම ගිලිහී ගියේ රොබර්ටෝ ෆර්මිනෝගේ ප්‍රහාරයක් ගෝල රකින්නා නැවැත්වීම නිසා හා ඇලෙක්සැන්ඩර්-ආර්නෝල්ඩ්ගේ නිදහස් පහරක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය නිසාවෙනි.
මැන්චෙස්ටර් සිටි දැවැන්ත ජයක්; යුනයිටඩ් දැවැන්ත පරාජයක්
එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරග දෙකක් සඳහා ඊයේ (19) මැන්චෙස්ටර් සිටි කණ්ඩායම හා ඔවුන්ගේ සහෝදර මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම තරග වැදුණු අතර…
ජේම්ස් මිල්නර් පන්දුව දිනාගත් අතර ෆර්මිනෝ විසින් පන්දුව සලාහ් වෙත යොමු කිරීමත් සමඟ සලාහ් අලංකාර කවාකාර ප්‍රහාරයකින් ගෝලයක් රැස් කළේ 23 වන මිනිත්තුවේ දී ලිවර්පූල් කණ්ඩායම පෙරමුණේ තබමින්.
පළමු අර්ධය: ලිවර්පූල් 01 – 00 බ්‍රයිටන් සහ හෝව් ඇල්බියන්
ලිවර්පූල් කණ්ඩායම අවස්ථා 22ක් උත්සහ කළ අතර ඉන් අවස්ථා අටක් නිසි ඉලක්කයට යොමු වූ අවස්ථා විය. කෙසේ වෙතත් ඔවුන්ට තවත් ගෝලයක් සඳහා අවස්ථාවක් නම් හිමි වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: ලිවර්පූල් 1-1 බ්‍රයිටන් සහ හෝව් ඇල්බියන්
ගෝල රැස්කළ ක්‍රීඩකයෝ
- ලිවර්පූල් – මොහොමඩ් සලාහ් 23’
මැන්චෙස්ටර් සිටි නූලෙන් බේරෙයි

21 වන මිනිත්තුවේ දී රහීම් ස්ටර්ලින්ග්ගේ ප්‍රහාරයක් වුල්ෆ්ස් කණ්ඩායමේ රුයි පැට්‍රිශියෝ දක්ෂ ලෙස අවහිර කළ අතර මිනිත්තු කිහිපයකට පසුව සර්ජියෝ ඇගුවෙරෝගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේය.
පළමු අර්ධය: වුල්ෆ්හැම්ප්ටන් වොන්ඩර්ස් 00 – 00 මැන්චෙස්ටර් සිටි
සත්කාරක වුල්ෆ්හැම්ප්ටන් කණ්ඩායම 57 වන මිනිත්තුවේ දී Joao Moutinhoගේ හරස් පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස Boly දැල වෙත යොමු කළේ මැන්චෙස්ටර් කණ්ඩායම මවිත කරමිනි.
69 වන මිනිත්තුවේ දී Ilkay Gundoganගේ නිදහස් පහරක් Aymeric Laporte සිය හිසෙන් දැල වෙත යොමු කළේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් ඔහු වාර්තා කළ පළමු ගෝලය ලෙසයි.
90 වන මිනිත්තුවේ දී තරගයේ ජය තමන් වෙතට හරවා ගැනීම සඳහා මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට එක් අවස්ථාවක් හිමි වූ අතර ඇගුවෙරෝගේ නිදහස් පහර ගෝල රාමුවේ වැදී ඉවත ගියේ පෙබරවාරි 3 වැනිදායින් පසු පළමු වරට සංචාරක තරගයක ජය මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට අහිමි කරමිනි.
අවසන් ලකුණු තත්වය: වුල්ෆ්හැම්ප්ටන් වොන්ඩර්ස් 01 – 01 මැන්චෙස්ටර් සිටි
ගෝල ලබාගත් ක්‍රීඩකයෝ
- වුල්ෆ්හැම්ප්ටන් වොන්ඩර්ස් – Willy Boly 57′
- මැන්චෙස්ටර් සිටි – Aymeric Laporte 69’
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<






















