දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන නව විස්සයි විස්ස ලීග් තරගාවලිය ‘SA20’ ලෙස නම් කර තිබෙනවා.
තරගාවලියේ ප්‍රධාන සංවිධායක Graeme Smith ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳව නිවේදනය කළා.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, 2023 ජනවාරි – පෙබරවාරි කාලසීමාවේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.
තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්වන අතර එම කණ්ඩායම් 6 ම IPL කණ්ඩායම් හිමිකරුවන්ගේම කණ්ඩායම් වීම විශේෂත්වයක්. එම කණ්ඩායම් සියල්ලම මේ වන විට marquee ක්‍රීඩකයින් දෙදෙනෙක්ගේ සිට පස්දෙනෙක් දක්වා සංඛ්‍යාවක් සිය කණ්ඩායම් වෙත එක් කරගෙන තිබෙනවා. සෑම කණ්ඩායමකටම ඇමරිකානු ඩොලර් මිලියන 2 බැගින් වූ සීමාවක් යටතේ උපරිම ක්‍රීඩකයින් 17 දෙනෙකු මිලට ගත හැකියි.
- මයිකල් ස්ලේටර් හට තවත් චෝදනා
- ඇෆ්ගනිස්ථාන පහණින් ශ්‍රී ලංකාවට එළියක්
- ශහීන් ෂා අෆ්රිඩිට ලන්ඩනයේ දී ප්‍රතිකාර
- Hardikගේ වික්‍රමයෙන් ජයග්‍රහණය ඉන්දියාවට
Marquee ක්‍රීඩකයින් කාණ්ඩය යටතේ Johannesburg Super Kings කණ්ඩායම ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය කණ්ඩායමට එක් කරගෙන තිබීම විශේෂත්වයක්.
සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් 7ක් හා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 10ක් බැගින් මිල දී ගැනීමට හැකියාව තිබෙනවා. තරගයක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා තුළට ක්‍රීඩා කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු පමණයි.

cricinfo ඇසුරින්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















