කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු වරට පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (23) ක්‍රියාත්මක වුනා.
මෙම තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වූ අතර, එම බාධා මධ්‍යයේ ඩී.එස්. ක්‍රීඩකයින් විසින් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් නියමිත පන්දුවාර 18 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ඩී.එස්. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා ලෙස රනුමිත සෙහස් විසින් පන්දු 38ක් වැය කරමින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ එක් හතරේ පහරකින් වර්ණවත් වුනා.
මීට අමතරව මලිත පෙරේරා ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා. මහානාම විද්‍යාලය වෙනුවෙන් දුල්නිත් සිගේරා සහ චාමික හීනටිගල විසින් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මින් අනතුරුව මහානාම ක්‍රීඩකයින් තරගයේ පිළිතුරු ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පිවිසුණු අතර, මෙහි දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් දුල්නිත් සහ සිනෙත් වීරරත්න විසින් ලකුණු 54ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා ම ලකුණු 28 බැගින් ලබා ගැනීමට ද සමත් වුනා.
කෙසේ වෙතත් මෙතැනින් පසුව මහානාම ඉනිම තරමක බිඳ වැටීමකට ලක් වූ නමුත්, පසුව ක්‍රියාත්මක වූ සිතුම් විහඟ විසින් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් පන්දු 19කින් ලකුණු 42ක් ලබා ගත්තේ හයේ පහර සහ හතරේ පහර 3 බැගින් ඉනිමට එක් කර ගනිමිනුයි.
එම විශිෂ්ට ඉනිමත් සමඟ 16 වැනි පන්දුවාරය නිමා වන විට මහානාම ක්‍රීඩකයින් විසින් කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා සිටිය දී තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වුනා.
ඒ වන විට DLS න්‍යාය අනුව මහානාම ක්‍රීඩකයින් තරගයේ ජය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 9ක් ඉදිරියෙන් සිටි අතර, මේ අනුව තරගයේ ජය මහානාම විද්‍යාලයට හිමි වුනා.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<