වසර හතරක ඇවෑමෙන් පසුව ක්‍රියාත්මක වීමට නියමිත Champions League පාපන්දු තරගාවලියේ කණ්ඩායම් බෙදා වෙන් කිරීම පසුගිය දා සිදු වුනා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් වසර දෙකකට පසුව නැවතත් මෙම තරගාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව මීට පෙර දැනුම් දුන් අතර, තරගාවලිය නොවැම්බර් මස 07 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගී වීමට නියමිත අතර, Matara City Club, Java Lane SC, Pelicans SC, Serendib SC, Crystal Palace SC, St. Mary’s SC, Super Sun SC, SLTB SC, Saunders SC, Moragasmulla SC, Sri Lanka Police SC, New Star SC, Solid SC සහ Negombo Youth SC මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් බව ප්‍රකාශයට පත් කෙරුණා.
මෙහි දී එක් කාණ්ඩයකට කණ්ඩායම් 07 බැගින් බෙදා වෙන් කර, එම එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් හය සමඟ මෙහි දී ක්‍රීඩා කිරීමට නියමිතයි. මූලික වටය එසේ ක්‍රියාත්මක වීමෙන් අනතුරුව එක් කාණ්ඩයකින් මුල් ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් හතර බැගින් කණ්ඩායම් අටක් සුපිරි අට වටයට සුදුසුකම් ලබනවා.
එමෙන්ම මෙහි දී ඉතිරි වන කණ්ඩායම් 06න් අවසන් ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් League 01 තරග දක්වා පහතට වැටෙන අතර, සුපිරි අට වටයේ මුල් ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් 2026 Super Leauge තරග සඳහා සුදුසුකම් ලබනු ඇති.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් කාණ්ඩවලට බෙදා වෙන් කිරීම පසුගිය බදාදා (01) සිදු වූ අතර, එහි දී කණ්ඩායම් මේ අයුරින් A සහ B කාණ්ඩ යටතේ බෙදී ගියා.
A කාණ්ඩය
Java Lane SC
Saunders SC
New Star SC
Serendib FC
SLTB
Negambo Youth FC
Crystal Palace FC
B කාණ්ඩය
Matara City Club
Solid SC
Moragasmulla SC
SL Police SC
Super Sun SC
Pelicans SC
St.Mary’s SC
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.






















