නාවික කඳවුරට පොලිසියෙන් කඳුළු ගෑස්!

ඩයලොග් රග්බි ලීග් තරගාවලිය - 2019

295
police sc

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තවත් තරගයක් නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (13) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී ලකුණු 18-26ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගාරම්භයේ දී පටන් පිටිය ආක්‍රමණය කරමින් ක්‍රීඩා කළ නාවික හමුදාව තරගයේ 4 වැනි විනාඩියේ දී පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට රවීන් ද සිල්වා සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (නාවික 05 – 00 පොලිස්)

තරගයේ පස්වැනි විනාඩියේ දී නාවික ක්‍රීඩක රදීෂ සෙනෙවිරත්න ක්‍රීඩකයෙකු අනාරක්ෂිතව මෙල්ල කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් විනිසුරු හසන්ත වේරංග ඔහුට කහ කාඩ්පතක් නිකුත් කළේය.

තරගයේ 21 වැනි විනාඩියේ දී නාවික හමුදාවේ ක්‍රීඩකයෙකු අනවශ්‍ය ලෙස මෙල්ල කිරීමට තැත්කිරීම හේතුවෙන් පොලිස් ක්‍රීඩක වගීෂ වීරසිංහට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ පොලිස් ක්‍රීඩා සමාජය ක්‍රීඩකයින් 14කට සීමා කරමිනි. එම අවස්ථාවෙන් හිමි වූ දඬුවම් පහර සාර්ථක කරමින් ලකුණු තුනක් තමන් සතු කරගන්නට නාවික ක්‍රීඩක චතුර සෙනෙවිරත්න සමත් විය. (නාවික 08 – 00 පොලිස්)

නැවතත් තරගයේ 30 වැනි විනාඩියේ දී නාවික හමුදා ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් විනිසුරු හසන්ත නාවික හමුදාවේ චරිත් සිල්වා හට කහ කාඩ්පතක් නිකුත් කළේය. 

තරගයේ 38 වැනි විනාඩියේ දී තම ඉදිරිපෙළ ශක්තිමත්භාවය විදහාපාමින් ඉදිරියට ඇදුණු පොලිස් ක්‍රීඩක රසිත් සිල්වාගේ ආධාරයෙන් තම පළමු උත්සහ කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය පහසුවෙන් සාර්ථක කර ගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (නාවික 08 – 07 පොලිස්)

ප්‍රථම අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 08 – 07 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය ආරම්භ වූ විගස පොලිස් ක්‍රීඩා සමාජය වෙතින් සිදු වූ අත්වැරදීමකට නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙත දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගනිමින් දෙවැනි අර්ධයේ පළමුවැනි ලකුණු තුන රැස්කිරීමට නාවික ක්‍රීඩක චතුර සෙනෙවිරත්න සමත් විය. (නාවික 11 – 07 පොලිස්)

නැවතත් තරගයේ 51 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වුණු ළහිරු පවිත්‍ර පහසුවෙන් පොලිස් ක්‍රීඩා සමාජයට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි කර ගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (නාවික 11 – 14 පොලිස්)

තරගයේ 62 වැනි විනාඩියේ දී විනිසුරු නාවික හමුදා ක්‍රීඩක සේරු ලවුයිලාටි හට කහ කාඩ්පතක් නිකුත් කළේ විනිසුරු විධානවලට අවනත නොවෙමින් ක්‍රීඩා කිරීම හේතුවෙනි.

නැවතත් තරගයේ 66 වැනි විනාඩියේ දී වේගවත් ධාවනයක නිරත වුණු සචිත් සිල්වා පහසු උත්සාහක දිනුමක් වාර්තා කළේ නාවික හමුදා පසුපෙළ අන්දමන්ද කරමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (නාවික 11 – 19 පොලිස්)

තරගයේ 69 වැනි විනාඩියේ දී ඉමොසි වුනිවොසා වේගයෙන් දිවයමින් පන්දුව සුජාන් කොඩිතුවක්කු අතට පත් කළ අතර නාවික හමුදා ධවල රේඛාව පසුකර යමින් පොලිස් ක්‍රීඩා සමාජයේ හතරවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කිරීමට ජනිත් චන්දිමාල් සමත් විය. (නාවික 11 – 26 පොලිස්)

තරගයේ අවසන් විනාඩියේ දී ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ ශෙවෝන් ග්‍රෙගරි නාවිකයින්ගේ ඉදිරිපෙළ මනා ලෙස හසුරවමින් තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඉසුරු කෝන්ගහවත්ත සමත් විය. (නාවික 18 – 26 පොලිස්)

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 18 – 26 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ඉමොසි වුණිවොසා (පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය –  රවීන් ද සිල්වා 1T, ශෙවෝන් ග්‍රෙගරි 1T, ඉසුරු කෝන්ගහවත්ත 1C, චතුර සෙනෙවිරත්න 2P 
  • පොලිස් ක්‍රීඩා සමාජය – රසිත් සිල්වා 1T, ලහිරු පවිත්‍ර 1T, සචිත් සිල්වා 1T, සුජාන් කොඩිතුවක්කු 1T, ජනිත් චන්දිමාල් 4C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<