2025 Champions League පාපන්දු තරගාවලියේ පළමු සතියේ දෙවැනි තරග දිනය ඊයේ (22) ක්‍රියාත්මක වුනා.
ඊයේ දිනය තුළ ද තරග ද්විත්වයක් ක්‍රියාත්මක වූ අතර, එම තරග Saunders සහ Crystal Palace ක්‍රීඩා සමාජ අතරත්, Serandib සහ SLTB කණ්ඩායම් අතරත් පැවැත්වුණා.
Serandib සහ SLTB
මෙම තරගය සම්පූර්ණයෙන්ම පාහේ Serandib කණ්ඩායමේ ආධිපත්‍යයට නතු වූ එකක් ලෙසයි ක්‍රියාත්මක වුනේ. මෙහි දී තරගයේ පළමු අර්ධයෙන් ම Serandib ක්‍රීඩකයින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය සාධක සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර, පළමු අර්ධය තුළ ඔවුන් ගෝල හයක් වාර්තා කර ගැනීමට සමත් වුනා.
මේත් සමඟින් SLTB ක්‍රීඩකයින්ට දෙවැනි අර්ධය තුළ එම ගෝල සංඛ්‍යාව හඹා යාමේ මෙන්ම, Serandib ක්‍රීඩකයින් තවත් ගෝල වෙත යාම නතර කිරීමේ අභියෝගය ද එල්ල වුනා. මෙහි දී Serandib ක්‍රීඩකයින්ට තවත් ගෝල ලබා ගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන් නමුත්, ගෝල ලබා ගැනීමට SLTB ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.
ඒ අනුව Serandib ක්‍රීඩකයින් තරගයෙන් පහසු ජයක් ලබා ගත්තා.
Serandib 6 – SLTB 0
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
Saunders SC සහ Crystal Palace
මෙම තරගයේ දී දෙපිළම කරට කර සටනක නිරත වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබමින් තරගයේ සම මට්ටමින් රැඳී සිටීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී වඩාත් ආක්‍රමණශීලී තරහ රටාවකට අවතීර්ණ වූ Saunders ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගනිමින් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, Crystal Palace ක්‍රීඩකයින්ට ගෝල වාර්තා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
Saunders 2 – Crystal Palace 1
තරගාවලියේ පළමු සතියේ තෙවැනි දිනය අද ක්‍රියාත්මක වීමට නියමිතයි.
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<






















