2018 ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය පසුගියදා පැවැත්වුනා. එහි අවසන් මහා තරගය දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් අවලංගු කිරීමට සිදු වූ අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම ශූරතාවය ලබාදීමට තරග සංවිධායකයින් කටයුතු කරනු ලැබීය.
කිරුළු බිඳ වැටෙන තරගකාරී සීගිරිය රැලික්‍රොස් තරගාවලිය
ශ්‍රි ලංකාවේ එකම රැලික්‍රොස් (Rallycross) තරගාවලිය වන සීගිරිය රැලික්‍රොස් තරගාවලිය…..
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව යන කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පැවැත්වූ තුන්කොන් තරගාවලියේ මූලික වටය තුල ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහභාගි වූ තරග සියල්ලම පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය.
පසුගිය 22 වැනිදා පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද, ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසාවෙන් සම්පූර්ණ ක්‍රීඩා පිටියම අධික තෙත බරිත 
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ 2017/18 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය (Tier A) නියෝජනය කරමින් තරග වැදුණු අතර ගුවන් හමුදා කණ්ඩායම එහි B (tier B) කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලිය අවසන් කරන ලදි.
ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී ද පිරිමි ක්‍රිකට් තරගාවලිය පුරාවටම දස්කම් දැක්වූ ඩී. ඩී. ද. සොයිසා තරග 4ක් තුළ අර්ධ ශතක දෙකක් ඇතුළුව මුළු ලකුණු 139ක් ලබාගෙන යුද හමුදා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පන්දු යැවීමේ දී එම්. ජේ. එස්. පෙරේරා ලකුණු 77ක් තුළ කඩුලු 12ක් දවාලමින් යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ දී දස්කම් දක්වන ලදි.
කොදෙව් සංචාරයේ කිසිදු වෙනසක් නෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සඳහා කැරිබියන් දූපත්වල සංචාරයක නිරත වීමට….
යුද හමුදා කණ්ඩායමේ පිතිකරණ හා පන්දු යැවීමේ දත්ත වාර්තාව

දිලීප් තාරක, සංජු ජයසේකර හා ගුවන් හමුදා නායක රංග දිසානායක තරගාවලිය පුරාවට හොඳින් පිතිකරණයේ යෙදෙමින් මුළු ලකුණු 100 සීමාව ඉක්මවා ලකුණු ලබාගැනීමට සමත් විය.

පසු ගිය වර්ෂයේ පැවති මෙවැනි ආරක්ෂක සේවා පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම ශූරතාවය දින ගැනීමට සමත් විය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















