සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ වූ පළමු තරගයේ දී සංචාරකයින් හමුවේ කිසිදු තරගයක් ලබා දීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අසමත් වීම නිසා පළමු තරගයෙන්ම එංගලන්තය හමුවේ කඩුලු 8ක නීරස පරාජයක් අද (24) කොළඹ දී අත්විඳින්නට සිදු විය. ඒ අනුව දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙස එංගලන්ත ක්‍රීඩිකාවෝ පෙරමුණ ගෙන සිටිති.
එංගලන්තය සමඟ ඔට්ටු වන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක්
සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එළඹෙන 24 වැනිදා සිට කොළඹ දී පැවැත්වීමට නියමිත..
ශ්‍රී ලංකා කාන්තා පිල ලබා දුන් ලකුණු 95ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දු 34ක් ඉතිරිව ජයග්‍රහණය සපුරා ගත්තේ තවත් කඩුලු 8ක්ම ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි.
අදාළ හඹා යෑමේ දී ප්‍රථම කඩුල්ල වශයෙන් ඩැනියෙල් වොට් ලකුණු 15කට දවා ගැනීමට චමරි අතපත්තු සමත් වූ අතර මෙතෙක් පැවති එක්දින තරගවල දී පිට පිටම අර්ධ ශතක 3ක් වාර්තා කරමින් තරගාවලියේ සාර්ථකම පිතිකාරිණිය බවට පත්ව සිටින ඇමී ජෝන්ස් ද ලකුණු 18ක් ලබා සිටිය දී දුවද්දී දැවී ගියාය.
Photos: Sri Lanka Women vs England Women | 1st T20I
11 වැනි පන්දුවාරයේ දී බිමවුන්ට් එල්ල කරන ලද පහර පන්දු යැවී ශෂිකලා සිරිවර්ධනගේ අතේ වැදී කඩුල්ල බිඳී ගිය අතර එම අවස්ථාවේ දී ඇමී ජෝන්ස් තම සීමා ඉරින් පිටතට පැමිණ සිටීම නිසා ඇයට අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වීමට සිදු විය. දැවී යන විටත් ඇමී, බිමවුන්ට් සමඟ එක්වී දෙවැනි කඩුල්ල වෙනුවෙන් 39ක සම්බන්ධතාවක් ගොඩ නංවා තිබුණි.
අනතුරුව ටැමී බිමවුන්ට් එක්වූ නටාලි සීවර් සිව්වැනි කඩුල්ලේ වූ සම්බන්ධතාව බිඳ දැමීමට කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නියක් සමත් නොවීය. ආරම්භක පිතිකාරිණී ටැමී බිමවුන්ට්ගේ පිත්තෙන් එංගලන්ත ජයග්‍රාහී ලකුණු වාර්තා වද්දී ඇයගේ නම ඉදිරියෙන් සිය විස්සයි විස්ස තරග දිවියේ 7 වැනි අර්ධ ශතකය ද වාර්තා වීම කැපී පෙනුණි. පන්දු 43ක දී ගොඩනැංවුණු ලකුණු 50ක නොබිඳුණු ඉනිම සඳහා ඇය හතරේ පහර 6ක් සිය ඉනිමට ඇතුළත් කර ගත්තාය. ඇයට අමතරව අනෙක් අන්තයේ රැඳී සීවර් පන්දු 09ක දී ලකුණු 11ක් රැස් කරගෙන සිටියාය.
මාලිංග ජාත්‍යන්තරයෙන් සමුගන්නා කාලය නිවේදනය කරයි
ලොව සිටින අත්දැකීම් බහුලතම විශිෂ්ට වේගපන්දු යවන්නෙක් සහ වත්මන් ශ්‍රී ලංකා එක්දින..
කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තීරණය කළේය. වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රඳවමින් සංචාරකයින්ට අභියෝගයක් එල්ල කිරීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව බවට පත් වුවත් එය නිවැරදි එකක් නොවන බව තෙවැනි පන්දු වාරය අවසන් වීමට ප්‍රථම ඔප්පු කිරීමට එංගලන්ත වේග පන්දු යවන්නියක් වන ශ්‍රබ්සෝලේ සමත්වූවාය. ඇය විසින් ආරම්භක පිතිකාරිණියන් වූ චමරි අතපත්තු (08) සහ අනුෂ්කා සංජීවනීව (05) ලකුණු 10 සීමාව ඉක්මවාලීමට ප්‍රථම තරග නරඹන්නියන් බවට පත් කළේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 19ක් ලෙස සටහන්ව තිබිය දී ය.
විස්සයි විස්ස තරගාවලිය සඳහා කණ්ඩායමට එකතු කරන ලද ක්‍රීඩිකාවන් දෙදෙනා අතරින් එක් ක්‍රීඩිකාවක් වූ 17 හැවිරිදි උමේෂා තිමාෂිනී ලකුණු 09කට ද, හිටපු නායිකාව වූ ශෂිකලා සිරිවර්ධන ලකුණු ලබා ගැනීමට පෙර දැවී යෑම නිසා ශ්‍රී ලංකා පිල නොසිතූ අර්බුදයකට පැටලිනි. එහෙත් වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට විනා පිතිකරුවන් යැයි සම්මත සියල්ලෝම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම නිසා 9 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 56ක් වශයෙන් අසීරු අඩියකට ඇදවැටිණ.
එක්දින තරගාවලියේ දී ද පිතිකාරිණියක් ලෙස යම් ප්‍රගතියක් පෙන්නුම් කළ හංසිමා කරුණාරත්න සහ අංක 09 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ඕෂධී රණසිංහ එකතුව 8 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 31ක සම්බන්ධතාව ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව ලෙසින් සටහන් විය. ඉදිරි පෙළ පිතිකාරිණියන් එකා පිට එකා දැවී යද්දී ලකුණු වේගය වැඩි කිරීම කෙසේ වෙතත් කඩුල්ලේ රැඳීමට හංසිමාට සිදු විය. ලකුණු 19කින් සමන්විත හර්ෂිතාගේ ඉනිම සඳහා ඇය පන්දු 35කට මුහුණ දී තිබුණි.
ජය පරාජයෙන් තොර රන් මහ සටනේ වැඩි ගෞරව පානදුරට
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහ විද්‍යාලය අතර පැවති 67 වැනි රන් මහා සටන අද (23)…
ඇයට වඩා හාත්පසින්ම වෙනස් තරමක් වේගවත් ඉනිමක් දියත් කළ ඕෂධී රැස් කළ ලකුණු 20 සඳහා ඇය පන්දු 24කට පමණක් මුහුණ දුන්නාය. අනෙක් අන්තය කඩා වැටෙද්දී සිය අන්තය ආරක්ෂා කර ගත් ඕෂධී සිය ඉනිමට එක් හතරේ පහරක් එල්ල කර තිබුණි. ඔවුන් දෙදෙනාට පසු ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූ එකම පිතිකාරිණිය බවට පත්වූයේ ඉමල්කා මෙන්ඩිස් (14) පමණි.
පන්දු යැවීමෙන් ලින්සේ ස්මිත් ලකුණු 18කට කඩුලු 3ක් ලබා ගනිද්දී ශ්‍රබ්සෝලේ සහ ෆ්‍රෙයා ඩේවියස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. දෙරට අතර පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස තරගය ලබන 26 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















